කොළඹ සිසුන් වීදි බසී...
කොළඹ සමස්ත පීඨ එකමුතුව විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් ඊයේ (13) කොළඹදී පැවැත්වින. සරසවි ආචාර්යවරුන් විසින් ගෙන යනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළකරමින් හා එකී ගැටලුව විසඳා කඩිනමින් සරසවි විවෘත කරන ලෙස ඉල්ලා දියත්කෙරුනු මෙම විරෝධතා පාගමන කොළඹ නීතිපීටය ඉදිරිපිටින් ආරම්භකර උසස් අධ්‍යාපන අමාත්‍යන්ශය වෙත පැමිනි අතර, මේ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, නීති පීඨය, සාත්‍රපීඨය, කලමණාකරණ පීඨය, නීතිපීඨය සහ පරිඝණක තාක්ෂණ ආයතනය (UCSE) යන පීඨවල සිසුන් සහභාගීවූහ.
විරෝධතා පාගමනින් පැමිනි සිසුන් උසස් අධ්‍යාපන අමාත්‍යයන්ශයේ ලේකම් ගාමිණී සමරනායක මහතා සමග සාකච්ඡාවක් ලබාදෙන මෙන් ඉල්ලා සිටින ලදී. නමුත් ඔවුන් පවසා ඇත්තේ මාධ්‍යවේදීන්ගේ නියෝජනයක් නොමැතිව පමනක් සාකච්ඡා කිරීමට සූදානම් බවයි. ඒ සඳහා සහභාගී වූ පීඨ නියෝජිතයින්හට සුනිල් ජයන්ත නවරත්න මහතා පවසා ඇත්තේ " ආචාර්ය වරුන් සමග විසඳාගතයුතු ප්‍රශ්න අපට ගේන්න එපා, අපි පුලුවන් උපරිමයෙන් නැමිලයි තියෙන්නෙ, ආචාර්ය වරු නැමෙනකන් බලන්ඉන්නව" යනුවෙනි.
.