අද පැවැත්වෙන සයිටම් විරෝධී උද්ඝෝෂණයට ජනතා බලවේග සම්බන්ධවීම වැලැක්වීමට ගෙන යන ව්‍යාජ ප‍්‍රචාරයන් සම්බන්ධවයි.

නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් වනසන මාලබේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු! යන සටන් පාඨය යටතේ 2017 මාර්තු 08 (අද) දින ප‍්‍රධාන මාවත් 4 ක් ඔස්සේ පාගමනින් කොළඹ දක්වා පැමිණ පැවැත්වීමට නියමිත සයිටම් විරෝධී ජනතා රැලියට ජනතා බලවේග සම්බන්ධවීම වැලැක්වීම සඳහා
අන්තර්ජාල වෙබ් අඩවි, FACEBOOK හා SMS පනිවිඩ හරහා ව්‍යාජ ප‍්‍රචාරක මෙහෙයුමක් දියත් වෙමින් ඇත.
එකී ප‍්‍රචාරයන්ට අනුව මුලින්ම ව්‍යාජ SMS  පණිවිඩයක් වෛද්‍යවරුන් හා සිසුන් අතරේ හුවමාරුකොට ඇති අතර එහි  ''

Ex-core decided not to attend 8th rally organized by inter university union. cz it consists of 10 demands like closing NSBN, not to take school like that. Nationalization only one of ten. our fight is for SAITM only. We cannot support for political agendas”

අන්තරය ම`ගින් 8වෙනිදා පවත්වන රැුලියට සම්බන්ධ නොවීමට විධායක කමිටුව තීරණය කරන ලදී. මක්නිසාද එය NSBM වසාදැමීම, පාසල් වලින් ඇතුළත්වීමේ ගාස්තු අයකිරීමට එරෙහි වීම, ආදී ඉල්ලීම් 10ක් ඇතුළත් බැවිනි. ජනසතු කිරීම මේ දහයෙන් එකක් පමණි. අපේ සටන සයිටම් වෙනුවෙන් පමණි. අපට දේශපාලන න්‍යායපත‍්‍ර වෙනුවෙන් සහය දැක්විය නොහැක යනුවෙන් එහි සඳහන්ව තිබුණි. මෙම SMS පණිවිඩය දවස පුරා සිසුන් අතරේ හුවමාරු කරමින් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අද පැවැත්වෙන ක‍්‍රියාමාර්ගයට සම්බන්ධ නොවන බවට කට කතා පතුරුවන ලද නමුත් පසුව අප වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයෙන් විමසූවිට දැනගන්නට ලැබුණු පරිධි ඔවුන් එවැනි තීරණයක් ගෙන හෝ සිය සාමාජිකයින් අතරේ එවැනි පණිවිඩයක් බෙදාහැර හෝ නොතිබුණි. 
SMS පනිවිඩය මෙම මෙහෙයුමේ මූලික පියවර වූ අතර දෙවන පියවර කරළියට පැමිණෙමින් මාර්තු 7 වන දින එනම් ඊයේ හරියටම ප. ව. 05. 53 ට හෙට සයිටම් විරෝධී උද්ඝෝෂණයෙන් GMOA ඉවතට යන හිසින් LANKA TRUTH වෙබ් අඩවිය අපූරු හෙළිදරව්වක් කළේය. එම ප‍්‍රවෘත්තියට අනුව අද දවසේ පවත්වන සයිටම් විරෝධී උද්ඝෝෂණයට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සම්බන්ධ නොවීමට තීරණය කර ඇත. ඊට හේතුව සයිටම් විරෝධී උද්ඝෝෂණය පටුකරමින් සටන් පාඨ 10 ක් ඔස්සේ සයිටම් විරෝධය හැසිරවීමට අන්තරේ උත්සාහ කිරීමය.
