අන්තරේ තහනමට යොමුවීම රජය දුර්වල බව කියාපෑමකි.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය තහනම් කිරීම සඳහා තමන් උපදෙස් පතා ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න ප‍්‍රකාශ කොට තිබේ එයට හේතුව ලෙෂ ඔහු පවසා ඇත්තේ එම බලමණ්ඩලය නීති විරෝධී කටයුතු වල යෙදෙන බවයි.
නමුත් එම නීති විරෝධී කටයුතු මොණවාදැයි අමාත්‍යාංශය පෙන්වා දී නැත. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරණායක පවසා අත්තේ මෙම ශිෂ්‍ය බලමණ්ඩලය කොමිසමේ අවසර නොමැතිව විශ්වවිද්‍යාල යන පදය තම නමට යොදා ගැනීම නීති විරෝධී නිසා බවයි. ඔහු තවදුර පවසා ඇත්තේ මෙම ශිෂ්‍ය බල මණ්ඩලය හුදු ශිෂ්‍යන්ට අදාල කටයුතු පිළිබඳ අවධානය යොමු නොකොට දේශපාලන න්‍යායපත‍්‍රයකට අනූව කටයුතු කරන බවයි. තම නමට විශවවිද්‍යාල යන පදය නීති විරෝධීව යොදා ගැනීම මත අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය තහණම් කළ යුතු යැයි විශවවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව තර්ක කරනු ඇතයි සිතිය නොහැකිය. ඒ සඳහා ගත හැකි සරල ක‍්‍රියා මාර්ග ඇති හෙයිනි. අනෙක් අතට විශවවිද්‍යාල ශිෂ්‍යයන් රටේ දේශපාලනය පිළිබඳ උනන්දුවක් දැක්වීම නීති විරෝධීකොට තහනම් කිරීම රටේ ව්‍යවස්ථාවෙන් පුරවැසියනට සහතික නැරෙන දේශපාලන නිදහස උදුරා ගැනීමක් නොවන්නේද?
අන්තර් විශවවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තහනම් කිරීමේ කථාව මුලින්ම ඉදිරිපත් කෙරුණේ විශවවිද්‍යාල ස්වාධීන සිසු හැරවුම් ව්‍යාපාරය නමින් තමන් හඳුන්වාගන්නා ශිෂ්‍යයන් කිහිප දෙකනු නවක වධයට එරෙහිව යැයි කියමින් පසුගිය දින කිහිපයකි කොළඹ කොටුවේ පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකදීය’ මෙහි නායකයකු නවක වධයේ වගකීම අන්තර් විශවවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට පවරමින් රජයට කොන්ද පණ ඇත්නම් වහා අන්තර් විශවවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තහනම් කරන ලෙසයි. ඉන් පසුව මෙම සිසු ව්‍යාපාරය තමන් වගකීම ගන්නා බව කියන නවක වධය පිළිබඳ වාර්තාවක් රැුගත් වීඩියෝ පටයක් ද මධ්‍යයට නිකුත් කොට තිබේ. රජයට මෙතරම් ප‍්‍රබල ලෙස අභියෝග ඛරමින් ආරක්ෂක බලධාරීන්ගේ හෝ සුපුරුදු දේශපාලන මැරවරයන්ගේ කිසිදු බාධාවකින් තොරව දින කිහිපයක් කොළඹ කොටුවේ මෙබඳු අභියෝගයකට මෑත කාලයේදී ස්වයංවාරණයකින් තොරව මෙතරම් ප‍්‍රචාරයක් දෙන්නට මාධ්‍ය නොබියව ඉදිරිපත්වීමත් මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය කොතරම් වර්ධනය වී ඇති ද යන්න පෙන්වන උදාහරණයක් ලෙස රජය ප‍්‍රකාශ කරන්නට ඉඩ තිබේ. එමෙන්ම මෙම විශ්වවිද්‍යාල ස්වාධීන සිසු හැරවුම් ව්‍යාපාරය තම නමට විශවවිද්‍යාල යන පදය යොදාගැනීම ට විශවවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම් සභාවේ අවසරය නිසි පරිදි ලබා ගත්තා විය යුතුය. එසේ අවසර ගැනීමේ පදනම අනූව වෙනත් ඕනෑම සිසු ව්‍යාපාරයකට ද මෙබඳු අවසරයක් ලබා ගැනීම අපහසු නොවිය යුතුය. මෙය ද විශවවිද්‍යාල ශිෂ්‍යයන්ට සංවිධානය වීමට සහ අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති නිදහස් පරිසරය සනාථ කරන්නක් යැයි රජය කියනු ඇත. නමුත් යථාර්ථය මෙයද?
