සිසු අරගල කුමකටද?

 ‘‘උසස් පෙළ සමත්වන විශාල පිරිසකගෙන් විශ්වවිද්‍යාල සහා වරම් ලැබෙන්නේ ඉතාමත් අතලොස්සකටය. එසේ වුවද උසස් පෙළ සමත්වන සියලූම තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය හැදෑරීමේ අයිතිය සුරැකිය යුතු වන අතර මම ඒ අභියෝගය භාර ගනිමි.’’
උක්ත ප‍්‍රකාශය ‘‘මහින්ද චින්තන’’ වැඩපිළිවෙළින් ගත්තකි. මීට අමතරව උසස් අධ්‍යාපනය පුඑල් කිරීම හා දියුණු කිරීම සහා වන යෝජනා ගණනාවක් ඉදිරිපත් විය.
එහෙත් ඒ කිසිදු යෝජනාවක් මෙතෙක් ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක නොවීය. අධ්‍යාපනය ද ඇදගෙන යමින් ඇත්තේ පරණ පුරුදු මාවතේ මය. වසර 06 ක් තිස්සේ උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ අප දුටු සාධනීය වෙනසක් නැත. සිදුවී ඇත්තේ රටේ දරුවන් කබලෙන් ලිපට ඇදවැටීමය.උසස් අධ්‍යාපන අවස්ථා සීමිත වීම අධ්‍යාපන තුළ ඇති දහසකුත් එකක් ප‍්‍රශ්න අතරේ තවක් එක් දැවෙන ප‍්‍රශ්නයකි. වාර්ෂිකව 250,000 කට අධික ශිෂ්‍ය සංඛ්‍යාවක් උසස් පෙළ සහා ඉදිරිපත් වේ. ඉන් උසස් අධ්‍යාපනය සහා සුදුසුකම් ලබන ප‍්‍රමාණය 120,000 කටත් වඩා අධික වේ. ජනාධිපතිවරයාද මහින්ද චින්තනයෙන් පිළිගෙන ඇති ආකාරයට ම මේ සියලූම සිසුන්ට උසස් අධ්‍යාපනය ලැබීම සහා අයිතියක් තිබේ. එය උල්ලංඝනය වීම විශාල අසාධාරණයකි. එහෙත් මේ රටේ සිසුන් ලක්ෂයකට අධික ප‍්‍රමාණයක් මෙකී අසාධාරණයට වාර්ෂිකව ගොදුරු වෙති.විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පහසුකම් ඇත්තේ වාර්ෂිකව සිසුන් 20,000 ක් බවාගැනීම සහා පමණි. ආණ්ඩුව මෙම ප‍්‍රමාණය විටෙක 22,000 ක් දක්වා ද තවත් විටෙක 26,000 ක් දක්වා ද ඉහළ දමන බව පැවසුව ද අඩුම තරමේ ඉඩකඩ පහසුකම් ඇති ප‍්‍රමාණයටවත් සිසුන් බවා ගැනීමට කටයුතු කරන්නේ නැත. 2010 වර්ෂය සහා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම නිකුත් කරනු ලබන අත්පොතට අනුව බවාගත යුතු වූ ප‍්‍රමාණය 21,547 කි. එහෙත් මෙම ප‍්‍රමාණය ද සම්පූර්ණයෙන් ම බවාගෙන නොමැත. බවා ගැනීමෙන් අනතුරුව අනිවාර්යෙන් ම ඇතිවන පුරප්පාඩු පුරවා නැත. මෙසේ ඇති වූ පුරප්පාඩු ප‍්‍රමාණය ද අතිවිශාලය. පසුගිය වසර දෙකක පමණ කාලය සිට ආණ්ඩුව මන්ත‍්‍රයක් සේ ජපකරන ලද්දේ පෞද්ගලීකරණයයි. එහිදී පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබ කථිකාව ඉතා ඉහළින් ම සිදුවනු අපි දුටුවෙමු.මේ රටේ දෙමව්පියන් තරම් තම දරුවන්ගේ අධ්‍යාපනය ගැන සිතන රටක් වෙතැයි අපි නොසිතමු. දුගී පැලේ සිට රජමැදුර දක්වා ම තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දෙමව්පියෝ දිවා ? වෙහෙසෙති. හරිහම්බ කරගත් සබ්බ සකලමනාව ම ද වියපැහැදම් කරති. නොකා නොබී හාමත්ව මහම මැරීවැටුණ ද, වතුපිටි ගේදොර පවා සින්න වී හිමනට ඇද වැටුණ ද දෙමව්පියන් තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන තඹ සතයක් වුව ද කප්පාදු නොකරයි. මෙය ඇමතිවරයා පමණක් නොව උපාධිකඩ ඇරඹීමට දලන බොහෝදෙනෙක්ද දනී. පාසල් සිසුන් ලක්ෂ 40ක් ද, විශ්වවිද්‍යාල සිසුන් 60,000 ක් ද, උසස් අධ්‍යාපනය සහා සුදුසුකම් සහිත එහෙත් ප‍්‍රවේශ අවස්ථා අහිමි උසස් පෙළ සමතුන් වර්ෂයක දී පමණක් ලක්ෂයකටද වඩා සිටින රටක, ආයෝජනය සහා මුදල් යොදවන්නේ නම් අධ්‍යාපනය තරම් ලාභදායි වෙනත් ක්‍ෂේත‍්‍රයක් නොවන බව ඔවුන් හො`දින්ම දනී.උසස් අධ්‍යාපන ඇමතිවරයා සිල්ලර කඩ දාන ගානට ‘‘උපාධි කඩ’’ අරින්නට යන්නේත්, ඒ සහා තවත් බොහෝ පිරිසක් කