උසස් පෙළ ප්‍රශ්න පත්‍ර අවුල නැවතත්...
මෙවර උසස් පෙළ විභාගය ප්‍රශ්නපත්‍ර අදත් (2012.08.08) අවුල් කර ඇතැයි වාර්තා වේ.
2012 අසස් පෙළ විභාගය ආරම්භ කළ පළමු දිනයේ සංයුක්ත ගණිතය ප්‍රශ්නපත්‍රයේ i. කොටසෙහි ප්‍රශන්යක් සහ ජීව විද්‍යාව (නව නිර්දේශය) ප්‍රශ්න පත්‍රය ද (2012.08.07) ආර්ථික විද්‍යාව ප්‍රශ්නපත්‍රයද වරද්දා තිබුණි.
මෙසේ තිබියදී අද (2012.08.08) දින පැවැති සංයුක්ත ගණිතය ඊ ප්‍රශ්න පත්‍රයට සංශෝධනයක් අමුණා ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිත හර්ෂ ගුණවර්ධන සහෝදරයා පවසා සිටියේ ආණ්ඩුව දිගින් දිගටම ලංකේය අධ්‍යාපනය තුළ පවතින ගුණාත්මකබාවය දියාරු කිරීමට සැලසුම් සහගත නින්දිත ක්‍රියාවලික නිරතවෙන බවත් මෙම උසස් පෙළ ප්‍රශ්නපත්‍ර වල පවතින අඩුපාඩු යනු තවත් එක හුදකලා අත්වැරදීමක් නොවන බවත්ය. වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ වන විට උසස් පෙළ විභාගය අවුල් ජාලාවක්ව ඇති නමුත් බලධාරීන් නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවත්ය. කෙසේ නමුත් විභාග නීති රීති කඩ කරන ළමුන් සඳහා දැඩි දඩුවම් ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇතත් මුළු උසස් පෙළ විභාගයම වැනසූ බලධාරීන්ට එරෙහිව කිසිඳු ක්‍රියාමාර්ගයක් මේ වනතෙක් ගෙන නැති බවය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment