අධ්‍යපනය අවුල් කිරීමට එරෙහිවත් කව්මිණි තිලිණි වහා නිදහස් කරන ලෙසටත් බලකරමින් උසස්පෙළ සිසුන් සරසවි සිසුන් සරසවි ආචාර්යවරුන් එක්ව සටන් බිමට...

අපොස උසස් පෙළ අසාධාරණයට පත් සියලූ සිසුන්ට සරසවි ප‍්‍රවේශය ලබා දෙන ලෙසටත් අචාර්ය ඉල්ලීම් ලබා දී සරසවි වහා විවෘත කරන ලෙසට බල කරමින් හා බොරු චෝදනා නගා සිරගතකර සිටින කව්මිණි තිළිණි සරසවි සිසුවියන් වහා නිදහස් කරන ලෙස බල කරමින් සංවිධානය කෙරුණු දැවැන්ත විරෝධතාවක් අද මාතර බස් නැවතුම් පොළ ඉදිරිපිට පැවතිණි.
රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණයට සරසවි සිසුන් මෙන්ම රුහුණ විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගම් එකමුතුව ලෙස සරසවි ආචාර්යවරුන්ද අපොස උසස් පෙළ විභාගයෙන් අසාධාරණයට පත් සිසුන් පිරිසක්ද සහභාගී විය. මෙහිදී අදහස් දැක්වූ රුහුණ විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගම් එකමුතුවේ නියෝජිත රුහුණ විශ්වවවිද්‍යාලයේ මානවශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ ආචාර්ය උපුල් අබේරත්න මහතා ප‍්‍රකාශ කර සිටියේ ඔවුන් කිසිම විටෙක මෙම නිදහස් අධ්‍යාපනය රැුකගැනීම වෙනුවෙන් කරන යුක්තිසහගත සටන අත නොහරින බවත් නවකවදය තමන් ප‍්‍රතික්ෂේප කරන අතර නවක වදය මුවාවෙන් බොරු චෝදනා සිසුන් මර්දනය කිරීම හෙළා දකින බවත්ය. එසේම මේ අවස්ථාවට එක්වූ උසස්පෙළ විභාගයෙන් අසාධාරණයට පත්වූ සිසුන් වෙනුවෙන් කතාකළ කසුන් තාරක සිසුවා ප‍්‍රකාශ කළේ අසාධාරණයට පත් තමන් ඇතුලූ සියලූ සිසුන්ට සරසවි ප‍්‍රවේශය ලැබෙන තුරු මෙම සටන ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය හා එක්ව ඉදිරියටම ගෙන යන බවය. අවසන් වශයෙන් මෙහිදී අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැ`දවුම්කරු සංජීව බණ්ඩාර පැවසූයේ අධ්‍යාපනයේ අද මතුව ඇති ගැට`එ වහා විස`දන ලෙස ජනතාව වීදි බැසිය යුතු බවත් පොල් ගසා හෝ දෙවියන් යැද සටන් ජයග‍්‍රහණය කළ නොහැකි බවත් අප ඉතිහාසයේ වරදාගත් තැන එය බවත්ය. සිසු අධ්‍යාපනය විනාසකරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හකුළමින් ආණ්ඩුව යන මේ වැරදි ගමනට තිත තැබිය යුතු කාලය එළඹ ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසූවේය. පස්වරු 12 සිට පස්වරු 1 පමණ වනතුරු පැයකට ආසන්න කාලයක් මෙම විරෝධතාව පැවති අතර මේහිදී සිසුන් විසින් අත්පත‍්‍රිකා බෙදමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද කි‍්‍රියාත්මක කර තිබුණි. 






No comments:

Post a Comment