අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු මාරුවේදී "ඩබල් ගේමක"...
ජාතික පාසල් ගුරු මාරු මණ්‌ඩලය අහෝසි කර තමන්ට අවශ්‍ය ගුරුවරුන් පමණක් අධ්‍යාපන අමාත්‍යාංශය මාරු කරන බවට සමස්‌ත ලංකා එක්‌සත් ගුරු සංගමය චෝදනා කරයි.
ගුරු වෘත්තීය සංගම් නියෝජිතයන්ගෙන් සමන්විත ජාතික පාසල් ගුරු මාරු මණ්‌ඩලය අහෝසි කර මෙලෙස අමාත්‍යංශයට අවශ්‍ය ගුරුවරුන්ට පමණක් විශේෂත්වයෙන් සැලකීම බහුතර ගුරු පිරිසකට කරන අසාධාරණයක් යෑයි එම සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ පැවසූහ. ලේකම්වරයා විසින් මාරු මණ්‌ඩලය අහෝසි කරනු ලැබ ඇත්තේ අධ්‍යාපන ඇමැතිවරයාගේ උපදෙස් මත යෑයි ද උන්වහන්සේ සඳහන් කළහ.
මාරු මණ්‌ඩලය අහෝසි කිරීමෙන් පසුව ප්‍රධාන පෙළේ ජාතික පාසල් කිහිපයකටම අලුතින් ගුරුවරුන් අනුයුක්‌ත කර ඇතැයි ද එය ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක් යෑයි ද සභාපති හිමියෝ ප්‍රකාශ කළහ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment