කැබිනට් පත්‍රිකාව ඉල්ලීම්වලට විසඳුමක් නොවෙයි : වර්ජනය දිගටම...
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භකර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට විසඳුමක් ලෙස ඊයේ කැබිනට් මණ්ඩලය අනුමත කළ කැබිනට් පත්‍රිකාව තම මූලික ඉල්ලීම්වලට විසඳුමක් නොවන බවත් ඒ හේතුවෙන් වර්ජනය දිගටම ක්‍රියාත්මක කරන බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසීය.
එම පත්‍රිකාව උසස් අධ්‍යාපනය සම්බන්ධ රජයේ ප්‍රතිපත්තිමය ස්ථාවරය සඳහන් කරමින් නිකුත්කරන ලද්දක් බවත් ප්‍රතිපත්තිමය ලේඛනයක් මත පදනම්ව වැඩවර්ජනයක් නැවැත්විය නොහැකි බවද ඔහු පැවසීය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් රජය හොදින්ම දන්නා බව පැවසූ දේවසිරි මහතා, සිය වෘත්තීය ක‍්‍රියාමාර්ගය නැවැත්වීමට අවශ්‍යනම් තමන්ගේ ඉල්ලීම්වලට එකගත්වය පළකරමින් ගිවිසුමක් අත්සන් කළ යුතු බවද අවධාරණය කළේය.