අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩපිළිවෙලට බාධාවක්වන අන්තරය තහනම් කිරීමට ආණ්ඩුව කිඹුල් කඳුළු හෙළනවා

වත්මන් මහින්ද රාජපක්ෂ පාලනය විසින් ගෙන යනු ලබන අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩපිළිවෙලට එරෙහි විශාලතම බාධකය වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තහනම් කිරීම සඳහා ආණ්ඩුව නොයෙක් ආකාරයේ නාටක රඟ දක්වමින් සිටින බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (07) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
එහිදී අදහස් දැක්වූ සංජීව බණ්ඩාර සහෝදරයා,
අපි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්න තීරණය කළේ සුවිශේෂී කරුණු කිහිපයක් මත. එක පැත්තකින් කි‍්‍රයාත්මක වන අධ්‍යාපන පෞද්ගලිකකරණ කි‍්‍රයාවලිය පිළිබඳවත් අනෙක් පසින් ශිෂ්‍ය ව්‍යාපාරය වෙත මුදාහරින්න සුදානම් වන, නව වටයකින් දිගහැරෙන මර්දනය පිළිබඳවත් දැනුවත් කිරීම ඉන් ප‍්‍රධාන වෙනවා..
                අද රට තුළ පෞද්ගලිකකරණය ප‍්‍රතිපත්තියක් ලෙසම කි‍්‍රයාත්මක වනවා කියන එක ඉතාමත්ම පැහැදිලි සත්‍යයක් බවට පත්වෙලා තියෙනවා. ලොව පුරා නව ලිබරල් ධනවාදී ප‍්‍රතිසංස්කරණ නව වටයකින් දියත් වන මේ වෙලාවේ කෙසේ හෝ ඊට අදාළ ප‍්‍රතිසංස්කරණ ලංකාව තුළ කි‍්‍රයාත්මක කිරීමේ වගකීම රාජපක්ෂ රෙජීමය භාර අරගෙන තියෙනවා.
                අද මේ කි‍්‍රයාත්මක වෙමින් තියෙන්නේ ඒ ප‍්‍රතිසංස්කරණ තමයි. මේ ප‍්‍රතිසංස්කරණවල මූලික ලක්ෂණයක් තමයි ආර්ථිකයේ රජයේ පංගුව මුළුමනින්ම දියකර හැරීම සහ මෙතෙක් ලබාදුන් සියලූ සමාජ සුබසාධන කප්පාදු කර හැරීම. එය ඉතාමත් නිරවුල් ලෙසම ලංකාව තුළ සිදුවෙනවා. අධ්‍යාපනය හා සෞඛ්‍යය යන ක්ෂේත‍්‍රවලට විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා.
                අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ ජනිත වෙලා තිබෙන සකලවිධ ප‍්‍රශ්න මෙකී ප‍්‍රතිසංස්කරණ හොඳින් හෝ නරකින් කිරීමට යාමේ දැනුවත් උත්සාහයක ප‍්‍රතිඵලයක් මිසක අහම්බයක් නෙවෙයි. එය උපරිම රාජ්‍ය අනුග‍්‍රහයක් යටතේ පෞද්ගලික පාසල්, විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ සිට රාජ්‍ය පාසල් සහ විශ්වවිද්‍යාල දුර්වල කර ඒවා වසාදැමීමත් අනෙක් පසෙන් ඒවා අර්ධ පෞද්ගලික මට්ටම දක්වා ගෙනඒමත් ලෙසින් කි‍්‍රයාත්මක වෙනවා.
