ආණ්ඩුවේ මැර ප්‍රහාරවලට එරෙහිව රුහුණු සිසූහු පාරට බසිති...

රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට පසුගිය 31වනදා සහ 01වෙනිදා ආණ්ඩුවට සම්බන්ධ මැරයන් පිරිසක් විසින් පහරදීමට සහ ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පරිපාලනය හො පොලීසිය මගින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට විරෝධය පලකරමින් ඊයේ (03) පෙවරුවේ රුහුණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් විරෝධතාවයක් පැවැත්වුයේය.
මෙම ගැටුම් ඇතිකළේ ආණ්ඩුවේ මැදිහත්වීමෙන් වන අතර ඔවුන් විසින් හිතාමතාම විශ්වවිද්‍යාල ශිෂ්‍යන් අප්‍රසාදයට පත්කරන්න සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යන් රස්තියාදු කාරයන්, මැරයන් සහ කිසිම වැදගැම්මකට නැති පිරිසක් යැයි හඟවමින් රටහමුවේ අප්‍රසාදයට පත්කිරීමට ආණ්ඩුව මේ මොහොතේ මෙවැනි ක්‍රියාවන්වල නිරතව සිටි. විශේෂයෙන්ම පසුගිය දින දෙකේදීම (31 සහ 01) විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් තිදෙනෙකුට විශ්වවිද්‍යාලයෙන් පිටතදී පහරදී , එම පහරදීමට ආණ්ඩුවට සම්බන්ධ විශ්වවිද්‍යාලය තුළ සිටින මැර සිසුන් කිහිපදෙනෙකුත් විශ්වවිද්‍යාලයෙන් පිටත සිටි ආණ්ඩුවේම තවත් මැරයන් කිහිපදෙනෙකුත් සම්බන්ධ වී 01වෙනිදා සිදු කල මැරයන්ගේ පහරදීමෙන් තුවාල ලැබූ සිසුන් තිදෙනෙකු රෝහල්ගත කර ඇත. විශේෂයෙන් මෙම පහරදීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පරිපාලනය හෝ පොලීසිය කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදත් ඔවුන්ට ශිෂ්‍යයිගේ විරෝධයත් ප්‍රකාශකර සිටී.