අපේ පාසැල් වලට මොකද වෙන්නෙ.


අධ්‍යාපන අමාත්‍යංශය විසින් අසාර්ථක පාසල් ලෙස පෙන්වා වසා දමන පාසල්වල යුද හමුදා කඳවුරු පිහිටුවීමට ආරක්ෂක අමාත්‍යංශය පියවරගනිමින් සිටින බව මේ වන විට  පැහැඳිලි වේ.තිහගොඩ, වටගෙදර අත්තදස්සී කණිෂ්ඨ විද්‍යාලයේ යුද හමුදා කඳවුරක් ස්ථාපිත කර ඇති අතර තුන්වන ගැමුණුහේවා බල ඇණියේ බී කණ්ඩායම එහි කඳවුරු ගොඩනැගීමේ කටයුතුවල නිරත වෙයි.


සපිරි පාසල් ව්‍යාපෘතිය යටතේ ද්විතීක පාසල් දහසක් සංවර්ධනය කිරීමට තෝරාගන්න බව පවසමින් තවත් පාසල් අටදහසක් වැසීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය විසින් ප්‍රකාෂ කර සිටි.එම පාසල් අතුරින් භූමියේ වැදගත්කම සලකා අදාල පාසලේ සිසුන් වෙනත් පාසලකට අනුයුක්ත කර දිස්ත්‍රික්ක 22ක මෙම කදවුරු පිහිටුවීමට සැලසුම්කර ඇති බවත් සෑම දිස්ත්‍රික්කයකම හමුදා කණ්ඩය බැගින් ස්ථාපිත කර අනතුරුව සෑම මැතිවරණ කොට්ඨාශයකම එක් යුද හමුදා කඳවුරක් බැගින් පිහිටුවීමට වසා ඇති පාසල් යොදා ගැනීමට සැලසුම්කර තිබේන බව වැඞි ඳුරටත් වාර්තා වේ.මේ වන විටත් රජ්ගම දේවපතිරාජ විද්‍යාලය සහ කිරිදිවැල දංගල්ල කනිෂ්ඨ විද්‍යාලය වසා දමා යුද හමුදා කදවුරු ස්ථාපිත කරමින් පවතියි.