වෛද්‍ය සිසුන් ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝණයේ...

කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) සමාජික වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාගේ නිවසට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට විරෝධය පාමින් අද (17) දින කොළඹ ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණය පැවැත්විනි.
කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨ සිසුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම උද්ඝෝෂණයට "වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව" මගින් සංවිධානය කෙරෙනි. කොළඹ වෛද්‍ය පීඨයේ සිට ජාතික රෝහල දක්වා පාගමනින් පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පැයක් පමණ උද්ඝෝෂණයේ යෙදිනි.
"මාලඹේ උපාධි කඩයට විරුද්ධවූ වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාට එල්ල කල බෝම්බ ප්‍රහාරය හෙලා දකිමු" "උගතුන්ට පහර දී අධ්‍යාපනය විකිණීමේ ආණ්ඩුවේ තැත පරදවමු" 
"මාලඹේ උපාධි කඩය වහා හකුලා ගනු" 
ආදී සටන් පාඨ රැගත් පුවරු ප්‍රදර්ශනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ උද්ඝෝෂණයේ නිරත විය.