සබුද්ධික මිනිසුනි,
මානව සංවර්ධනය හා සාක්ෂරතාව (අකුරු හැකියාව) අතින් වඒතමානයේ දකුණු ආසියාවේ ඉහළින්ම සිටිනා රට ශ‍්‍රී ලංකාවයි. මෙම ජයග‍්‍රහණය අපට ලැබී තිබෙන්නේ අහඹු සිදුවීමක් ලෙස නොවේ. පළමු වසරේ සිට සරසවිය දක්වා නිදහස් අධ්‍යාපනය තහවුරු කළ යුතුයැයි සී.ඩබ්.ඩබ්. කන්නංගර ශ‍්‍රීමතාණන් ගොඩනැගූ චින්තනය බලයට පැමිණි සෑම රජයක්ම පක්ෂ පාට බේදයකින් තොරව පිළිගත් නිසාය.
අධ්‍යාපනය උදෙසා ජාතික ධනයෙන් ප‍්‍රමාණවත් කොටසක් ආයෝජනය කළ නිසාය. අධ්‍යාපනය යනු මානව අයිතිවාසිකමක් බවත් ඒ වෙනුවෙන් රජය දරනා වියදම මානව සම්පත් සංවර්ධනයෙහිලා කරනු ලබන ආයෝජනයක් බවත් පාලක පක්ෂය විසින් පිළිගත් නිසාය.
අධ්‍යාපනය උදෙසා ජාතික ධනයෙන් ප‍්‍රමාණවත් කොටසක් ආයෝජනය කළ නිසාය. අධ්‍යාපනය යනු මානව අයිතිවාසිකමක් බවත් ඒ වෙනුවෙන් රජය දරනා වියදම මානව සම්පත් සංවර්ධනයෙහිලා කරනු ලබන ආයෝජනයක් බවත් පාලක පක්ෂය විසින් පිළිගත් නිසාය.
එහෙත් අද වන විට,
- දකුණු ආසියාවේ අධ්‍යාපනය සඳහා දේශීය ආදායවෙන් අඩුම ප‍්‍රතිශතයක් වෙන්කරන රට ශ‍්‍රී ලංකාව බව ඔබ දන්නවාද? (මාලදිවයින 8.71%, නේපාලය 4.72%, භූතානය 4.02%, ඉන්දියාව 3%, පකිස්ථානය 2.37%, ශ‍්‍රී ලංකාව 1.87%)
- අපේ රටේ අධ්‍යාපනය සඳහා කරන ආයෝජනය ලෝකයේ දිළිඳුම රටවල් සේ සැලකෙන සිම්බාබ්වේ-2.5%, රුවන්ඩා-4.67%, මාලි-4.47%, කෙන්යාව-6.67%, පමණක් නොව ඉතියෝපියාවටත්-4.69% වඩා අඩු බව ඔබ දන්නවාද?
- ශ‍්‍රී ලංකාවේ දේශීය ආදායමේ ප‍්‍රතිශතයක් ලෙස අධ්‍යාපනයට වෙන් කළ රාජ්‍ය ආයෝජන ප‍්‍රමාණය 2005 වසරේ 2.9% සිට 2011 වන විට 1.86% දක්වා කපාහැර ඇති බව ඔබ දන්නවාද?
- 2006 වර්ෂයේ යුද්ධය සඳහා දැවැන්ත මුදල් ප‍්‍රමාණයක් වියදම් කරද්දී පවා මුළු රාජ්‍ය වියදමෙන් 11% ක් අධ්‍යාපනයට වෙන් කළ රජය යුද්ධය නිමාවීමෙන් පසුව එම ප‍්‍රමාණය 8.5% දක්වා කපා හරින්නේ අන් කවර ප‍්‍රමුඛතා අරමුණක් සඳහා මුදල් වෙන් කිරීමට අවශ්‍ය වූ නිසාද?
- දකුණු ආසියාවේ අඩුම ගුරු වැටුප් ලබන්නේ අපේ රටේ ගුරුවරුන් බව ඔබ දන්නවාද?
- උගතුන් බුද්ධිමතුන් රට හැරයාම (බුද්ධිගලනය) අතින් දකුණු ආසියාවේ ඉහළින්ම සිටිනා රට ශ‍්‍රී ලංකාව බව ඔබ දන්නවාද? ප‍්‍රමාණවත් වැටුපක් නොලැබීම වෘත්තීය පිළිගැනීමක් නොමැතිකම වැනි කරුණු මත විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 552 මේ වන විට රට හැරගොස් ඇති බව ඔබ දන්නවාද?
- අපේ රටේ නිදහස් අධ්‍යාපනය පවතින නමුදු උපකාරක පන්ති පහසුකම් ගාස්තු පොත් පත් හා ලිපිද්‍රව්‍ය වෙනුවෙන් දෙමාපායන්ට දැරීමට සිදුවන අමතර වියදම එත් පාසැල් දරුවෙකු වෙනුවෙන් රජය වෙන් කරනා මුදලින් 50%ක් ඉක්මවා යන බව ඔබ ගණන් බලා තිබුණේද?