නවක වධය පිළිබඳ මෙම නව ශිෂ්‍ය ව්‍යාපාරය දැන් කල එළි බසින්නේ මෙම මොහොතේ නවග වධය පිළිබඳ ආන්දෝලයක් මතුවී ඇති නිසා නොවේ. දැන් නව වසරට සිසුන් බඳවා ගත් පසු ඔවුන් ගත කරන දෙවැනි සෙමෙස්තරයද මැදට විශවවිද්‍යාල පැමිණ තිබේ. එහෙයින් පෙනීයන්නේ මෙය කල් තබා සැලසුම් කරන ලද දේශපාලන වැඩ පිළිවෙලක් බව නොවේද? නව සිසු ව්‍යාපාරය පිළිබඳ වාර්තා කළ වෙබ් අඩවිවලට අනූව එම ව්‍යාපාරයේ නායකයකු දැන් කොළඹ විශවවිද්‍යාලයේ ශිෂ්‍යයෙකි. එම පුවතට අදහස් දක්වනනවුන්ට අනූව ඔහු මීට පෙර පේරාදෙණිය විශවවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු ව සිටියේය. එහිදී නවක වධයට බඳුන් වී ඇත. එමෙන්ම ඔහු විශවවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ වෘත්තිය ක‍්‍රියා මාර්ගයට එරෙහිව නඩු පැවරූ අයගෙන් කෙනෙකි. මෙම ශිෂ්‍යයා තමන්ට නවක වධය දීමට අන්තර් විශවවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය වග කිව යුතු යැයි විශ්වාස කරන්නේ නම් ඔහු එම සංවිධානය සමග ත්‍කාපයක් ඇති කර ගැනීම අපට වටහා ගත හැකිය. එහෙත් අන්තරය තහනම් කරන ලෙෂ ඔහු කරන ඉල්ලීම හුදු පෞද්ගලික ප‍්‍රශ්නයකට දිය හැකි විසඳුමකට වඩා දුර ගිය යන කාරණයකි. මෙම මාතෘකාව සහ නවක වධය පිළිබඳ විශවවිද්‍යාල ශිෂ්‍යයන් සහ උපාධීධාරීන් ගේ අදහස් දැන ගන්නට නම් වෙබ් අඩවි වල ඔවුන් දක්වා ඇති අදහස් කියවිය යුතුය.
විශවවිද්‍යාල වල නවක වධය පැවැත්වීමට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ අන්තර් විශවවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය යැයි කියමින් එහෙයින් එය තහනම් කරන්නැයි මෙම නව ශිෂ්‍ය ව්‍යාපාරය රජයට බලකර සිටීම හමුවේ වහාම ක‍්‍රියාත්මක පරිදි අන්තර් විශවවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තහනම් කරන්නට නීති උපදෙස් පතන්නට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත්, එබඳු තහනමක් සාධාරණය කැරෙන හේතු දක්වන්නට විශවවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවත් ඉදිරිපත් වී සිටීම මහජනායා හමුවට ගෙන එන කරුණු සම්බන්ධයෙන් තමන් කොතරම් කාර්යක්ෂමව ක‍්‍රියාත්මක වන්නේ ද යන්න පෙන්වන උදාහරණ ලෙස රජය ප‍්‍රකාශ කරන්නට ඉඩ තිබේ.එහෙත් සාමාන්‍යයෙන් මෙබඳු කරුණදී සිදුවිය සිදුවිය යුත්තේ එබඳු චෝදනාවක සත්‍ය අසත්‍යභාවය සෙවීම සඳහා විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය ක‍්‍රියා මාර්ගයක් ගැනීම යි. එසේ නොකොට ඒ පිළිබඳ ක්ෂණික තින්දු ගැනීම නිලධාරීන්ට පැවරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය කෙරෙහි ජනයාගේ විශ්වාසය තව දුර පළුදු වීමටද හේතු විය හැකිය.
