දැවැන්ත විරෝධතා බැනරයේ සිව්වන දිනය අනුරාධපුර නගරයෙදී...
දිගින් දිගටම සිදු කරන අධ්‍යාපන සංහාරයට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට හා එයට එරෙහිව ජනතාවගේ දායකත්වය ලබා ගැනීම අරමුණු කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ආරම්භ කරන ලද විරෝධතා බැනරයට අත්සන් තැබීමේ හා දිවයින පුරා පත‍්‍රිකා දසලක්ෂයක් බෙදා හැරීමේ ව්‍යාපාරය අද (16) දින අනුරාධපුර නගරයේදී ඉතා විශාල ජන සහභාගීත්වයකින් යුතුව සිදුකෙරින.
පසුගිය 6 වනදා මහනුවර නගරයෙන් ආරම්භ කරන ලද මෙම වැඩසටහන මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක විය.