- අ.පො.ස උසස් පෙළ සිසුන්ගෙන් 61% ක් විශ්වවිද්‍යාලයට අයදුම් කිරීමට සුදුසුකම් ලැබුවද ප‍්‍රමාණවත් පහසුකම් නොමැති බැවින් 17% ක් පමණක් ජාතික විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගනිද්දී, වෛද්‍ය උපාධිය රුපියල් ලක්ෂ 65ට ද, ඉංජිනේරු උපාධිය රුපියල් ලක්ෂ 35 ටද විද්‍යා උපාධිය රුපියල් ලක්ෂ 17 ටද කලා උපාධිය රුපියල් ලක්ෂ 13 ටද විදේශීය සිසුන්ට අලෙවි කිරීමට සැලසුම් කොට ඇති බව ඔබ දන්නවාද?
- අධ්‍යාපනය සඳහා රාජ්‍ය ආයෝජනය ප‍්‍රමාණවත් නොවන බැවින් ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ අනාගතය පිළිබඳව ලෝක බැංකුව හා යුනෙස්කෝ සංවිධානය දැනටමත් රජයට අනතුරු අඟවා ඇති බව ඔබ දන්නවාද?
මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත්...
- දැනට ගුරු වැටුප් හැර පාසැලේ සෙසු සියළුම වියදම් දරාගන්නා දෙමාපියන්ට අනාගතයේදී ගුරු වැටුපද ගෙවීමට දරුවා අත පාසැලට මුදල් යැවීමට සිදුවන දිනයක් උදාවනු ඇත.
- දැනටමත් ආන්දෝලනයට ලක්වී ඇති ශ‍්‍රී ලංකාවේ විභාග ග‍්‍රමය මෙන්ම පාසැල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳව ද අනාගතයේදී ලෝකයේ සෙසු රටවල් විසින් ප‍්‍රශ්න කරනු ඇත
x උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ පහසුකම් කප්පාදු කරමින් පෞද්ගලික විශ්වවිද්‍යාල දිරිගැන්වීමේ ව්‍යාපෘතියට සානුබල සපයන කල අනාගතයේදී ඔබට සිදුවන්නේ අතේ ඇති මුදලට සරිලන උපාධියක් ආයෝජන මණ්ඩලය යටතේ ස්ථාපිත සමාගමකින් මිලට ගෙන ඔබේ දරුවාට පිරිනැමීමටයි.
මෙම ජාතික ව්‍යසනය හමුවේ...
1. ශ‍්‍රී ලංකාවේ අනාගත දරු පරපුර සඳහා නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරදීම නිදහස් අධ්‍යාපනයේ ඵල නෙළාගත් ඔබේත් මගේත් වගකීම නොවන්නේද?
2. ශ‍්‍රී ලංකාව ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම සඳහා වෙරදරන මහින්ද චින්තනය හා දරුවන්ට හොඳම දෙය දෙන්නට කැපවන මහින්ද දර්ශනය ප‍්‍රායෝගික කිරීම සඳහා අප විසින් අනුබල දියයුතු නොවේද?
”විදේශගත වී ලෝක පරිමානයේ විශිෂ්ටයන් බවට පත්ව සිටින අපේ බුද්ධිමතුන්ගේ ආයෝජන, දැනුම හා සේවාවන් ලබා ගැනීම සඳහා ප‍්‍රතිබුද්ධිගලනය සඳහා වූ ක‍්‍රියාදාමයක් හඳුන්වා දුන්නෙමි. ඒ ක‍්‍රියාදාමය ඉදිරියේ දී විප්ලවීය පරිවර්තනයක් බවට පත්කර රටින් යන නොව රටට එන බුද්ධි ප‍්‍රවාහයක් ඇතිකරන්නෙමි. අධ්‍යාපනය හා දැනුම රටට උචිත ලෙස ප‍්‍රතිනිර්මාණය කරමි” (මහින්ද චින්තනය)
අපේ රටේ නිදහස් අධ්‍යාපනය මෙම ව්‍යසනය කරා රැගෙන නොයන ලෙෂ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දිගින් දිගටම කරනු ලබන බල කිරීම් ඉදිරියේ පාලකයින් මුනිවත රැකීම නිසා මෙම ප‍්‍රශ්නය ජනතාව හමුවට රැගෙන ඒමට අපට සිදුවී තිබේ. එබැවින් ඔබේ දරුවාගේ පමණක් නොව අනාගතයේ බිහිවීමට සිටින සුවහසක් දරුදැරියන්ගේ අනාගතය වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය රැකගැනීම සඳහා අපේ රටේ දේශීය ආදායමෙන් 6% ක් අධ්‍යාපනය සඳහා වෙන් කරන ලෙස රජයට බල කරන ජනතා පෙත්සමට අත්සන් යොදා ජාතික වගකීමට උරදෙන අභිමානත් පුරවැසියකු වීමට ඔබට ආරාධනා කරමු.
- රුහුණ විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගම් එකමුතුව -
දේශීය ආදායමෙන් 6% ක් අධ්‍යාපනය සඳහා වෙන් කරන ලෙසට බල කරමින් නිදහස් අධ්‍යාපන සුරක්ෂිත කරගැනීමට පෙළගැසෙමු!
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment