ගින්නෙන් දවාලිය හැකිද සිතුවිලි ?
රුහුණ විශ්ව විද්‍යාලයට පැමිනෙන සිසුන් පිලිගැනිම සදහා විශ්ව විද්‍යාල භුමියේ සරසා තිබු සිතුවම් සහිත කටවුට් 40ක් පමණ අප්‍රේල් 26 දින රාත්‍රියේ ගිනි තබා විනාශ කර තිබුණි.
සිසු සිසුවියන් ඉමහත් වෙහෙසක් දරා සිතුවම් කොට තිබු චිත්‍ර ගිනි තබා තිබුනේ විශ්ව විද්‍යාලයේ ආරක්ෂක නිලධාරීන් ද සේවයේ දී සිටියදීය. ආරක්ෂක නිලධාරීන් මෙම සාපරාදී ක්‍රියාවට සෘජුව සම්බන්ධවීද? වක්‍ර සහයෝගයක් දී ඇත්ද? යන්න වෙන්කර හදුනාගත නොහැකි වුවත් ආරක්ෂක නිලධාරීන්ගේ මෙම හැසිරීම ඔවුන්ගේ පෞද්ගලික සිතුවිලි මත සිදු වුවක් නොවන බව ඉතා පැහැදිලිය. විශ්ව විද්‍යාල පරිපාලනය කිසිවක් නොදන්නා නොදරුවන් සේ හැසිරීමට උත්සහ කලත් මෙම සාපරාදී ක්‍රියාවන් වලට ඔවුන්ටද නුදුරේම පිළිතුරු බැදීමට සිදුවනු ඇත.