මෙම වෙබ් අඩවියට අනුව සයිටම් ආයතනයට එරෙහිව ප‍්‍රබල සමාජ මතයක් ගොඩනැගී ඇති මොහොතක මෙම අරගලය තවත් සටන් ක‍්‍රියාමාර්ගයක් සම`ග මුහු කිරීමෙන් එයට ඇති වැදගත්කම ගිලිහීගොස් ඇති අතර එය වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය උද්ඝෝෂණයට සම්බන්ධ නොවීමට හේතුවී ඇත. නමුත් අප වෛද්‍ය නිළධාරින්ගේ සංගමයෙන් මේ පිළිබඳව විමසූ විට එවැනි කිසිදු තීරණයක් තම සංගමය විසින් ගෙන නොමැති බවත් උද්ඝෝෂණයට සිය නියෝජිතයින් සම්බන්ධවන බවත් එහි ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා ප‍්‍රකාශ කළේය. වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයට මෙකී ක‍්‍රියාමාර්ගය හා එහි සටන්පාඨ පිළිබඳව කිසියම් ගැට`එවක් වේ නම් සංගමයක් වශයෙන් ඔවුන්ට ඒ පිළිබඳව තීරණය කිරීමටත්, එම තීරණය විවෘතව සාකච්ඡුා කිරීමටත් ඇති අයිතියට බාදාකිරීමේ හැකියාවක් අපට නැත. නමුත් ඉතාමත් කණගාටුදායක කාරණය වන්නේ  වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය එවැනි තීරණයක් ගෙන නොමැති තත්ත්වයක් යටතේ ජනතා විමුක්ති පෙරමුණේ නිළ වෙබ් අඩවිය වන  LANKA TRUTH වෙබ් අඩවිය එවැනි ව්‍යාජ ප‍්‍රචාරයන් හරහා අපේක්ෂා කරනුයේ කුමක්ද යන්නයි. සයිටම් අරගලය ඉතාමත් තීරණාත්මක අවධියකට පැමිණ ඇති මේ මොහොතේ, සටන දුර්වල කිරීම හා සටන පිළිබඳ සමාජ විශ්වාසය බිඳවැට්ටවීම සඳහා මෙවැනි මෙහෙයුමක් දියත් කළේ  ආණ්ඩුව නම් අපට හිත හදාගන්නට තිබුණි. එහෙත් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයද නියෝජනය කරමින් එකම වේදිකාව සිට සටන් කළ සටන් ස`ගයකු මෙවැනි පහත් තත්ත්වයකට ඇදවැටුණු විට එය තේරුම්ගන්නේ කෙසේද?  
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩය යනු ප‍්‍රශ්නයෙන් ප‍්‍රශ්නයට පනිමින් පටු දේශපාලන වාසි තකා මාධ්‍ය සංදර්ශන පවත්වන වර්ගයේ ව්‍යාපාරයක් නොව සැබෑ ජනතා ප‍්‍රශ්න හඳුනාගනිමින් ඒවා විසඳාගැනීම සඳහා ජයග‍්‍රහණය දක්වා කුමන දුෂ්කර කොන්දේසියක් යටතේ වුවද නොසැලී අඛණ්ඩව සටන් වදින සමාජ ව්‍යාපාරයකි. එය දශක ගණනක ඉතිහාසයක් පුරා බොහෝ කැපකිරීම් මධ්‍යයේ තහවුරු කොට ඇති සත්‍යයයි. මෙම වෙබ් අඩවියම පවසන ආකාරයට සයිටම් ආයතනයට එරෙහිව ප‍්‍රබල සමාජ මතයක් ගොඩනැගී ඇත්තේ කුමන හෝ හාස්කමක ප‍්‍රතිඵළයක් නිසා නොව මෙම ආයතනය ආරම්භයේ පටන්ම ක‍්‍රමිකව හා අඛණ්ඩව ගෙන ආ සටන් ක‍්‍රියාමාර්ගයන්හි ප‍්‍රතිඵලයක් ලෙසය. මුල්කාලීනව කිසිදු සමාජ බලවේගයක් සයිටම් ආයතනයට එරෙහිව පෙනී නොසිටින විටදීද අප එතැන් සිට මේ දක්වා කළ සෑම අරගලයදීම සයිටම් විරෝධී සටන්පාඨයද රැුගෙන ආවේ කිසිදු අවිශ්වාසයකින් තොරව අද නිර්මාණයවන තත්ත්වය පිළිබඳව වූ පුරෝකතනයන් උඩය. පෞද්ගලික විශ්වවිද්‍යාලපනතට