ජාතික ශිෂ්‍ය වීර දිනය අභිමානවත්ව සැමරේ...

අධ්‍යාපන අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙනුත් යුක්ති ගරුක සමාජයක් බිහිකිරීම වෙනුවෙනුත් කරන ලද අරගලයේ දී තම ජිවිත කැප කළ විරු සිසු, සිසුවියන් සමරණ ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම 2012 ජුනි 20 කොළඹ නව නගර ශාලාවේ දී විශ්වවිද්‍යාල සහ පාසල් සිසු සිසුවියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මගින් පවත්වන ලදී.
මෙහීදී විරු සිසු චායාරූප ප‍්‍රදර්ශනයක්, නාට්‍ය දර්ශනයක් සහ විරු ගී ප‍්‍රසංගයක් ද පැවැත්වුණි. 
මෙහිදී අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා පැවසුවේ ‘‘එදා අතීත විරු සිසුවන්ගේ ජීවන ආදර්ශයන් අද මුළුමහත් සමාජයක් ඉල්ලා සිටින මොහොතක මෙය සැමරුමකට පමණක් සීමා නොකර, අප ජීවිත තුළින් එය පෙන්විය යුතු බවත් නිදහස් අධ්‍යාපන අයිතිය දිවි හිමියෙන් සුරක්ෂිත කරන’’ බවයි. 

ශිෂ්‍ය වීර දින සැමරුමේ අවස්ථා කිහිපයක්




No comments:

Post a Comment