විශවවිද්‍යාල දෙකක හැරෙන්නට අන් සියලූ ඒවායේ නවක වධය තුරන් කොට ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය වරයා ප‍්‍රකාශ කළේ වැඩි ඈතක දී නොවේ. එමෙන්ම විශවවිද්‍යාල වලින් ජනතා විමුක්ති පෙරමුණ තුරන් කරන්නට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පෞද්ගලිකව මෙහෙයවූ ව්‍යාපාරය මෙයට හේතු වූ බව ද ප‍්‍රකාශ වී තිබේ. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ ට තව දුරටත් බලයක් නැති විශවවිද්‍යාල වල රජයට පක්ෂපාත ශිෂ්‍ය කණ්ඩායම් යටගේ නවක වධය තව දුරටත් ක‍්‍රියාත්මක වන බවද වාර්තා වී තිබේ. එබඳු විශවවිද්‍යාලවල උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් හඳුන්වා දුන් නායකත්ව පුහුණුව ලබා විශවවිද්‍යාලයට ඇතුළත්ව නොවාසිකාගාර වලට ඇතුළත් වූ නවක සිසුන් තමන් සමග ඔකට නායකත්ව පුහුණුව ලත් නමුත් නේවාසිකාගාරවලින් පිටත පදිංචි පළමු වසරේ අනෙක් සිසුන්ට නවක වධය දීමට ජ්‍යෙෂ්ඨයන්ට හවුල් වූ බවද වාර්තා වී තිබේ. මෙම තත්ත්වය යටතේ නවක වධය පිළිබඳ අන්තර් විශවවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තහනම් කරන්නට යෑම අප රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී භාවිතාව පිළිබඳ මතුකරන ගැටලූ අප විමසා බැලිය යුතුය.
ජනතා විමක්ති පෙරමුණට අනුබද්ධ ලෙස සලකනු ලැබූ අන්තර් විශවවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ලංකාවේ විශ්වවිද්‍යාල වල දේශපාලන බලය කාලයක් අත්පත් කොට දෙන සිටි අතර ඒවායේ නවක වධය පැවැත්වීම පිළිබඳ චෝදනා ඔවුන්ට එල්ල වී තිබිණි. එමෙන්ම විශවවිද්‍යාල ශිෂ්‍යයන් ට හා උසස් අධ්‍යාපනයට බලපාන ප‍්‍රශ්න පිළිබඳ හැම රජයක් යටතේම විරෝධතා සඳහා ශිෂ්‍යයන් සංවිධානය කොට මූලිකවම කොළඹ වොඞ් පෙදෙසේ පිහිටි උසස් අධ්‍යාපන අමාත්‍යංශයට සහ විශවවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට එරෙහිව මෙහෙයවීමද රජයෙන් ඔවුන්ට විරුද්ධව නැගුණු චෝදනාවකි. මෙම ක‍්‍රියාවන් සම්බන්ධයෙන් කලක සිට ඔවුනට විරෝධයක් පල විය. හරයටම ජනතා විමක්ති පෙරමුණේ ප‍්‍රචණ්ඩ දේශපාලනය පිළිබඳ සමාජයේන් එල්ල උන විරෝධය මෙනි. මෙම විවේචනය හමුවේ ජනතා විමුක්ති පෙරමුණ වෙනස් වූවා සේම අන්තර් විශවවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයද වෙසන් වෙමින් සිටින බව පෙන්නු ම් කළ උදාහරණ මෑතදී දක්නට ලැබුණි.
නවක වදය පිළිබඳ ස්ථාවරයක් ගන්නා ලෙස සමාජයෙන් එල්ලවන බලපෑම් හමුවේ තමන් නවක වධය අනුමත නොකරන බව අන්තර් විශවවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කොට තිබේ. දැන් සිදු විය යුත්තේ මෙම පණිවිඩය තමන් නියෝජනය කරන ශිෂ්‍ය ප‍්‍රජාව අතර තහවුරු කිරීමට අන්තර් විශවවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය දිරි ගැන්වීමයි. නවක වධ විරෝධී පණිවිඩය රජයට පක්ෂපාත ශිෂ්‍ය කණ්ඩායම් විසින් මෙහෙයවන ශිෂ්‍ය ප‍්‍රජාවන් අතරට ගෙනයෑම රජයේ වගකීම වේ.
