විභාග දෙපාර්තමේන්තුව...
රටක තිබෙන මහජන හෙවත් රජයේ ආයතන සෑම එකක්ම මහජනයාගේ විශ්වාසය හා ගෞරවය දිනාගත යුතුය. එහෙත් සමහර මහජන ආයතන අනෙක් ඒවාට වඩා වැඩියෙන් මහජන විශ්වාසය දිනාගත යුතුය.
ඒ එක් පැත්තකින් ඔවුන්ට පැවරී ඇති වගකීම සමාජයට ඉතා වැදගත් වන නිසා මෙන්ම එම කාර්යය ප‍්‍රමිතිගතව ඉටුවන බවට සමාජයේ ඇති විශ්වාසය බිඳවැටුණහොත් ඉන් සමාජයට වන හානිය අනෙක් ඒවා එවැනි තත්ත්වයකට පත්වුවහොත් සිදුවන හානියට වඩා බෙහෙවින් වැඩි නිසාය.
ඒ එක් පැත්තකින් ඔවුන්ට පැවරී ඇති වගකීම සමාජයට ඉතා වැදගත් වන නිසා මෙන්ම එම කාර්යය ප‍්‍රමිතිගතව ඉටුවන බවට සමාජයේ ඇති විශ්වාසය බිඳවැටුණහොත් ඉන් සමාජයට වන හානිය අනෙක් ඒවා එවැනි තත්ත්වයකට පත්වුවහොත් සිදුවන හානියට වඩා බෙහෙවින් වැඩි නිසාය.
පොලිස් දෙපාර්තමේන්තුව, මැතිවරණ දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව එවැනි කිහිපයකි. මෙවැනි ආයතන ගැන විශ්වාසයක් ඇතිවන්නට නම් ඒවා ප‍්‍රමාණවත් තරම් කාර්යක්‍ෂමතාවෙන් යුතුව, ස්වාධීනව හා අපක්‍ෂපාතීව, නිවැරදිව කටයුතුකරන බවට හැඟීමක් මහජනයා තුළ ඇතිවී තිබිය යුතුය. අවාසනාවකට මැතිවරණ දෙපාර්තමේන්තුව හැර අනෙක් දෙපාර්තමේන්තු දෙක ගැන රටේ පවතින්නේ යහපත් හැඟීමක් නොවේ. ඒ අතරිනුත් පසුගිය දිගු කාලයක් තිස්සේ විභාග දෙපාර්තමේන්තුව බලවත් ලෙස මහජන අප‍්‍රසාදයට ලක්වූ ආයතනයක් බවට පත්ව තිබිණ.
ඉසෙඞ්ස්කෝර් ගණනය කිරීම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඇතිව තිබූ ආන්දෝලනයේ එක් වැදගත් චූදිතයකු වූයේ විභාග දෙපාර්තමේන්තුවයි. විශේෂයෙන් එවකට සිටි විභාග කොමසාරිස්වරයා එක් පැත්තකින් සිය දෙපාර්තමේන්තුවේද, තවත් පැත්තකින් පෞද්ගලිකව තමාගේද ගෞරවය හා විශ්වාසය පවත්වාගන්නට නොහැකිවන තරමට විකට දුර්වල ස්වරූපයකට පත්වූ ආකාරය අපි දුටුයෙමු. ඔහුටම ගැලපෙන ඇමතිවරු දෙදෙනෙක්ද ඔහුගේ සහායට සිටියෝය.
පසුව අලූත් විභාග කොමසාරිස්වරයෙක් පත්ව ආයේය. දුෂ්කර අවධියකට පසු ඔහුගේ ප‍්‍රමුඛ කාර්යභාරය විය යුතුව තිබුණේ හිටපු විභාග කොමසාරිස්වරයා විසින් කනගාටුදායක තත්ත්වයකට පත්කොට තිබූ සිය ආයතනය නැවත මහජන විශ්වාසයේ මුදුනට ගෙනඒමට අවශ්‍ය පියවර නොපමාව ගැනීමය. වෙනත් ආකාරයකින් කිවහොත්, පැවැතියාට වඩා වැඩි කාර්යක්‍ෂමතාවකින්, ස්වාධීනබවකින් හා නිරවදිභාවයකින් මෙන්ම සුළු වරදක් හෝ සිදුවන්නට ඉඩ නොදෙමින් එම කටයුතු පවත්වාගැනීමය. වෙනත් අවස්ථාවලදී සිදුවන සුළු වැරදි සම්බන්ධයෙන් එතරම් අවධානයක් යොමුනොවුණත්, පසුගිය කාලයේ විභාග දෙපාර්තමේන්තුව පත්ව සිටි ඉරණමට අනුව, සුළු වරදක්, අතපසුවීමක්වත් නොවන ආකාරයට මේ කටයුතු මෙහෙයවීම සිය පෞද්ගලික මැදිහත්වීමෙන් සිදුකළ යුතු තරම් තත්ත්වයක් ඇතිවී තිබිණි. විශේෂයෙන් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙල විභාගය නුදුරෙහිම එළැඹීමට නියමිතව තිබියදී එම විභාගය කිසිදු අඩුවක් පාඩුවක් නොමැතිව ප‍්‍රශස්තව අවසන්කොට සිය හොඳ නම යළි නංවා ගැනීමේ කාර්යභාරයක් නව ප‍්‍රධානියා වෙත පැවැරී තිබිණි.
