ගේනවා කියලා ගෙනාවේ නැති සැරින් සැරේට නම වෙනස් වුන මෙවුවා එක...
පනතක් ගෙනෙයි විකුණන්නට අපෙ අම්මා
ඉවසා සිටින්නේ කොහොමද කියපල්ලා
සිප් කිරි වල ගුණ කඳ සිහි කරපල්ලා
අධ්‍යාපනය අපෙ අම්මා රැකපල්ලා.......
මේ කවි පෙළ සමහර විට ඔබේ මතකයේ තවමත් තියෙනවා ඇති. මීට ටික කාලයකට ඉස්සර පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රමිතිගත කරන්න ඕන කියලා වත්මන් ආණ්ඩුව මොකක්දෝ පනතක් ගෙන්න හැදුවා.
පෞද්ගලික විශ්වවිද්‍යාල ශක්තිමත් කරන්න මේ ආණ්ඩුවට පුදුම කැක්කුමක් තිබුනා කියන එක අමුතුවෙන් කිව යුතු දෙයක් නෙවෙයි. පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හරහා නිදහස් අධ්‍යාපනය විනාශ කරන්න මහා බලසම්පන්න කියලා හිතාගෙන ඉන්න වත්මන් ආණ්ඩුව සහ එහි අමාත්‍ය දිසානායක මහතාගේ නින්දිත උත්සාහය අවසානයේ පරාජයට පත් වුනා. එක මුළු මහත් සමාජයම ලබා ගත්ත ජයග්‍රහණයක්.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රමුඛ ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ නොසැලෙන ධෛර්යත්, ශක්තියත් තුලින් සමාජය තුල සිදුකරා වූ දැවැන්ත අරගලයක ප්‍රතිඵලයක් ලෙස ඒකී පනත් කෙටුම්පත පරාජයට පත්කරන්න අපට පුළුවන් වුනා. යම් හෙයකින් මේ පනත පරාජයට පත් කරන්න අපට නොහැකි වුනා නම් අද අපට රැකගන්න නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ඉතිරිවන්නේ නම් නැ. එහෙම වුනා නම් අද අපිට වෙන්නේ නිදහස් අධ්‍යාපන ක්‍රමය රැකගන්න සටන් කරන්න නෙවෙයි නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ලබා ගන්න සටන් කරන්න සටන් කරන්න.
ශිෂ්‍ය ව්‍යාපාරයේ බලපෑම නිසාම අවසානයේ එහෙම පනතක් ගෙන්න තියා එහෙම පනතක නෑ කියලා කියන්න තරම් පාලකයෝ අසරණ වුනා . ඒ වුනාට දිසානායක අමාත්‍යවරයා පාරම් බැවේ එක ඉක්මනටම ගේනවා කියලා. මේ එහෙම කියපු එක අවස්ථාවක් විතරයි...
අපි එක පනතක් පරාජය කළා. එත් පාලකයෝ එකේ තිබුණ යෝජනා, ප්‍රතිසංස්කරණ එකින් එක ගෙන්න උත්සාහ කරනවා.
නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන වගකීම ශිෂ්‍ය ව්‍යාපාරය කවදාවත් මඟහරින්නේ නැ. නමුත් ඒ සටනෙ ජයග්‍රහණයේ ප්‍රතිඵල වලින් බහුතරයක් බුක්ති විදින බහුතර සමාජ බලවේග තාමත් නිහඬව බලාගෙන ඉන්නවා. ඒ මොනවා වුනත් ලංකේය ශිෂ්‍ය ව්‍යාපාරය අධ්‍යාපනයේ සම අයිතිය වෙනුවෙන් හෙටත් සටන් වදිනවා. ඒ සටනට අපි ඔය හැමෝටම ආරාධනා කරනවා මුළු හදවතින්ම.