උපාධිධාරීන්ට රැකියා ලබා නොදීමට එරෙහිව මාතර නගරයේ දී විරෝධතා...
2010 සහ 2011 වසරවල උපාධිය ලබාගත් උපාධිධාරීන්ට රැකියා ලබා නොදීමට ගෙන ඇති තීරණයට විරෝධය දක්වා 2012.07.11 දින මාතර සනත් ජයසූරිය කී‍්‍රඩාංගණය ඉදිරිපිටදී විරෝධය දක්වන ලදී. පසුව මාතර නගරයේදී දක්වානගරයේ දී පැය දෙකක පමණ කාලයක් සංකේත සත්‍යග‍්‍රහයක් ද පවත්වන ලදී.
එහිදී අදහස් දැක්වූ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරැ ධම්මික මුණසිංහ සහෝදරයා,
‘‘විශේෂයෙන් 2010 - 2011 වසරවල උපාධිය ලබාගත් රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා නොදීමට හදිසියේ තීරණයක් අරගෙන තියෙනවා. මේ වනවිට අනෙකුත් වසරවල උපාධිධාරීන්ට රැකියා ලබාදීල අවසන්. ඒ වගේම 2010 - 2011 වසරවල උපාධිධාරීන්ටත් රැකියා දිල තියෙන්නේ. ඒත මාතර ගාල්ල කළුතර වැනි දිස්ති5ක් කිහිපයක එම වසරවල උපාධිධාරීන්ට රැුකියා ලබානොදෙන්න තීරණයක් අරගෙන. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් මේ මාසෙ 4 වැනිදා ලිපියක් එවලා සියලූම දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලවලට එකී වසරවල උපාධිධාරීන්ට රැකියා දීම තාවකාලිකව නවත්වන්න කියලා.හේතුවක් සඳහන් කරනවත් නැහැ. ඒ වගේම අපේ‍්‍රල්, මැයි , ජුනි මාසවල සම්මුඛ පරීක්ෂණවලට ගියපු අය තමයි මේ ඔක්කොම. ඒ වෙලාවෙ කිව්වේ පත්වීම දෙනව කියලා. ඒත අද කියනවා බෑ කියලා. අපි දිස්ති‍්‍රක් ලේකම්තුමිය හමුවුණා. එතුමියත් පිළිගත්ත අසාධාරණයක් වෙලා කියල. එතුමිය අපිට කිව්ව අපේ පත්වීම් ලිපි අත්සන් කරල තිබුණේ, තැපෑලට දාන්න විතරය තිබුණෙ කියලා. මේක ලොකු අසාධාරණයක්. මේක තමයි ආණ්ඩුව වැඩපිළිවෙළක් නැතිව උපාධිධාරීන්ට රැකියා දීල කරන විනාශය. මේ තීන්දුව වෙනස් කරලා ඉක්මනින් සියලූ උපාධිධාරීන්ට රැකියා ලබාදෙන්න කියලා අපි ඉල්ලානවා’’
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment