විහඟ සැදැව 2011

සරසවි සිසුන් යනු කාලකණ්නින් පිරිසක් යැයි නම් කර ඇති වකවානුවක,ඉතා සංකීර්ණ කාල සටහනක් තුළ කටයුතු කරන සරසවි සිසුන් පාසල් සිසුන් පරිදි මෙහෙයවීමට පාලකයන් කටයුතු කරන අවධියක,එම අභියෝගයට සාර්ථකව මුහණ දෙමින් රුහුණ සරසවි ප‍්‍රථම වසර සිසුන් සංවිධානය කරනු ලබන ගී පැදුර 2011/08/25 දින පැවැත්වීමට සියලූ කටයුතු සංවිධානය කර ඇත.
කලාව සංස්කෘතිය ඉතිහාසය අමතක කර යාන්ත‍්‍රක සිසුන් බිහිකරන අධ්‍යාපන ක‍්‍රමවේදයක් පාසලේ සිට සරසවි දක්වා කි‍්‍රයාත්මක වුවත්, සරසවි සිසුන් ඉතිහාසය අමතක කළ, කලාවෙන් තොර,එහෙයියන් පිරිසක් බවට පත්කරන කි‍්‍රයාවලියක් කි‍්‍රයාත්මක මෙම වකවානුවේ සරසවි සිසුන්ගේ සැබෑ වගකීම උදෙසා කටයුතු කරන බව මෙම වැඩ සටහන සංවිධානය කරන ප‍්‍රථම වසර සහෝදර සිසු සිසුවියන් ප‍්‍රකාශකර සිටී.
අධ්‍යාපනයට හෝ රටේ කලාව හෝ ඉතිහාසය අන් කවර තැනකින් අතුගා දැමුවද සරසවි තුළින් කිසිදාක අතුගා දැමිය නොහැකි බව මෙම ගී පැදුර සාක්‍ෂියක් බව බොහෝ දෙනෙකුගෙ මතය වී ඇත.මෙම වැඩ සටහන මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ,කළමනාකකරණ හා මුල්‍ය පීඨයේ මෙන්ම ධීවර සහ සාගර විද්‍යා හා තාක්‍ෂණ පීඨ ප‍්‍රථම වසර සිසුන් විසින් සංවිධානය කරනු ලබයි.