ගාමිණී සමරනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සමාව ගනී...
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා (23) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සමාව ඉල්ලා ඇතැයි වාර්තා වේ.
ඒ මහතා මෙසේ සමාව ඉල්ලා ඇත්තේ 2011 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳ අධිකරණයේ ගොනුකර තිබූ නඩුවක් විභාග කළ මොහොතේ දුන් තීන්දුවකට අනුවය. එහිදී නියමවී තිබුනේ සභාපතිවරයා උසාවි නියෝගයට අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන ලෙසයි. ඒ අනුව ඊයේ දිවුරුම් පෙත්සමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේදී සභාපතිවරයා ඉල්ලා ඇත්තේ තමා අතින් ප්‍රමාදයක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඇයද සිටින බවයි.