එමෙන්ම තමන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශිෂ්‍ය දේශපාලනයක යෙදීමට සමත් බව අන්තර් විශවවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පැහැදිළිව පෙන්නූ අවස්ථා මෑත කාලයේ දී දිගින් දිගටම මාධ්‍යයෙන් දැකගන්නට ලැබුණි. ඉන් එක් අවස්ථාවක අන්තර් විශවවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයෙන් නායකත්වය යටතේ ගාලූ පාර දිගේ සාමකමී විරෝධතා පා ගමනක යෙදුනු සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ජනාධිපති වසන අධිආරක්ෂිත කලාපයට ඇතුල් වන්නට ඉඩ නොදී කොල්ලූපිටිය මන්සංධියේදී පොලීසිය ඔවුන් නවතා ලූ විට ශිෂ්‍යන් වැස්සට හසු වී පාර පුරා දමා තිබූ තමන් ගෙන ආ විරෝධතා පුවරු හා බැනර් යනාදිය සියල්ල පාරෙන් ඉවත් කොට පාර පිරිසිදු කොට සාමකමීව විසිර ගිය ආකාරය බලා සිටියවුන්ගේ සිත් පහන් කරවන සුළුය. එබඳුම තවත් අවස්ථාවක් දැක ගන්නට ලැබුනේ රුහුණ විශවවිද්‍යාලයේදී අන්තර් විශවවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ ශිෂ්‍ය විරෝධතාවකදී මාතර නගර මධ්‍යට පෙළපාලියකින් යෑමට සූදානම් වූ සිසුන් පොලීසිය විසින් නවතා ලූ විට ඔවුන් පොලිසිය සමග නොගැටී සරසවි භූමියේ සිට ප‍්‍රධාන පාර දක්වා පමණක් පැමිණ එහි සිට තම විරෝධතාවය සාමකාමීව දැක්වූ අයුරු සිත් ඇදගන්නා සුඳු විය. මේ හා සමාන ක‍්‍රියා පිළිවෙතක් පේරාදෙණිය සරසවියේ දී පැවති සිසු විරෝධතාවන්හිදී අන්තර් විශවවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අනුගමනය කරනු දක්නට ලැබුණි.
අප කළ යුත්තේ තරුණ තරුණියන්ට මෙලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ සාමකාමී ලෙස තම දේශපාලනයේ යෙදීමට දිරි ගැන්වීම මිස නීතිය අයුතුලෙස යොදවාගෙන ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයෙන් පාතාලයට පලවාහැරීම නොවේ. තමන් රුචි දේශපාලනයක නිරතවීමේ අයිතිය ප‍්‍රභූ පැලැන්තියේ තරුණ තරුණයන්ට පමණක් තිබිය යුතු වරප‍්‍රසාදයක් නෙවේ මෙම අයිතිය තරුණයන් ගෙන් පැහැරගත හොත් එය අප සමාජය ඉමහත් වියවුලකට යලිත් මග පාදනු ඇත. ශිෂ්‍ය දේශපාලනය ලොව වෙනත් බොහෝ රටවල මෙන්ම ලංකාවේ සරසවි සම්ප‍්‍රදායේ ඒකාග‍්‍ර අංගයකි. මෙරට අප දන්නා බොහෝ දේශපාලන නායකයෝ ශිෂ්‍ය දේශපාලනයෙන් පන්නරය ලැබූවෝ වෙති. විශවවිද්‍යාල තුළ දේශපාලනය කිරීමේ නිදහස විශවවිද්‍යාල ස්වාධීන සිසු හැරවුම් ව්‍යාපාරයටත් අන්තර් විශවවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයටත් එක හා සමානව තිබිය යුතුය. රජය විසින් කළ යුත්තේ මෙබඳු ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයකට අන්තර් විශවවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය දිරි ගැන්වීම මිස එය තහනම් කිරීම මගින් අප සමාජයට අලූත් ප‍්‍රශ්ණයක් නිර්මාණය කිරීම නොවේ.
