තර්ජන නවතා සරසවි අනධ්‍යන සේවක ගැටලූ වහා විසඳනු - කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් සිය වැටුප් විෂමතා ඉවත් කරන ලෙසත්, 25%ක දීමනාවක් ලබාදෙන ලෙසත් රජයට බලකරමින් පසුගිය 06 දින සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරතව සිටිති. මේ හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය මුළුමනින්ම අකර්මන්‍ය වී ඇති අතර විශ්වවිද්‍යාල සියල්ලේම පාහේ දේශන හා විභාග කටයුතු ඇණහිට ඇත.

ඔවුන් සිය ගැටලූ විසඳන ලෙසට රජයට බලකරමින් සිදුකරන පළමු අරගලය මෙය නොවන අතර වසර ගණනාවක් තිස්සේ විවිධ කි‍්‍රයාමාර්ග ගන්නා ලද බවත් ඒ සෑම අවස්ථාවකදීම ගැටලූ විසඳන බවට පොරොන්දු වීම නිසා එම කි‍්‍රයාමාර්ග අත්හිටවූ බවත් නොරහසකි. එහෙත් ඒ කිසිඳු පොරොන්දුවක් ඉටුනොකළ ආණ්ඩුව දිගින් දිගටම ඔවුන් රැුවටීමට ලක්කර ඇත. මෙවර අඛණ්ඩ වැඩවර්ජනයකට අවතීර්ණ වීමට බලපා ඇත්තේ ඒ නිසා බවත් සිය ඉල්ලීම් ලැබෙන තුරු වැඩවර්ජනය අත් නොහරින බවත් මෙහිදී සේවකයෝ පවසති.

අනෙකුත් සෑම අරගලයකදී මෙන්ම මෙවරද එස්.බී. දිසානායක ඇමතිවරයාගේ ප‍්‍රතිචාරය වී ඇත්තේ ගැටලූවලට විසඳුම් ලබාදීම නොව පිස්සු බල්ලකු සේ ඔවුන් වෙත කඩා පැනීමයි. වැඩවර්ජනය අත්හිටුවන තුරු සාකච්ඡුා නොකරන බවටත් වර්ජනයට සම්බන්ධ වන සේවකයන්ගේ වැටුප් කප්පාදු කරන බවටත් ප‍්‍රසිද්ධියේ ජනමාධ්‍ය ඉදිරියේ තර්ජනාත්මක ප‍්‍රකාශ නිකුත් කරනවා පමණක් නොව, ඔවුහු ආණ්ඩු ගැති උපකුලපතිවරුන් හා සේවකයන් අතර සිටින හෙන්චයියන් යොදාගනිමින් වැඩවර්ජනය කඩාකප්පල් කිරීමේ උත්සාහයකද නිරතව සිටී.

ඉතාමත් සාධාරණ ඉල්ලීම් මත පදනම්ව ඇති මෙම අරගලයට අපගේ සහාය පළකර සිටින අතර විශ්වවිද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් නොකර ඔවුන්ගේ ගැටලූවලට වහා විසඳුම් ලබාදෙන ලෙස ආණ්ඩුවට බලකර සිටිමු. එසේම එස්.බී. දිසානායක ඇමතිවරයාගේ හා ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිනරයාගේ තර්ජනාත්මක ප‍්‍රකාශ දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකිමු.