විශ්වවිද්‍යාල ආචාර්ය අරගලයට වමේ සහාය...
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් පවත්වාගෙන යන අරගලය සඳහා සහයෝගය ලබාදීමට ආණ්ඩුවේ කොටස්කාර පක්‍ෂ වන ලංකා සමසමාජ පක්‍ෂය සහ ශ‍්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්‍ෂයේ වෘත්තීය සිමති තීරණය කර ඇත.
පසුගියදා ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැති ආචාර්යවරුන්ගේ වෘත්තීය සටනට සහාය දක්වන ඒකාබද්ද මාධ්‍ය හමුවට එම පක්‍ෂ දෙකේ වෘත්තීය සමිති නායකයන් වන එම්. රෂිඞීන් හා ඞී.ඩබ්. සුබසිංහ සහභාගී විය. එම මාධ්‍ය හමුවේදී වෘත්තීය සමිති අවධාරණය කර ඇත්තේ ආචාර්ය අරගලයට සහාය දීම සඳහා සැප්තැම්බර් 13 වනදා මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී වෘත්තීය සමිති ජාතික නියෝජත සම්මේලනයක් කැඳවන බවයි.