රටක හොඳ අධ්‍යාපනයක් පවත්වාගෙන යන්න නම් ද.දේ.නි. 6%ක අවම ප‍්‍රතිශතයක් හෝ වෙන්කිරීම ලෝකයේ පිළිගත් සම්මුතිය වුවත් එය ලංකාව තුළ ඉතිහාසයේ අඩුම වාර්තාගත ප‍්‍රතිශතය ලෙසින් 1.3%ක් රාජපක්ෂ ආණ්ඩුව යටතේ වෙන්කරල තියෙන්නේ. ඒ නිසා අද පාසල්, විශ්වවිද්‍යාල පවත්වාගෙන යා නොහැකි මහා අර්බුදයකට වැටිල තියෙනවා. එක් පැත්තකින් පාසල් වැහිල යනවා. 2005සිට 2010දක්වා කාලවකවානුව තුළ පමණක් පාසල් 355ක් වැහිල ගිහිල්ල ඉවරයි. ඒ වගේම තමයි තවත් වැසීයාමට නියමිත පාසල් විශාල සංඛ්‍යාවකුත් තියෙනවා. අනෙක් පසෙන් පාසල් නඩත්තුව මුළුමනින්ම මව්පියන් මත පැටවිලා ඉවරයි. පාසල් සංවර්ධන මණ්ඩල කියල ව්‍යූහයක් අද හඳුන්වා දී තියෙනවා. එය තියෙන්නෙ පාසල් නඩත්තුව මව්පියන්් මත පැටවීමටයි.
ඒ වගේම තමයි පාසල් පද්ධතිය තුළ විෂමතාවය වේගයෙන් වර්ධනය වෙනවා. සියලූ පහසුකම් සහිත පාසල් කිහිපයකුත් අවම පහසුකම් හෝ නොමැති පාසල් පද්ධතියකුත් නඩත්තු කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස පාසල් කිහිපයකට සිසුන් ඇතුළත් කිරීම සඳහා විශාල ඉල්ලූමක් නිර්මාණය වෙලා තියෙද්දි අනෙක් පැත්තෙන් එකදු ළමයෙක්වත් ඉල්ලූම් නොකළ විශාල පාසල් ප‍්‍රමාණයක් සිසුන් නොමැතිකමින් වැසීයාමේ අර්බුදයකට මුහුණදීල තියෙනවා.
                මේ ප‍්‍රශ්නයට සැබෑ විසඳුම් ලෙස පාසල් සියල්ල අත්‍යවශ්‍ය පහසුකම් සහිතව දියුණු කිරීම වෙනුවට සිදුකරණ ආණ්ඩුවේ ගොන අමන තකතීරු තීන්දු නිසා වසරකට චක‍්‍රලේඛ 7-8ක් නිකුත් කරනවා. හැබැයි ඒ තුළිනුත් වෙන්නෙ ප‍්‍රශ්නය තවතවත් ව්‍යාකූල වීම මිසක විසඳීම නෙවෙයි.
                දින කිහිපයකට පෙර නිකුත් කරන ලද ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට අදාළ චක‍්‍රලේඛය එක් නිදසුනක් ලෙස ඉදිරිපත් කළ හැකියි. විරෝධතා නිසා අන්තිමේ ඒ මෝඩ උත්සාහය ආණ්ඩුවට අකුළගන්න සිද්ධවුණා.
                නිදහස් අධ්‍යාපනය රකිනව කියල බලයට ආපු රාජපක්ෂ ආණ්ඩුව කාලෙ තමයි අධ්‍යාපනය මහා ඓතිහාසික සංහාරයක් සිද්ධ වෙලා තියෙන්නෙ.
පෙළපොත වැරැද්දුවා., වාර විභාග වැරැද්දුවා. ජාතික මට්ටමේ කීර්තිමත් ඉතිහාසයක් තිබුණ සා/පෙළ, උ/පෙළ විභාග ප‍්‍රශ්න පත‍්‍ර වැරැද්දුවා. ශිෂ්‍යයෝ හරියට ලියපු ගුරුවරු නිවැරැදිව බලපු විභාග ප‍්‍රතිඵලය නිකුත් කරගන්න බැරුව විභාග ප‍්‍රතිඵල මහා අවුල් ජාලාවක් බවට පත් කළා. ඒ ප‍්‍රශ්නේ තවමත් විසඳිලා නෑ. ඒ නිසා පවත්වන්න නියමිතව තිබුණු හමුදා පුහුණුව කල්දාන්න ඔවුන්ට සිද්ධ වුණා. විශ්වවිද්‍යාලවලට කරන බඳවාගැනීම් කල්යනවා. ශිෂ්‍යයන්ව දෙපැත්තකින් අසාධාරණයට ලක්වෙනවා.
