ආචාර්යවරු සහ ආණ්ඩුව හෙට ඒකාබද්ධ මාධ්‍ය හමුවක...
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටළු සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ ආණ්ඩුව අතර එළඹුණු එකඟතාවයන් පිළිබදව හෙට (11) දිනයේදී රටට හෙළිදරව් කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඒ අනුව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයන් හා රජය අතර පැවති සාකච්ඡාවල එකඟතාවයන් හෙට දින ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කරන බව ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර රජය සමඟ එළැඹි එකඟතා සම්බන්ධයෙන් දිවයිනේ සියලු විශ්වවිද්‍යාල ආචාර්ය සංගම් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ තීරණය හෙට දිනයේදී ප්‍රකාශ කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.