එරෙහි අරගලය, ශිෂ්‍ය මර්දනයට එරෙහි අරගලය, සම සෞඛ්‍ය අරගලය, මහපොළ ශිෂ්‍යාධාර හා සුභසාධන ඉල්ලීම් මුල්කරගත් අරගල ආදී මේ සෑම සියලූ අරගලයකදීම අප එකී අරගලවල ප‍්‍රධාන සටන්පාඨයට අමතරව පැවති අවශේෂ සටන්පාඨ අතර අපි කිසිඳු දෙගිඩියාවකින් තොරව සයිටම් සටන්පාඨයද තැබීමු. ඒ සෑම අරගලයක්ම අද වන විට අප ජයග‍්‍රහණය කර ඇති අතර එකී කිසිදු අරගලයකදී සයිටම් සටන්පාඨය ඊට බාදාවක් වුයේ නැත. සයිටම් සටන්පාඨයද එකී අරගලවලදී රැුගෙන ඒමෙන් එකී අරගලයන්ට පාඩුවක් සිදු නොවූවා පමණක් නොව සයිටම් විරෝධී මහා පවුර නිර්මාණය කිරීමේ මුල්ගල්බවට එකී අවස්ථා පත්කර ගැනීමේ අපගේ අභිලාෂයද යථාර්තයක්ෟ විය.  ඒ නිසා මේමොහොතේද අරගලයේ සෑබෑකොටස් කරුවන්වන සහෝදර බලවේගයන්ට කීමට ඇත්තේ ව්‍යාජ ප‍්‍රචාරයන්ට නොරැුවටී අප මත විශ්වාසය තබන ලෙසයි. ඔබ තබන ඒ විශ්වාසය පිළිබඳව බිය නොවන්න...එය මීට පෙර සටන්වලදී සිදුවූ පරිධිම සයිටම් විරෝධී අරගලය ජයග‍්‍රහණයෙන් පසුද මැනවින් ඔප්පු වනු ඇත.
මෙම අරගලය තුළ ප‍්‍රධාන ඉල්ලීම සයිටම් වසා දැමීම බව අමුතුවෙන් කිවයුතු නැත. නමුත් අධ්‍යාපනට අදාල සියලූ ප‍්‍රශ්න සයිටම් වසාදැමීමෙන් පසු විසදේයැයි සිතිය හැකිද? සයිටම් වසාදැමීම යනු ප‍්‍රශ්නයේ එක් ප‍්‍රකාශනයක අවසානය මිස සමස්ත ප‍්‍රශ්නයේ අවසානය නොවේ. ඒ නිසා සයිටම් වසාදැමීමෙන් පසුද ජනතාවට සටන්කිරීමට සිදුවනු ඇත. ඒ අනුව මෙතෙක් අප ඉතිහාසයක් තිස්සේ සටන්කළ සෑම සියලූ ප‍්‍රශ්නයක් කෙරෙහිද ඇති සමාජ අවධානය ගිලිහීයානොදී රැුකගැනීම අවශ්‍ය නොවන්නේද? ඒ නිසා මෙම සියලූ සටන්පාඨද රැුගෙන යාම තුළින් සිදුවන්නේ සටන පටුකිරීමක් නොව සටනේ සියලූම සමාජ බලවේගද අරගලය තුළම රදවාගනිමින් අරගලය තව තවත් ශක්තිමත්ව ජවසම්පන්නව ඉදිරියට යාමයි.
සයිටම් සටන ජයගැනීම සඳහා එම සටන්පාඨයට පමණක් කොටුවිය යුතු යැයි සිතීම දේශපාලන අදබාල කමකි. නොඑසේනම් පරාජය වනු දැකීමේ අභිලාෂයෙන් අරගලය වල්මත් කිරීමට ගනුලබන නිවට උත්සාහයකි. සටනක් ජයග‍්‍රහණය කළ හැක්කේ ප‍්‍රශ්නයෙන් පීඩාවට පත්වන සියලූම සමාජ බලවේගවල සහයද ඊට හිමිවන්නේ නම් පමණි. සයිටම් අරගලයේදීද එය එසේම අවශ්‍යවන නමුත් සයිටම් සටන්පාඨයට පමණක් සීමාවන්නේ නම් එවැන්නක් අපේක්ෂා කළ හැකි නොවේ. අද මෙවැනි ව්‍යාජ ප‍්‍රචාරයන් හරහා අරගලය සයිටම් සටන්පාඨයට සීමාකිරීමට උත්සාහ කරනු ලබන අතර එය නියෝජනය කරනුයේ අධ්‍යාපනය විකිණීමේ එක් නියමු ව්‍යාපෘතියක් සේ හඳුනාගනිමින් සයිටම් අහෝසි කිරීම සඳහා පෙළගැසෙමින් පවතින සමාජ විරෝධය අඩපනකිරීමේ මෛත‍්‍රී - රනිල් හවුල් ආණ්ඩුවේ දේශපාලන අවශ්‍යතාවයයි. එය අද ධනපති මාධ්‍ය ආයතනවලටත් වඩා ඉහළින් සිට LANKA TRUTH වැනි වෙබ් අඩවි හරහා සිදුකරමින් තිබීම කණගාටුවට කරුණකි.    
