පේරාදෙණිය සත්‍යග්‍රහය ජයග්‍රහණයෙන් අවසන්...

පසුගිය 06 වන දින පේරදෙණිය කළමනාකරණ ශිෂ්‍ය ක‍්‍රියාකාරි කමිටුව විසින් ගලහ මංසන්දියෙදි සත්‍යග‍්‍රහයක් ආරම්භකරන ලද අඛණ්ඩ සත්‍යග්‍රහය ජයග්‍රාහීව අවසන්කර තිබේ.
විශ්වවිද්‍යාලීය ව්‍යාපාර පරිපාලනවේදී (BBA) උපාධි පාඨමාලාව සඳහා බදවා ගනු ලබන සිසුන් ප‍්‍රමාණය 100 කින් කප්පාඳු කිරිමට එරෙහිව සහ විශ්වවිද්‍යාලයට අත්‍යවශ්‍යව පවතින කළමනාකරණ පිඨයක් දිනා ගැනීම අරමුණු කොට ගෙන මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය සංවිධානය කරන කර තිබින. ගැටලුවට අදාලව උපකුලපතිතුමා සමග පැවැත්වූ සාකච්ඡාවේදී නිශ්චිත වශයෙන්ම සිසුන් 150 ක් බදවා ගන්නා බවට සහතික වූ අතර එම එකගතාවය මත 2012.08.13 දින සත්‍යයග්‍රහය අවසන් කරන ලදී.