කෙතරම් බාධා පැමිණියත් අරගලය අතහරින්නෙ නෑ - වැඩබලන කැඳවුම්කරු
සංජීව බණ්ඩාර සහෝදරයා අත්අඩංගුවට පත්වීම සම්බන්ධව හා අවිශිබම ඉදිරිකි‍්‍රයාමාර්ග පැහැදිලි කිරීම සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ (20) මරදාන CSR ශාලාවේදී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.
එහිදී අදහස් දැක්වු අවිශිබම වැඩබලන කැඳවුම්කරු චින්තක රාජපක්ෂ සහෝදරයා,
‘‘අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විධිහට අපි මේ මාධ්‍ය සාකච්ඡුාව පවත්වන්නේ අවිශබම කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා අත්අඩංගුවට පත්වීම සම්බන්ධව දැනුවත් කිරීමට මෙන්ම ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහායි.
මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල කඩාවැටීමක් තිබෙනවා. විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු අකර්මන්‍ය වෙලා මාස 2, 1/2 ක් ගතවෙලා. නිදහස් අධ්‍යාපනය විනාශවෙමින් යන යථාර්ථයක් ඇතුළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුනුත් සටන් මගට අවතීර්ණ වී තිබෙනවා. නිදහස් අධ්‍යාපයත්, අධ්‍යාපන නිදහසත් දිනාගැනීම උදෙසා ශිෂ්‍ය ව්‍යාපාර විසින් දීර්ඝ කාලයක් තිස්සේ මෙහෙය වු සටන් කි‍්‍රයාමාර්ග මෙන්ම ආචාර්ය අරගලයට සමගාමීව ගත් කි‍්‍රයාමාර්ග හරහාත් සමාජය තුළ ආණ්ඩුවට යම් දේශපාලන විරෝධයක් මතුවෙමින් ආවා. අපි මේ අත්අඩංගුවට ගැනීම දකින්නේ ඒ විරෝධය යට කරන්න ගත් නිහීන උපක‍්‍රමයක් විදියට.
ආචාර්ය, අනධ්‍යන ගැටලූ විසදා සරසවි යළි විවෘත කිරීමට ආණ්ඩුවට බලකරමින් ඊයේ (19) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට පැවැත් වූ සත්‍යග‍්‍රහය අතරතුර සංජීව සහෝදරයා තවත් සහෝදරවරු කිහිපදෙනෙකු සමග ජයවර්ධනපුර සරසවිය බලා යාමට පිටත් වුණා. කොළඹ නගර ශාලාව අසලදී බස් රථය අවහිර කර, පොලිස් ජීප් රථයක් නවත්වා සිවිල් ඇදුමින් සැරසුණු පුද්ගලයන් කිහිපදෙනෙක් බස් රථයට ගොඩවෙලා බස් රයෙන් එළියට ඇදල අරගෙන අනෙක් සහෝදරවරුන්ට තර්ජනය කරමින් බලහත්කාරයෙන් ජීප් රථයට නංවා ගන්නවා. ඔවුන් ළඟ වරෙන්තුවක් හෝ අනන්‍යතාව තහවුරු කිරීමේ කිසිවක් තිබුණේ නැහැ. ඒ නිසා අපි මේ සිද්ධිය පැහර ගැනීමක් කියල තමයි සලකන්නෙ.
පහුගිය දවස්වල මාලක සිල්වා, දුමින්ද සිල්වා වැනි පුද්ගලයින් රටේ නීතිය උල්ලංඝනය කරමින් සාක්ෂි පිට අසුවෙද්දිත් ඇහැ කන පියාගෙන සිටින රාජපක්ෂ ආණ්ඩුවේ නීතිය පොදු ජනතාවගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අභීතව සටන් කරන විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයව හිතුමනාපෙ අත්අඩංගුවට ගන්නවා.
සංජීව සහෝදරයා පෙනීසිටියේ මේ රටේ සමස්ත දුවාදරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන්. ඒ නිසා අපි තවදුරටත් ඒ අරමුණ වෙනුවෙන් කි‍්‍රයාත්මක වෙනවා. අපව නවත්වන්න කාටවත් බෑ. ජීවිත පවා පුජාකරල සටන් කරපු ඉතිහාසයක් සහිත ශිෂ්‍ය ව්‍යාපාරයක තමයි අපි ඉන්නේ. ඒ නිසා ඔහු පෙනී සිටි අරමුණ වෙනුවෙන් අපි අඛණ්ඩව සටන් කරනවා.
අවිශිබම ලෙස අපි ගන්නා ඉදිරි කි‍්‍රයාමාර්ග විදියට නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීම වෙනුවෙනුත් සංජීව බණ්ඩාර සහෝදරයා නිදහස් කරගැනීම වෙනුවෙනුත් සැප්තැම්බර් 24 දැවැන්ත පාගමනක් ආරම්භ කරනවා. අපි මේ වෙලාවේ හෘද සාක්ෂියක් ඇති, සමාජයේ ඉදිරි ගමන පිළිබඳ තැකීමක් ඇති සියලූදෙනාට ආරාධනා කරනවා අපේ මේ සටනත් එක්ක එකතු වෙන්න කියලා’’


