අවිශිබම පාගමන පිළිබඳ මතුව ඇති සාවද්‍ය කරුණු පිළිබඳවයි...
විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ පාගමන ගාල්ලෙන් ඇරඹීමත් අවිශිබම පාගමන පේරාදෙණිය සරසවියෙන් ඇරඹීමත් පිළිබඳ සාවද්‍ය අදහස් මේ වන විට පැතිරයමින් ඇත. මෙම පාගමනට පෙර කි‍්‍රයාමාර්ග විශාල ප‍්‍රමාණයක් හරහා ආචාර්ය අරගලයට අවිශිබම සිය සහාය පලකර තිබේ.
අවිශිබම සටන් පාඨය වූයේද සරසවි ආචාර්ය හා අනධ්‍යන සේවක ගැටලූ විසඳා සරසවි විවෘත කරනු යන්නයි. එහෙත් මෙම පාගමන පිළිබඳ නැගුණු ප‍්‍රධාන ගැටලූ 2 ක් ඇත. පළමුවැන්න ආචාර්ය සංගමය තෝරාගෙන ඇති සටන් පාඨය පිළිබඳ ගැටලූවයි. ‘රාජ්‍ය අධ්‍යාපනය සුරකිමු’ යන්න ඔවුන්ගේ සටන් පාඨයයි. අවිශිබම සටන් පාඨය වන්නේ ‘නිදහස් අධ්‍යාපනය දිනාගනිමු’ යන්නයි. එහි වෙනස පිළිබඳ යම් ශාස්තී‍්‍රය සංවාදයක් අවශ්‍ය බව අපි දකිමු.
දෙවැනි ගැටලූව වන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීම, පාසල් වැසීම, ප‍්‍රතිපාදන කැපීම යන සියල්ල ප‍්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නා දේශපාලන පක්ෂයක් වන එජාපය සමග එක්ව මෙම පාගමන යාමයි. ඉහත ප‍්‍රතිපත්ති පිළිගන්නා පක්ෂයක් වන එජාපය හා එවැනි පක්ෂ හැර අනෙක් කිසිඳු දේශපාලන පක්ෂයක් සමග කටයුතු කිරීමට අවිශිබමට ගැටලූවක් නොවේ. ඉදිරියේදීද ආචාර්ය අරගලයට අවශ්‍ය සහාය අපගේ දේශපාලන ස්ථාවරයන් පරදු නොතබමින් ලබාදීමට අප සූදානම්ය.

