A/L කඩයිම් ලකුණු අත්හිටුවයි...

2011 වසරේ උසස්පෙළ විභාගයේ නව විභහග ප්‍රතිථල වලට අනුව නිකුත්කිරීමට නියමිත කඩයිම් ලකුණු වාරණය කරනලෙස අගවිනිසුරු ශිරාණි බන්ඩාරනායක මහත්මිය විසින් අද (06)නියෝග කර තිබේ. එම නියෝගය නිකුත් කරනු ලැබූවේ 2011 උසස්පෙළ අසාධාරණයට පත් ශිෂ්‍ය එකමුතුව විසින් ගොනුකරනු ලැබූ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදීය.
එහිදී අගවිනිසුරුවරිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අවධාරණය කර සිටියේ, පැරණි සහ නව නිර්දේශ යටතේ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා වෙන වෙනම "Z" අගයන් නිකුත් කර වෙන වෙනම බඳවා ගන්නා ලෙස ලබා දුන් නියෝගය ඔවුන් නොසලකා‍ කටයුතු කර ඇති බවය.
එම නිසා අගෝස්තු 30 වනදාට ප්‍රථම විශ්වවිද්‍යාලයට සමත්ව ඇති සියලූම ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගැනීමේ ක්‍රමවේදයක් සකසා අධිකරණට ඉදිරිපත්කරන ලෙසත් කඩයිම් ලකුණු නිකුත් කිරීමට ලබාදුන් අධිකරණ නියෝගය අදාල නඩුවිභාගය අවසන් වන තුරු බලපැවැත්වෙන බවත් අගවිනිසුරුවරිය පැවසීය. අගෝස්තු 30 වනදා නැවත මෙම නඩුව කැඳවීමට නියමිතය.

No comments:

Post a Comment