1983 කලූ ජූලියේදී ජනාධිපති ජේ ආර් ජයවර්ධන දේශපාලන අරමුණක් සඳහා බොරු චෝදනා නගා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළේය එයින් අප සමාජයට අත්වූ භයානක ප‍්‍රතිඵල අප දනිමු. සමාජයෙන් පැනනැගෙන දේශපාලන බලවේග තහනම් කිරීමෙන් අහෝසිකළ හැකි යැයි සිතීම අනුවණ කමකි. කළ යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකාරයට ඒවා ප‍්‍රකාශයට පත් වීමට අවශ්‍ය පරිසරය සම්පාදනය කිරීමයි. අන්තර් විශවවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය නියෝජනය කරන්නේ එයට උපත දුන් ජනතා විමුක්ති පෙරමුණ සහ දැන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයද නියෝජනය කරන ග‍්‍රමීය පහල සමාජ පංතීන්ගේ ශිෂ්‍ය පරපුරයි. තම සමාජ සහ පංති පදනම් හේතුවෙන් තමාට සමාජයේ මුහුණදීමට සිදු වී ඇති පවත්නා තත්්ත්වය පිළිබඳව පරපතල ගැටලූ මොවුනට තිබේ. තම අනාගතය පිළිබඳව ඇති අවිනිශ්චිතතාව මින් ප‍්‍රධානය. ඔවුන්ගේ හඬ බවට පත් වී ඇති අන්තර් විශවවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තහනම් කිරීමෙන් සිදු වනු ඇත්තේ එම ශිෂ්‍ය ප‍්‍රජාවේ දේශපාලනය පාතාල ගත කිරීම මිස එම දේශපාලනයට හේතු වන සමාජ තත්ත්වයන් වෙනස් කිරීමක් නොවේ. මෙබඳු පාතාලගත කිරීමක් සමාජයට අහිතකර වෙනත් ස්වරූප වලින් මතු වීමට ඇති ඉඩ කඩ බොහෝය. අන්තර් විශවවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය දැන් අයත් වන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන් මෑතකදී කැඞී වෙන් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයටය. රජය එය තහනම් කිරීමට සැරසෙන්නේ රජය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ඇති බිය නිසා එය අඩපණ කිරීමේ අරමුණින් යැයි අදහසක් සමාජයේ පහළ වී නම් එය රජය තම දේශපාලන සතුරන් අයුතු ලෙස මර්දනය කරන්නට පෙළඹුණු තවත් අවස්ථාවක් ලෙස ජනතාව භාර ගනු ඇත. අනෙක් අතට මෙම යෝජිත තහනම රජය විසින් ඉදිරියේදී කෙසේ හෝ ක‍්‍රියාත්මක කරන බවට උසස් අධ්‍යාපන ඇමති ප‍්‍රකාශ කොට ඇති පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාවගෙන් එල්ල විය හැකි විරෝධය කල් තබා මර්දනය කරන්නට ගන්නා උපක‍්‍රමයකැයි යන අදහස සමාජයේ පැතිරයෑම රජය තම ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින්නේ යැයි එල්ල වන විවේචනය මහජනයාට සනාත කරන තවත් අවස්ථාවක් වනු ඇත.
දිගු කාලයේ දී අප සමාජය සුරකින එහි පදනම වී තිබී ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. එය උල්ලංඝනය කරන කුමන හෝ බලවේගයක් සමාජ විවේචනය හමුවේ තම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාමාර්ග නිවැරදි කර නොගන්නේ නම් ඉක්මනින් හෝ ප‍්‍රමාද වී හෝ තමනට ඉඩ ලැබෙන පළමු අවස්ථා වේ එවා සමාජයෙන් ප‍්‍රතික්ෂේප කිරීම මෙරට ජනතාවගේ පිළිවෙත වී තිබේ. මෙම නියාමය අන්තර් විශවවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයටත් රජයටත් එකසේ අදාල බව මගේ අදහසයි.
උපුටා ගැනීම
කුමදු කුසුම් කුමාර.
(රාවය 2012-06-10)