උසස්පෙළ ප‍්‍රතිඵල විකෘතියෙන් අසාධාරණයට ලක්ව ඇති සියලූ සිසුන්ට සාධාරණය ඉටුවන ක‍්‍රමවේදයක් සැකසිය යුතුයි...
විශ්වවිද්‍යාලවලට සිදුකරන බඳවා ගැනීම් වැඩිකර, උසස්පෙළ ප‍්‍රතිඵල විකෘතියෙන් අසාධාරණයට ලක්ව ඇති සියලූ සිසුන්ට සාධාරණය ඉටුවන ක‍්‍රමවේදයක් සැකසිය යුතුයි. උසස්පෙළ විභාග ප‍්‍රතිඵල සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති ගැටලූ පිළිබඳව පැහැදිලි කිරීඹ සඳහා ඊයේ (23) සවස මරදාන CSR ශාලාවේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අන්තර් විශ්විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග අනුව යමින් පැරණි හා නව විෂය නිර්දේශයන්ගේ ඉසෙඞ් අගයන් වෙනවෙනම ගණනය කොට, පිළිවෙළින් පෙළගස්වා සකස්කරන ලද විභාග ප‍්‍රතිඵලයක් නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළේය.
ඒ අනුව මේ වනවිට නව ගැටලූකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත. මීට පෙර බලධාරීන් විසින් දිගින් දිගටම නිවැරදියැයි ප‍්‍රකාශ කරන ලද විභාග ප‍්‍රතිඵලයන්ට අනුව විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා සුදුසුකම් ලබා සිටි විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් මේ වනවිට නව ප‍්‍රතිඵල නිකුතුවත් සමග සරසවි ප‍්‍රවේශ අවස්ථා අහිමී වී තිබේ.
මෙසේ අසාධාරණයට ලක්වී සිටින ශිෂ්‍ය සංඛ්‍යාව දිවයින පුරා දහස් ගණනකි. මොවුහු සියලූදෙනාම පාහේ උසස්පෙළ විභාගය ඉහළින්ම සමත් වූවෝ වෙති. මේ අතර ඒ සාමාර්ථ ලබාගත් සිසුන් ප‍්‍රමාණය සිය ගණනකි. මෙසේ මේ ශිෂ්‍යයින්ට අසාධාරණයක් සිදු වී ඇති බව සැබෑ නමුත් මෙවර නිකුත් කළ ප‍්‍රතිඵලයද වෙනස් විය යුතු යැයි ඉන් අදහස් නොවේ. මෙම අසාධාරණයට බලපා ඇත්තේ මේ පිළිබඳව විද්වතුන් ආචාර්ය මහාචාර්වරුන් සිසුන් දෙමාපියන් දිගින් දිගටම ප‍්‍රතිඵලය වැරදියැයි කියද්දීත් ආණ්ඩුව එය නොසලකා හරිමින් ප‍්‍රතිඵල නිවැරදිය යන ස්ථාවරයේම සිටීමයි. ආණ්ඩුව අවසාන මොහොත දක්වාත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබාදෙන තුරුත් කියා සිටියේ ප‍්‍රතිඵල නිවැරදි බවයි.
එම නිසා මෙසේ අද ලකුණු වෙනස්වීම නිසා අසාධාරණයට ලක් වූ සිසූහු ආණ්ඩුව කීපරිදි ප‍්‍රතිඵල නිවැරදියැයි විශ්වාස කළ සිසුන් වෙති. ඔවුන් ආණ්ඩුව කීදේ විශ්වාස කළ නිසාම විශ්වවිද්‍යාලවලට යාමට බලා සිටි අතර මෙවර විභාගය සඳහා සූදානම් වූයේද නැත. අද ඔවුන්ගේ ප‍්‍රතිඵල වෙනස් වී සරසවි වරම් අහිමි වී තිබේ. එපමණක් නොව මෙවර විභාගයටද ඉදිරිපත් වීමේ හැකියාවක් නැත.
ආණ්ඩුව නම් කියන්නේ සතියක් ඇතුළත විභාග අයදුම්පත් ලබාදීමට කටයුතු කරන බවයි. එහෙත් අප කියන ප‍්‍රශ්නය වනුයේ උසස්පෙළ වැනි අතිශය තරගකාරී විභාගයක් සඳහා සතියකින් සූදානම් වන්නේ කෙසේද යන්නයි. මෙය හතරබීරි කතාවක් වන්නේ ඒ නිසාය. මේවා කියන බාලධාරීහු ජනතාව හරක්යැයි සිතා ඉන්නවා විය හැකිය. එහෙත් ජනතාව මැතිඇමතිවරුන් සේ අම්බරුවන් නොවන බව කිවයුතුව ඇත.
