සිසුන්ට පහරදුන්නාට FUTA එරෙහි වෙයි

සිසුන්ට පහරදුන්නාට FUTA එරෙහි වෙයි
March 16, 2016  10:52 am

අන්තර් විශ්වවිද්යාල ශිෂ් බලමණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතා පාගමනට පොලීසිය විසින් එල්ල කරනු ලැබූ ප්රහාරය හෙළාදකින බව විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
එම සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය රංගික හල්වතුර සහ ලේකම් අචාර්ය ශ්යාම බන්නැහැක යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

එම නිවේදනයේ මෙසේද සඳහන්ය.

රී ලංකාවේ මෙතෙක් පැවති රජයන් විසින් අනුගමනය කරන ලද අධ්යාපනය හා සම්බන්ධ ගැටළු සඳහා නිසි පිළිතුරු ලබාදෙනු වෙනුවට පොලිස් රහාර එල්ල කිරීමේ සාමාන් සම්පරදාය තව දුරටත් රැකගනිමින්, අධ්යාපනය පෞද්ගලීකරණය කිරීම ඇතුළු කරුණු කිහිපයක් පදනම් කරගෙන අන්තර් විශ්ව විද්යාලයීය ශිෂ් බලමණ්ඩලය විසින් මාර්තු 15 දින සංවිධානය කර තිබූ පා ගමනට පොලීසිය විසින් ජල රහාර සහ කඳුළු ගෑස් රහාර එල්ල කිරීම දැඩි ලෙස හෙලා දකින විශ්ව විද්යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, මෙබඳු රතිචාර වෙනුවට අධ්යාපන ක්ෂේතරයේ උන්නතිය වෙනුවෙන් සිය අවංක කැපවීම පිළබිිඹු වන අන්දමේ වැඩ පිළිවෙළක් වහාම ඉදිරිපත් කරන මෙන් රජයට බලකර සිටියි.

ශිෂ්යයන්ගේ පා ගමන අවහිර කිරීමට කටයුතු කළ පොලීසියම එම දිනයේදීම රජයට පක්ෂපාත කණ්ඩායමක් විසින් කොළඹ නගරයේ වෙනත් ස්ථානයකදී පවත්වන ලද පාගමනක් සඳහා ආරක්ෂාව සහ අනුගරහය දක්වමින් කටයුතු කරනු දක්නට ලැබුණි.

 එසේ හෙයින් මින් පෙර මෙබඳු රහාර එල්ල කිරීමෙන් අනතුරුව ඒවා සාධාරණීකරනය කිරීම සඳහා බලධාරීන් විසින් ඉදිරිපත් කළ, "මාර්ග අවහිරවීම වැළැක්වීම" හෝ "සාමාන් ජන ජීවිතයට බාධා සිදුවීම වැළැක්වීම" වැනි නිදහසට කරුණු මෙම සිදුවීම සම්බන්ධයෙන් වලංගු නොවන අතර මෙබඳු දෙබිඩි පිළිවෙත් යහපාලන රතිපත්ති හා කිසිසේත් නොගැළපෙන බව අවධාරණය කරනු කැමැත්තෙමු.