මෙම අරගලය පටු කිරීමක් හා දේශපාලන න්‍යායපත‍්‍රයකට අනුව හැසිරවීමක් මෙම සටන්පාඨ අරගලයට එක්කිරීම තුළින් සිදුවී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ විසින් කියන්නට උත්සාහ කරන නමුත් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය වටා එක්වී ඇති කිසිදු සමාජ බලවේගයකට එවැනි  ප‍්‍රශ්නයක් මතු නොවන්නට ඇත්තේ ඔවුන් තුළ වන දේශපාලන නොතේරුම්කමක් නිසා නොව මේ ඉදිරිපත්වී ඇති සියලූම ප‍්‍රශ්න ද ජනතාවගේ සැබෑ ප‍්‍රශ්නම බව තේරුම් ගැනීමේ හැකියාවක් ඔවුන්ට ඇති නිසාය. LANKA TRUTH වෙබ් අඩවිය මෙම ප‍්‍රවෘත්තිය තුළින් සිදුකර ඇත්තේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හා මේ රටේ වෛද්‍යවරුන් ඉතාමත් කුහකයන් පිරිසක් ලෙස හංවඩුගැසීමය. අධ්‍යාපනයට 6% ක් වෙන්කිරීම, සරසවි බඳවාගැනීම් ඉහළ දැමීම, පාසල්වල මුදල් අයකිරීම් නැවැත්වීම, රජයේ රෝහල්වල ඖෂධ, රසායනාගාර හා වාට්ටු පහසුකම් පු`එල් කිරීම, ඖෂධ මාෆියාවට එරෙහිවීම, IESL, කොතලාවල ඇතු`එ ආයතන තුළ උපාධි විකිණීමට එරෙහිවීම, ජනතා මුදලින් ස්ථාපිත කර ඇති NSBM වැනි ආයතන තුළ අධ්‍යාපනය විකිණීම වැනි මේ රටේ පොදු ජනතාවට සෘජු ලෙස බලපානු ලබන ප‍්‍රශ්න, විසඳාගැනීම සඳහා සටන්කිරීම තබා අවමය තමන් සම්බන්ධවන උද්ඝෝෂණයකදී සටන්පාඨයක් ලෙස වත් එම ප‍්‍රශ්න නොගතයුතු යැයි සිතන කුහකයන් පිරිසක් ලෙස හුවාදක්වමන් මේ රටේ වෛද්‍යවරුන් සමාජය තුළ අවමානයට පාත‍්‍රකිරීම මෙවැනි ප‍්‍රචාරයන්ගේ අරමුණක් වන්නට ඇත. වෛද්‍ය සංගමය නොගන්නා ලද තීරණයක් පිළිබඳ ව්‍යාජ පුවත් නිර්මාණය කරමින් මෙම වෙබ් අඩවිය සිදුකර ඇත්තේ වෛද්‍යවරුන්ට පවා එලෙස අපහාස කිරීමකි. නමුත් මෙම වෙබ් අඩවිය හා එය නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂය මෙන් මේ රටේ වෛද්‍යවරුන් හෝ වෙනත් කිසිදු ජනතාවාදී සමාජ බලවේගයකට කුහකයන් වියහැකි යැයි  අපි නොසිතමු. 

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ නිළ වෙබ් අඩවිය වන Lanka Truth වෙබ් අඩවිය විසින් සිදුකරන මෙවැනි පහත් ක‍්‍රියා අපි ඉතාමත් දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින අතර එවැනි ව්‍යාජයන්ට නොරැවටී තම අයිතීන් වෙනුවෙන් නොසැලී ඉදිරියට එන මෙන් අපි සියලූ පොදු ජන බලවේගයන්ගෙන් ඉල්ලා සිටිමු. එසේම සයිටම් අරගලය හෝ පොදුජනතාවගේ අධ්‍යාපන, සෞඛ්‍යය හා අනෙකුත් සමාජ අයිතීන් වෙනුවෙන් ගෙනයන අරගල මෙවැනි මඩ අවලාද හමුවේ නොව මරණයේ අඳුරු හෙවනැලි අභිමුඛව වුවද ජයග‍්‍රහනය තෙක් අත්නොහරින බව අප ඉතා තරයේ කියා සිටිමු. 
  

No comments:

Post a Comment