‘‘ආණ්ඩුව ඊයේ පෙරේදා වෙනකම්ම කිව්වෙ ප‍්‍රතිඵල නිවැරදියි කියලා. ඒ නිසා තමයි අද මේ අසාධාරණයට ශිෂ්‍යයින්ට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. මේ අතර ඉන්න ශිෂ්‍යයෝ ඉතාම දක්ෂ අය. ඉහළම ලකුණු ලබාගෙන තියෙනවා.
නිදසුන් ගණනාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. මාතර තෙරේෂා දිශානි ශිෂ්‍යයාව ඒ 3 ක් ලබාගෙන දිස්ති‍්‍රක් කුසලතාව 232 වන ස්ථානය ලබාගෙන තිබුණා. ප‍්‍රතිඵල වෙනසත් එක්ක ඇගේ දිස්ති‍්‍රක් කුසලතාව 523ක් වෙලා. මාතරින් කලා අංශයෙන් බඳවා ගන්නේ 325 ක් පමණ ප‍්‍රමාණයක්. කලින් මේ ශිෂ්‍යයාව විශ්වවිද්‍යාල ප‍්‍රවේශ අවස්ථාව තිබුණා. දැන් ඒ අවස්ථාව අහිමි වෙලා. අපි අහනවා. ඒ 3 ක් ගත්තත් සරසවි යන්න බැරිනම් මොකක්ද මේ අධ්‍යාපනය ඇතුළෙ තියෙන සාධාරණය.
මෙවැනි සිසු සිසුවියන් ගණනාවක්ම ඉන්නවා. හම්බන්තොට තුෂාර විමුක්ති ඒ 3 ක් අරන් දිස්ති‍්‍රක්කයේ 4 වැනියා වුණා. හම්බන්තොටින් සරසවි ගන්නේ 210 ක් පමණයි. දැන් ඔහු 216 වැනියා. ඔහුටත් සරසවි වරම් අහිමි වෙනවා.
වාණිජ අංශයෙන් හම්බන්තොටින් ඉදිරිපත් වුණු කපිල කුමාර ඒ 2 බී 1 ලබාගෙන දිස්ති‍්‍රක්කයේ 97 වෙනියා වෙලා හිටියා. දැන් ඔහු 120 වැනියා. ඔහුටත් සරසවි යන්න බෑ. පියුමි වත්සලා විද්‍යා අංශයෙන් නුවරින් ඒ 1 බී 2 ක් ලබාගෙන දිස්ති‍්‍රක්කයේ 35 වෙනියා වෙලා හිටියා. දැන් 42 වැනියා. මේ ප‍්‍රතිඵලත් එක්ක ඇයට වෛද්‍ය පීඨයට එන්න බෑ.
රට පුරා දහස් ගාණක් මෙසේ අසාධාරණයට ලක්වෙලා ඉන්නවා. මොවුන් හැමෝම දක්ෂයෝ. අද ජීවිතේ සියලූම බලාපොරොත්තු බිඳවැටිලා විශාල මානසික පීඩාවක් විඳිනවා. සියදිවි නසාගන්න මට්ටමට පත්වෙලා ඉන්නවා. මේවාට ආණ්ඩුව වගකිව යුතුයි.
අපි කියනවා මොවුන්ට සාධාරණය ඉටුකරන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි කියලා. ඒ සඳහා කයිවාරු ගහලා වැඩක් නෑ. විශ්වවිද්‍යාලවලට කරන බඳවාගැනීම් වැඩිකරලා මෙම සිසුනුත් බඳවාගන්න කටයුතු කළ යුතුයි. අපි දන්නවා ඒකට විශ්වවිද්‍යාලවල ඕනනම් ඉඩ තියෙනවා. සමහර අවස්ථාවල ශිෂ්‍ය කණ්ඩායම් දෙක බැගින් බඳවාගත් අවස්ථා විශ්වවිද්‍යාලවල තියෙනවා. ඒ නිසා අපි කියනවා මේ මොහොතේ ආණ්ඩුව බඳවා ගැනීම් වැඩිකර සිසුන්ට සාධාරණය ඉටුකළ යුතුයි කියලා.
ඒ සඳහා අපි ආණ්ඩුවට බලකරනවා. ඒ වෙනුවෙන් බලකරන උද්ඝෝෂණ හෙට සිට ආරම්භ කරනවා. ඒ වටා එකතු වෙන්න, පෙළගැහෙන්න කියල අපි සිසුන්ගෙන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.’’ යනුවෙන් සංජීව බණ්ඩාර වැඩිදුරටත් පැවසීය.
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment