ලෝකයේ සේවකයන්ට ඉතාමත් නරක ලෙසින් සලකන රටවල් අතරින් ලංකාව 3 වැනි තැනට.

ජාත්‍යන්තර වෘත්තීය සමිති සම්මේලනය කරන ලද සමීක්ෂණයකට අනුව ලෝකයේ ඉතාම නරක ලෙස සේවකයන්ට සලකන රටවල් අතරින් ලංකාව 03 වැනි තැනට පත්වී තිබෙන බවත් එහිදී නිරන්තරව කම්කරු නීති උල්ලංඝනය කරන කාණ්ඩයට ශ්‍රේණිගත කර තිබෙන බව ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ධුර කාලය යටතේ ජී.එස්.පී. ප්ලස් නැවත ලබා ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා වෘත්තීය සමිති අයිතීන් උල්ලංඝනය කිරීම, වෘත්තීය සමිති ක්‍රියාවලට එරෙහිව වාරණ නියෝග ගැනීම, ටෙලිකොම් සේවකයන්ගේ මාස 2ක වැඩ වර්ජනය සමථයකට පත් කිරීමට අපොහොසත් වීම ආදී කම්කරුවන්ට බලපාන්නා වූ කරුණු සම්බන්ධයෙන් ඇති වී තිබෙන අයහපත් තත්ත්වය පිළිබඳව වික්ෂිප්තභාවයට පත්ව සිටින බවද එම සංගමය පවසයි.

No comments:

Post a Comment