ආදරණීය මාමි වෙත...

මාමා කියා කියන්නද අයියේ කියා කියන්නද මට හිතා ගන්න බෑ අයියෝ, රනිල් නම් අයියා ඔයැයිට මම මාමි කියන්නම්. ඇත්තටම මාමි ඔයැයි උසස් අධ්‍යාපන ඇමති උනයින් පස්සේ මම කැම්පස් එකේ ඉන්න කාලෙට වැඩිය වැඩි කාලයක් ගත කරේ ගෙදර පවුලේ උදවිය එක්ක. අපිට එහෙම ගත කරන්න වෙන්නේ එක්කෝ වැකේශන් එකට නැති නම් වෙන විශේෂ නිවාඩු දවසක විතරයි.
අපේ ලෙක්චරස්ලටත් එහෙමයි. ඒ සර්ලට ගෙදර ඉන්න වෙලාවක් ඇත්තෙම නැති තරම්. දැන් ඒ අදුරු යුගය නෑ. ඔයැයි සෝ ගේ‍්‍රට් මාමි. මට ඔයාව අල්ලගෙන ඉබින්න හිතෙනවා. ඔයා කොට නිසා මට ඔයාගේ නලලම ඉඹින්න පුලූවන්. ඒත් ඉතින් රටේ මිනිස්සු මොනවා නොකියයිද මම ඔයාව ඉම්බොත්. එයාලට තේරෙන්නේ නෑ නේ මේ හැමදේම කරන්නේ ඔයා අපිට තියෙන ආදරේ නිසා කියලා.

ඇත්තටම මාමේ අර Z මෙව්වා මෙහෙම කරලා එහෙම එකතුකරන විදිහ කිව්වේ මාමා නේද? හොරා, ...බොරු කියන්න එපා හොදෙ. මම දන්නවා ඒක හොයාගන්න ඇත්තෙත් ඔයා කියලා. ඔයාගේ ඔය චූටි මොලේට ඔව්වත් මහ වැඩ නෙමේ නේ. මාමටයි මාමගෙ උසස් අමාත්‍යංශේ අයටයි ඊට පහල අමාත්‍යංශේ අයටයි පින් සිද්ද වෙන්න අපේ මල්ලි තාම ගෙදර. අපි අවුරුදු දහතුනක් ඉස්කෝලේ ගියා. මල්ලිටයි මටයි කතා කරන්න හම්බ වුන වෙලාවල් ගොඩක් අඩුයි. දැන් මමයි මල්ලි දවසේ පැය විසි හතරෙම කතා කරනවා. පොඩි කාලේ කරන්න බැරි උන සෙල්ලම් අපි දැන් කරනවා. ඊයේ ගිනි ගිනි බෝලේ කරා. පෙරේදා කොපර කොපර පිපිඤ්ඤා කරා. අද උදේ එලූවන් කන්න යනකොට මල්ලි සිංහයා උනා එළුවට ගන්න කෙනෙක් නැතුව ඒක අතර මග නැවැත්තුවා. අපරාදේ...ඒ වෙලාවේ මාමා ලග ඉදිය නම් කියලා හිතුනා.

දැන් කැම්පස් වල ඉන්නේ කොටි නේද මාමේ. අපේ අම්මලට නම් විකාර. මම නම් බයෙන් ඉන්නේ අපේ මල්ලිව කැම්පස් යවන්න. හදිස්සියේ මල්ලිගේ නරක තැනක් කොටියෙක් කෑවොත්, මොකෝ ආයේ වවන්න කියලද.. මාමා එක පාරක් පේරාදෙණියේ කැම්පස් එකට ඇවිල්ලා අර විවෘත කරපු මෙව්වා එකක් ආයේ විවෘත කරන්න ගිහින් කොටියා කෑව සිද්දිය අහනකොටත් ඇග කිලිපොලා යනවා. ඒක නෙමේ මාමේ.. සරසවි වල ඉන්න ඇදුරෝ හෙන නෝටි කට්ටිය නේද? දෙන දේ කාලා ඇදලා ඉන්නේ නැතුව තව අනම් මනම් ඉල්ලන්නත් එනවා. හ.. මට නම් පුදුම තරහක් එන්නේ එයාලා එක්ක. මේ කැම්පස් කියන ඒවා ඔක්කොම වහලා දාන්න ඕන. වහලා දාලා සල්ලි දීලා උගන්නන්න ඕන. එතකොට එයාලා ඉල්ලන දේවල් දෙන්න පුලූවන් නේ.

