ගුරු-විදුහල්පතිවරු අඛණ්ඩ විරෝධතාවකට සැරසේ...
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම මස 24 වන දින සිට අඛණ්ඩ විරෝධතාවක් පැවැත්වීමට ගුරු-විදුහල්පති සංගම් 15ක් තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඊයේ (11) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ගුරු-විදුහල්පති ඒකාබද්ධ කමිටුව මේ බව පවසා ඇත.
එම ඉල්ලීම් ලෙස සඳහන් කර ඇත්තේ, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබූ ගුරු විදුහල්පතිවරුන්ට යෝජිත අතුරු වැටුප් යෝජනාව ක්‍රියාත්මක කරගැනීම, ගුරු-විදුහල්පති උසස්වීම ක්‍රියාත්මක කරගැනීම, හිඟවැටුප් ලබාගැනීම, ආපදා හා දේපළ ණය සඳහා ප්‍රතිපාදන වෙන්කර ගැනීම, අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන්කරවා ගැනීම, ගුරුමාරුවීම් විධිමත් කරගැනීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රය දේශපාලනීකරණය නතර කිරීම යන්නයි.
අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දින 100ක පමණ කාලයක් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මූලිකත්වයෙන් අඛණ්ඩ වැඩවර්ජයක් ක්‍රියාත්මක කරන්නට යෙදුණි.
ඉන් අනතුරුව ඊයේ (11) එම වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කළ නමුත් එම ඉල්ලීම් වෙනුවෙන් සිදුකරනු ලබන අරගලය අත් නොහරින බව විශ්වවිද්‍යාල ආචාර්යවරු පවසති.
මෙම තත්වය තුළ ගුරු- විදුහල්පතිවරුද ඉදිරියේදී ගනු ලබන මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් එම අරගලය ජයග්‍රහණය දක්වා රැගෙනයාමේ හැකියාවක් නිර්මාණය වනු ඇති බවත් පාලකයින්ට මේ සඳහා අනිවාර්යයෙන්ම විසඳුම් ලබාදීමට සිදුවනු ඇති බවත් විද්වත්හු පවසති.