මඩකලපුව රැකියා විරහිත විරෝධයට පොලිසියෙන් කෙනෙහිලිකම්.
මඩකලපුව නගරයේදී රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පැවැත්වූ විරෝධතාවයකට පොලීසිය මැදිහත්වීමෙන් පසුව නොසන්සුන්තාවක් හටගෙන තිබේ.
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමයේ මෙහයවිමෙන් පසුගිය දින 8 ක් පුරා ගාන්ධි උද්‍යානය අසල විරෝධතා සිදුකිරීමෙන් පසු එම සංගමයෙන් දිස්ත්‍රික් ලේකම්වරයාට සංදේශයක් භාරදෙන්නට කටයුතු කරතිබේ. එය භාරගැනීමට පැමිනෙන්නැයි දිස්ත්‍රික් ලේකම්වරයාට කල දැනුම්දීම නොසලකාහැරීම හමුවේ විරෝධතාකරුවන් සිය උපාධි සහතික ඉරා දැමීමට සූදානම් වූහ.
එහිදී පොලීසිය ඊට ඉඩ නොදීම හමුවේ පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ස්වරූපයේ තත්වයක් හට ගැණුනි. මෙම නොසන්සුන්කාරී තත්වය තුළ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමයේ කැදවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියන්ද තුවාල ලබා ඇත. කෙසේවෙතත්මෙම තත්වය අතරතුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙනත් නිළධාරියකු පැමිණ අදාල සංදේශය භාරගෙන ඇත.