කොරියන් භාෂා විභාගය අද-හෙට...

කොරියන් භාෂා ප්‍රවීණතා විභාගය අද (13 වැනිදා) සහ හෙට (14 වැනිදා) කොළඹ විභාග මධ්‍යස්‌ථාන නවයකදී පැවැත්වෙයි. මෙවර විභාගය සඳහා කොරියානු රැකියා අපේක්‍ෂිත විභාග අපේක්‍ෂකයන් තිස්‌දහස්‌ හාරසියයක්‌ ඉදිරිපත් වීමට නියමිතව ඇති අතර ඔවුන්ගෙන් පන්දහසක්‌ කොරියානු රැකියා සඳහා තෝරා ගන්නා බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශ සභාපති අමල් සේනාලංකාධිකාර මහතා පැවසීය.
මෙම රැකියා සඳහා තෝරා ගන්නා පන්දහසෙන් තුන්දහස්‌ පන්සියයක්‌ කර්මාන්ත ක්‌ෂේත්‍රයේ රැකියා සඳහා ද සෙසු එක්‌දහස්‌ පන්සීය ධීවර ක්‌ෂේත්‍රයේ රැකියා සඳහා ද යොමු කෙරෙන බවද සභාපතිවරයා කීවේය.