සරසවි ඇදුරු සාකච්ඡා විසඳුමකින් තොරව අවසන්

ඊයේ (06) සවස විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නියෝජිතයින් සහ ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාතීරණයකින් තොරව අවසන් වී ඇතැයි වාර්තා වේ.   
ආණ්ඩුව පාර්ශ්වයෙන් මෙම සාකච්ඡාවට චරිත රත්වත්තේ, ජගත් වැල්ලවත්ත, ධම්ම දිසානායක යන මහත්වරුන්ද සාකච්ඡාවට සහභාගි වී තිබේ. නැවත ලබන සඳුදා (08) දිනයේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර මහතා මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද පැවැසේ.