                ඒ විතරක් නෙවෙයි අද සාමාර්ථ තුනක් ගත්තත් යන්න විශ්වවිද්‍යාලයක් නෑ. මොකද රාජ්‍ය විශ්වවිද්‍යාල පුළුල් කිරීමක් සිදුවෙන්නෙ නෑ. ඒ වෙනුවට ප‍්‍රතිපාදන කපල දිනෙන් දින අර්බුදයට යවමින් තියෙනවා. ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ ප‍්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 1325කින් කපල දැම්මා. දැනටමත් ඉදිකිරීම් නැවතිලා තියෙනවා. අලූත් ඉදිකිරීම් සිදුවෙන්නේ නෑ.
                විශ්වවිද්‍යාල නඩත්තුවට මුදල් නැතිව විශාල මුල්‍ය අර්බුදයක් විශ්වවිද්‍යාල ඇතුළේ නිර්මාණය වෙලා තියෙනවා. දැන් හුඟක් විශ්වවිද්‍ය ාල නඩත්තු වෙන්නේ අහිංසක ශිෂ්‍යයන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාර මුදල්වලින් කිව්වොත් ඔබ පුදුම වේවි. මහපොළ ශිෂ්‍යාධාර මුදල් මාසිකව සිසුන්ට ලබාදිය යුතුයි. ඒත් දැන් ඒ මුදල් මාස ගණන් නොදී නඩත්තුවට යොදවනවා. සබරගමුවෙ මාස තුනකින් මහපොළ දුන්නේ නෑ. රජරට මාස හතරකින් මහපොළ දීල නෑ.
                ඒ විතරක් නෙවෙයි අද පාඨමාලා මුදලට විකුණන්න පටන් අරන් විශ්වවිද්‍ය ාල නඩත්තුවට මුදල් හොයන්න. රුහුණ විශ්වවිද්‍යාලය තුළ අලෙවි කළමනාකරණ පාඨමාලාවක් දැනටමත් ආරම්භ කරල තියෙනවා. අනෙක් පසින් සිසුන්ට විශ්වවිද්‍යාල තුළ මෙතෙක් ලබාදුන් සියලූ සේවාවන් වෙනුවෙන් ගාස්තු අය කරනවා.
                රුහුණ සරසවියෙ වෛද්‍යපීඨයේ නේවාසිකාගාරවලින් මාසයකට රුපියල් 600ක් ගන්න යනවා. පේරාදෙණියෙ වාර්ෂික ලියාපදිංචි ගාස්තු රුපියල් 250සිට 1000දක්වා මේ අවුරුද්දෙ වැඩි කළා. රුහුණෙ සමාසිකයකට නැවත මුදල් අය කරන්න යනවා. ඒ කියන්නෙ මාස 6න් 6ට නඩත්තුවට ශිෂ්‍යයෝ සල්ලි ගෙවන්න  ඕන. නමුත් ප‍්‍රශ්නේ තියෙන්නෙ මේව කෙහෙන්ද ශිෂ්‍යයො ගෙවන්නෙ කියන එකයි.
                මහපොළ වැඩි වෙලා නෑ. ශිෂ්‍යාධාර වැඩිවෙලා නෑ. මව්පියන්ගේ ආදායම් හෝ වැටුප් ඉහළ ගිහිල්ලත් නෑ. ඒ වෙනුවට උද්ධමනයත් එක්ක මහපොළ ශිෂ්‍යාධාරයේ මූර්ත අගයත් 50%කින් පමණ අඩුවෙලා තියෙනවා. 2005රුපියල් 2500කින් මාසයක් ජීවත් වුණ බව ඇත්ත. ඒත් අද සතියක්වත් ජීවත් වෙන්න අමාරු තත්වයක් තියෙන්නෙ.
