රුහුණේ පරිපාලනය හැංගි හොරා ද?


අපි ඉල්ලපු සාකච්චා දීපු නැති නිසා ඊයේ අපි පරිපාලන ගොඩනැගිල්ලේ නැවතුනා, අද (2016-01- 28 ) උදේ ම කළමනාකරණ හා මූල්‍ය පීඨයේ අංශාධිපති වරුන් සමග සාකච්චාවක් ලබා දුන්නා අපේ විකල්ප විසඳුම් ඉදිරිපත් කරන්න.
අපිට කොහොමත් උවමනා උනේ සාකච්චාවකින් මේ ප්‍රශ්නය විසඳ ගන්න ..

අපි මුල ඉඳලම ඉල්ලුවෙත් සාකච්චා, ඒ මොකද වෙන කිසිම විදියකින් මේ ගැටලුව විසදෙන්නේ නැති බව අපි හොදින්ම දන සිටි නිසා ....

සාකච්චාවේදී අපි මේ ගැටලුව දැනගත් මොහොතේ ඉදන්ම ඉදිරිපත් කරපු විසඳුමට ඔවුන් එකඟ උනා ,,,
පහසුකම් තියන සියලු නේවාසිකාගාර වල නවක සිසුන්ට පහසුකම් ලබා දෙන්නත් , නිවාඩු දීපු සිසුන්ට සතියක් ඇතුලත නේවාසිකාගාර ලබාදීල අද්යන කටුටු අරඹ කරන්නත් ඔවුන් එකඟ උනා ,,,,
ඒ අනුව අපි අපේ අරගලය අවසාන කරලා අද දවල් පරිපාලන ගොඩනැගිල්ලෙන් ඒවත් උනා,
ආචාර්යවරුන් එක්ක කවදත් අපිට ගැටළුවක් තිබුනේ නැහැ ...
අපි ඔවුන් සමග අරගල කළා , ඔවුන් අපේ අරගල වලට අවා ,,,,,,,,,
අපිට තියන ගැටලුව තමා කෝ මේ රුහුණ විශ්වවිද්‍යාලයේ පරිපාලනය .......
ඇයි ඔවුන් සිසු ගැටළු වලට විසඳුම් නොදී මේ විදියට හැඟෙන්නේ ...
මොකක්ද ඔවුන්ගේ රාජකාරිය , සිසු ගැටළු විසදන එක නෙම්ද ?
එහෙනම් කා වෙනුවෙන්ද පරිපාලනය වැඩ කරන්නේ
මේ අරගලය අවසනයේ අපිට ඉතිරි උන ගැටලුව තමා මේ?