ආචාර්යවරුන්ගේ තීරණාත්මක විධායක සභාව රැස්වේ...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය අත් හිටුවන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සදහා විශ්වවිද්‍යාල ආචර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක සභාව අද රැස්වෙන බව එහි සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.
එය අද පෙරවරු 11.00ට ආරම්භවීමට නියමිතව තිබිණි. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග පසුගියදා පැවති සාකච්ඡාවෙන් අනතුරුව ලැබුණු එකඟතාවයන් තම සම්මේලනයේ සාමාජිකත්වය වෙත යොමු කර ඇති බව දේවසිරි මහතා පැවසීය. එම එකඟතාවයන් සම්බන්ධයෙන් විධායක සභාවේ අනුමැතිය හිමිවුවහොත් වැඩ වර්ජනය අවසන් කිරීම සම්බන්ධයෙන් රජය සමග තීරණයකට එළඹෙන බවත් ඒ බව ප‍්‍රකාශ කිරීම සඳහා රජය සමග ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.