ඒ වගේම තමයි මෙම මූල්‍ය අර්බුදය නිසා අධ්‍යාපන කි‍්‍රයාවලියත් අර්බුදයට ගිහිල්ල තියෙනවා. ක්ෂේත‍්‍ර චාරිකා, අධ්‍යයන චාරිකා පවා කප්පාදු කරනවා. මේ ආණ්ඩුව කොච්චර බංකොලොත්ද කියනවනම් විශ්වවිද්‍යාලවලට ලබාදෙන පුවත්පත් කෝටාව පවා කප්පාදු කරන්න යනවා. රුහුණෙ කෘෂි පීඨයෙන් ඒක ආරම්භ කළා. රජරට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට බොන්න වතුර පොදක් නෑ. නේවාසිකාගාරවල වතුර කපල සිසුන් දවස් දෙකේ තුනේ නාන්න, රෙදි සෝදන්න නැතුව ඉන්නවා.
                මේ අපේ රටේ අධ්‍යාපන ප‍්‍රශ්නවලින් කිහිපයක් විතරයි. තව අනන්තවත් ප‍්‍රශ්න තියෙනවා. අපි මේ ප‍්‍රශ්න වෙනුවෙන් අඛණ්ඩව සටන් වැදුණා. ශිෂ්‍ය ව්‍යාපාරය විතරක් නෙවෙයි විශ්වවිද්‍යාල ආචාර්යවරු පවා සටන් වැදුණා. අනධ්‍යයන සේවකයෝ මේ මොහොතෙත් අඛණ්ඩ වැඩවර්ජනයකට අත තියල තියෙනවා.
                මේ සටන් ඉස්සරහ අද ආණ්ඩුව අසරණ වෙලා යන එන මං නැතුව නන්නත්තාර වෙලා ඉන්නෙ. පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුළගන්න වුණා. ආචාර්ය අරගලය යම් ප‍්‍රමාණයකින් ජයග‍්‍රහණය කළා. ජාතික පාසල් චක‍්‍රලේඛය ඉවත් කරගන්න සිද්ධ වුණා. උසස් පෙළ ප‍්‍රශ්නෙත් හිතපු තරම් ලේසියෙන් යටගහන්න බැරිවෙලා තියෙනවා.
                ඒ නිසා තමන්ට රිසි සේ අධ්‍යාපනය වනසන්න ඉඩ නොලැබීම නිසා වියරු වැටිල, මේ ප‍්‍රශ්න වෙනුවෙන් සටන් කරන බලවේග පස්සෙ පන්නනවා.   
                පසුගිය අවුරුදු 3තුළම අපි විවිධාකාරයෙන් මෙම මර්දනයට මුහුණ දුන්නා. සියදහස් ගණනක් සිසුන්ගේ පන්ති තහනම් කළා. ශිෂ්‍යභාවය අත්හිටෙව්වා. නඩු දැම්මා. සිරකුටිවල ගාල් කෙරුවා. හමුදා පුහුණුවක් දීලා දණගස්සන්න හැදුවා. හමුදාව ඇතුළට රිංගවල ඒක කරන්න හැදුවා. ඒත් අන්තිමේ ආණ්ඩුවට ශිෂ්‍ය ව්‍යාපාරය දණගස්සන්න බැරි වුණා. අපි තවමත් අභීතව සටන් වදිනවා.
                ඒ නිසා දැන් අලූත් වැඩකට අතගහල තියෙනවා. ඒ තමයි අන්තරේට විරුද්ධව ජනතා මතය බිඳවල, තහනම් කරල, ඊට පස්සෙ නිහඬ කරන එක තමයි උත්සාහය වෙලා තියෙන්නේ.
                ත‍්‍රස්තවාදියො කියල කිව්වා. ඩයස්පෝරාවට සම්බන්ධයි කියල කිව්වා. දැන් නවක වධයක් අරන් නවකයන්ට වධ දෙන නරුමයො පිරිසක් කියල කියන්න හදනවා.
