ජීව විද්‍යාව නව නිර්දේශයේ සිසුන්ට මෙවරත් අසාධාරණයක්...

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගේයේ ජීව විද්‍යාව විෂයයට පෙනී සිටි සිසුන්ට මෙවරද අසාධාරණයක් සිදුව ඇතැයි එම සිසුහු පවසති. ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍ර යේ පැරණි නිර්දේශය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම ඉතා පහසුවූ බව එම සිසුන් පවසන අතර, නව නිර්දේශයේ සිසුන් පවසන්නේ තමන්ට ලැබුනු ප්‍රශ්න ඉතා සංකීර්ණ බවයි. මේ නිසා මේ ප්‍රතිඵල මත සරසවිවලට සිසුන් තෝරා ගැනීමේදී ලැබෙන Z අගය සම්බන්ධයෙන් නැවත ප්‍රශ්න මතුවිය හැකි බව අධ්‍යාපනඥයෝ පෙන්වා දෙති.
මේ අතර, නව නිර්දේශය සඳහා පෙරේදා 6 වනදා ලබාදුන් ජීව විද්‍යා ප්‍රශ්න පත්‍ර යේ පළවන කොටසේ ප්‍රශ්න ජාතික අධ්‍යාපන ආයතනය විසින් සපයා ඇති දෙවැනි ගුරු අත්පොතට පටහැනිවී ඇතැයි ගුරුවරු චෝදනා කරති. ජීව විද්‍යාත්මක නාමය දක්වන ලෙස එම ප්‍රශ්න වල සඳහන් වන නමුත් ගුරු අත්පොත දෙකෙහි 68 සහ 69 පිටුවල සඳහන් වන්නේ ජීව විද්‍යාත්මක නම්වලින් මතක තබා ගැනීම අනවශ්‍ය බව යැයි ගුරුවරු පෙන්වා දෙති ඒ අනුව තමන් ශිෂ්‍යයින්ට ඉගැන්වූයේ එලෙස බවද ගුරුවරු කියති. මේ නිසා ඉන් සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

No comments:

Post a Comment