දැන් නම් කැම්පස් කියන එක අපිටත් එපා වෙලා තියෙන්නේ. මාමාට ඕන උනෙත් ඒක නේද? මාමා හරිම කුප්පයි මාමේ. ලබන අවුරුද්දේ කැම්පස් යන්න තේරුන ලමයි දැන් කොත්තු දානවා, කඩවල් ගානේ බඩු විකුනනවා.. අන්න බලන්න එයාලා ස්වයං රැකියා වල නියැලිලා ඉන්නේ. ඒක අපේ රටට කොච්චර හොදද? ලබන අවුරුද්දේ කැම්පස් එන ලමයි ගාන අඩු වේවි. ඊට පස්සේ තව අඩුවේවි. අපි මෙව්ව නැත්තටම නැති කරලා දාන්න ඕන. අන්න ඊට පස්සේ අර ලමයා කොත්තු දාලා, බඩු විකුනලා හම්බ කරන සල්ලි වලින් එයාටම එයාගෙ ඉගෙනීමට වියදම් කරගන්න පුලූවන්. අපේ අල්ලපු ගෙදර එකා මේ පාරත් විභාගේ ලිව්වා. මම දන්නවා ඌ මේ පාරත් ෆෙල්. අන්තිම ගොන් මැටි හරකෙක්. පොරගේ පන්තියේ ඉන්නේ හෙන බ‍්‍රයිට් කොල්ලෙක්ගෙන් කොපි කරන්න ගියාම ඌ පෙන්නුවේ නෑ කිය කිය අඩනවා. ආයේ පාරක් විභාගේ ලියන්න ගියොත් නම් මම ඌට කනට දෙකක් ගහනවා. ඇයි වදේ මෙච්චර හොද රස්සා තියෙද්දේ මොන ලබ්බකට මේ විභාගේ ලියනවද මංදා. ඊලග පාර ඡන්දේ ඉල්ලන්න දාලා ඌව ඡන්දෙන් දින්නවනවා. ඊට පස්සේ බැරියෑ පොරටත් උසස් අධ්‍යාපන ඇමති වෙන්න. නැද්ද මම අහන්නේ. ආන්න ඊට පස්සේ පුලූවන් අර කොපි කරන්න නොදුන්න එකාගේ පඩි අඩු කරන්න. කොච්චර ඉගෙන ගත්තත් මෝටර් බයික් එකෙක් ලෙක්චර්ස් දෙන්න යන කොට අර වෙඩි නොවදින මෙව්වා එකකින් ඇවිල්ලා කොලොප්පම් කරන්න.. හූ කියන්න..

මේ කරන කියන දේවල් වෙනුවෙන් මාමා ලබන ආත්මේ තව ටිකක් උස යන්න ඕන. ඉතින් මාමේ මම නවතින්නම්. මාමට තව තවත් අධ්‍යාපනේ කන්න ශක්තිය ලැබෙන්න ඕන. මාමා තව තව කෑගහන්න. තව තව කතා කියන්න. ඔය කක්කා කටින් පිටවෙන වචනයක් වචනයක් ගානේ රටේ මිනිස්සු ඇත්ත තේරුම් ගනීවි. ඔව් පරක්කු වෙලා හරි උන් ඇත්ත තේරුම් ගනීවි. 
මාමට කපිල වස්තු ධාතූන් වහන්සේලාගේ පිහිටයි 
මාමාගේ අම්මට දෙවි පිහිටයි (ඒක කැම්පස් වල කොල්ලෝ කියන්න කියලා කිව්වේ) 

**** රත්ගමයා *****