                ඒකට ශිෂ්‍යයෝ කියල පෙනී ඉන්න බඩගෝස්තරවාදී ශිෂ්‍යයෝ කිහිපදෙනකුත් සම්බන්ධ කරගෙන තියෙනවා. ඔවුන් අද අන්තරේ තහනම් කරන්න කියල මරලතෝනි දෙනවා. අධිකරණ කි‍්‍රයාමාර්ග ගන්න යනවා.
                මේ එන්නෙ මොකකටවත් නෙවෙයි. ඉස්සෙල්ල සමාජ මතයක් හදල, පස්සෙ ජනතාවගේ අනුමැතියත් එක්ක අන්තරේ තහනම් කරල කිසිදු බාධාවක් නැතිව අධ්‍යාපන පෞද්ගලිකකරණය කරගෙන යන්න.
                ඒ අරමුණ මත තමයි දැන් මේ නවකයො ගැන හදිසියේ අනුකම්පාවක් පහළ වෙලා තියෙන්නෙ. මොකද විරුද්ධ මත දරනවා කියල අන්තරේ තහනම් කරන්න බෑ. උද්ඝෝෂණ කරා කියල, පාගමන් ගියා කියල ඒක කරන්න බෑ. ඒ නිසා අන්තරේ තහනම් කරන්න නම් මොකක් හරි සමාජය පිළිගන්න, ඒත්තු ගන්වන්න පුළුවන් කතාවක් කියන්න  ඕන. ඒකට තමයි මේ ශිෂ්‍ය ප‍්‍රශ්න, අධ්‍යයන ප‍්‍රශ්න ගැන කතා නොකර නවක වදයක් ගැන කියවන්න පටන් අරන් තියෙන්නෙ.
                අද ප‍්‍රශ්නේ අන්තරේ තහනම් කරනවාද, නැද්ද කියන එක නෙවෙයි. ඒක පිටුපස්සේ තිබෙන අරමුණ. ඒක තමයි මුළුමනින්ම අධ්‍යාපනය විකුණා දැමීම. ඒක කිසිසේත්ම මේ රටේ බහුතර ජනතාවට සුබවාදී වෙන්නේ නෑ. තවත් රදළ ප‍්‍රභූ මුදල් හිමි පන්තියකට පමණක් අධ්‍යාපනය ඔවුන්ගේ වරප‍්‍රසාදයක් වෙන්න මේක මගපෑදෙනවා. එයට එරෙහිව සමාජය පෙළගැසිය යුතුයි.
                අපි සූදානම් ඒ සටනට නායකත්වය දෙන්න. අන්තරේ තහනම් කරල, අපිව මර්දනය කරල ඒ සටන වළක්වන්න බෑ. පොලිස් ප‍්‍රහාර, කඳුළු ගෑස්, වෙඩි උණ්ඩ, අධිකරණ, හිරගෙවල් මේ කිසිවකට බෑ අපේ ගමන වළක්වන්න. අපි වගේම අපිව අහගෙන ඉන්න මේ රටේ සාතිශය බහුතරයක් වන අහිංසක මව්පියන්ගෙ දරුවොත් ඉගෙනගන්න  ඕන. ඔබේ දරුවාට යන්න පාසලක්  ඕන. විශ්වවිද්‍යාලයක්  ඕන. ඒවා වැහිල යද්දි අපිට අපේ උපාධිය ගැන විතරක් හිතන්න පුළුවන් කමක් නැහැ. එහෙම හෘද සාක්ෂියක් අපට නෑ. අපි කරන මේ අරගලය නවත්වන්න පපුව පසාරු කරගෙන යන වෙඩි උණ්ඩයකටවත් බෑ. ඉතිහාසයේ ඒක ඔප්පු කරල තියෙනවා. ඉතින් අපි අඛණ්ඩව සටන් වදිනවා. මව්පියන් වන ඔබෙනුත් අපි ඉල්ලන්නෙ ඒ වෙනුවෙන් පෙරට එන්න. මොකද ඔබ නිහඬව ඉන්නතාක් කල් අපි කරන අරගලයෙන් විතරක් ජයග‍්‍රහණ ලබන්න බෑ.