එහෙත් කනගාටුදායක අන්දමට නැවත වාරයක් විභාග දෙපාර්තමේන්තුව සිසුන් ඉදිරියේ මෙන්ම දෙමාපිය ගුරුවරුන් ඉදිරියේද අසමත්වී තිබේ. ඒ ගැන මාධ්‍යවල දිගින් දිගටම වාර්තා පළවිය. උසස් පෙළ ප‍්‍රශ්න පත‍්‍ර කිහිපයකම ප‍්‍රශ්නවල වැරදි දක්නට ලැබිණි. සමහර වැරදි සම්බන්ධයෙන් එම ප‍්‍රශ්න පත‍්‍ර සකස් කළ මහාචාර්යවරුන්ගෙන් නිදහසට හේතු විමසන ලදැයි දෙපාර්තමේන්තුව කියා සිටියේය. සමහර වැරදි නිසා, එම ප‍්‍රශ්න තෝරාගත් සිසුන්ට අනිවාර්යයෙන් ලකුණු යම් ප‍්‍රමාණයක් ලබාදෙන බවද, එම ලකුණුවල වැදගත් බලපෑමක් නැති බවද විභාග දෙපාර්තමේන්තුව තවදුරටත් කියා තිබිණි. එහෙත්, දෙපාර්තමේන්තුව තත්ත්වය බැරෑරුම් ලෙස ගත් බවක් කොහෙත්ම පෙනෙන්නට නොතිබුණි. විභාග දෙපාර්තමේන්තුවේ සරල ප‍්‍රතිචාරය වූයේ, සෑම අවුරුද්දකම විභාගවල එවැනි වැරදි සිදුවන බවත් ඒවා බැ?රුම් ලෙස සලකන්නට තරම් දෙයක් නැති බවත්ය. ප‍්‍රශ්න පත‍්‍රවල තිබූ වැරදි විභාග ශාලාධිපතිවරුන් විසින් නියමිත ලෙස නිවැරදි නොකරන ලද අවස්ථාවන් ගණනාවක්ද ඒ සමගම වාර්තා විය. එම විභාග ශාලාධිපතිවරුන් විභාග රාජකාරියෙන් ඉවත්කැරෙන බව ප‍්‍රචාරය වූ නමුත්, එම ප‍්‍රශ්න විභාග ශාලාවේදී නියමිත පරිදි නිවැරදි නොකිරීමෙන් සිසුන්ට වූ හානිය ගැන වාර්තා පළනොවීය.
තමන්ගේ විභාගය හරිහැටි පවත්වන්නට විභාග දෙපාර්තමේන්තුව අසමත්වීම ගැන රටේ තරුණ පරම්පරාව වන උසස්පෙළ සිසුන් ලක්‍ෂ ගණනක් තුළ ඇතිවන කළකිරීම මුසු බලාපොරොත්තු විරහිතභාවය සරල දෙයක් නොවේ. රටක ඉතා වැදගත් විභාගයක මෙවැනි අඩුලූහුඬුකම් තිබීම, ඒ රට අභ්‍යන්තරයේ අවුලක් ඇතිකරනවා මෙන්ම ජාත්‍යන්තර අධ්‍යාපන ප‍්‍රමිතීන්වලදීද කිසියම් අර්බුද ඇතිකරන්නට ඉඩ තිබේ. මේ තත්ත්වයන් බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත් රාජ්‍ය තන්ත‍්‍රයක් අප බිහිකරගන්නේ කවදාද?