හෙට වෙනුවෙන් සටන අනිද්දා නොව අදය...

ඇත්තට නැතත් රූපවාහිණියෙ හරි කොහා කෑගහන, රෙදි කඩ ළග බාර් ළග මිනිස්සු පොරකන අලූත් අවුරුද්ද ඇවිත්. සතුට හොයාගෙන කොළඔ ඇවිත් තදබදේ ගාල් වෙලා දුක් විද විද ඉන්න මිනිස්සු තෑගි උස්සන් උජාරුවට ගමේ ගිහින් දැන් කොළඔ හිස්.
කොච්චර උනත් දුරස් වුන මානව බැදීම් ආයෙ සමීප වෙන, ඒකාකාරී ජීවන රටාව මොහොතකට හරි බිදෙන කාලයක් මේක. පාළුවට ගිය කොළඔ නගරෙ ඔබ ටිකක් ඇවිද්දොත් නාවල පැත්තට ගියොත් නැත්තන් නුගේගොඩ පහුකරන් විජේරාමෙ පැත්තට ආවොත් නොනගතේට වදින්නත් එක්ක කැළණිය පැත්තට ආවොත් ටිකක් වෙනස් විදිහෙ දසුනක් දකින්න ලැබේවි. කොල්ලො කෙල්ලො ටිකක් ඒ එක්කම පොඩි හාමුදුරුවො ටිකක් අලූත් අවුරුද්දටවත් ගෙවල් දොරවල් වලට යන් නැතුව නිධානෙකට අරක් ගත්ත බහිරවයො ටික වගේ අට්ටාල වලට වෙලා විශ්ව විiාල වලටම වෙලා ඉන්නව. මානව ශිෂ්ඨාචාරයම කියන්නෙ සටන් කරණ මිනිස්සුන්ගෙ ධෛර්්‍ය උරගා බලන භූමියක්. මානව සමාජය සෑම විටකම ඉදිරියට පියවරක් තැබුවෙ මේ උරගා බැලීම සමත්වෙන අවස්ථාවලදීය. ”පුළුවන්නම් හොදයි, මේ මිනිස්සු එක්ක කොහොමද සමාජෙ වෙනස් කරන්නෙ?” මේ වගේ ඇල් මැරුණු කතා පිරුණු සමාජෙක, උපදෙස් දෙන්න විවේචනය කරන්න තොග ගණන් ඒත් ඇත්ත සටන් බිමට එන්න සිල්ලරටවත් නැති සමාජ පසුබිමක ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය සාටෝප විගඩන් කතා කරුවන්ට සටන් කරන්නේ මෙහෙමයැයි පෙන්වමින් සටන් වදිමින් සිටී. අසීරුම කොන්දේසි උඩ අසීරුම නිමේෂයන් වල සුපුරුදු පරිදිම ඔවුන් දෙගිඩියාවකින් තොරව පාලකයින් සමග හැප්පෙමින් සිටී. සටන් කරණ බලවේග වලට ජවය ආස්වාදය ගෙන එමින් පාලකයින් සමග සම්මුතිකාමී එළියට කුණු හරුපෙන් බැන ඇතුලෙදි එකට සව්දිය පුරන ඊනියා ප‍්‍රගතිශීලී දේශපාලන ව්‍යවහාරයන් වෙනුවට කොන්දේසි විරහිතව අවසන් අරමුණ උදෙසා සටන් වදින සම්ප‍්‍රදාය ඔවුන් හදුන්වාදෙමින් සිටී. කිසිදු කැපකිරීමකට සූදානම් නැති සමාජ ජාල වෙබ් අඩවි හා අනෙකුත් අවකාශයන් තුළ විවේචනයන් වගුරවන, තමන්ට තම ජීවිතයේ කිසිත් සටන් උදෙසා කැප කිරීමට ඇති නොහැකියාව ඒ තුළ සගවා ගන්නා පිරිස් වෙත ශිෂ්‍යයින් නිහඩව එනමුදු ඔවුන්ගේ කන් අඩි පැළෙන ස්වරයෙන් උත්තර ලබාදෙමින් සිටී. සදළුතල සාද කතාවන්ගෙන් හා සම්මුතිකාමී මඩගොහොරුවන්ගෙන් ඔබ්බට සැබෑ අරගලයක ධජය ඔවුන් සුරතට ගෙන ඇත. ජවය, නොසැලෙන වීර්ය පමණක් නොව සටන් බිම තම පරිනත බවද ශිෂ්‍ය ව්‍යාපාරය පෙන්වමින් සිටී. එසේ නොවන්නට මේ සටන් නැවතී ඔවුන් ද අද ගමේ ගොස් ඔංචිල්ලා පදිමින් සිටිනු ඇත. සටන් කිරීමේ න්‍යාය ඔවුන් භාවිතයෙන් මුවහත් තබමින් සිටී.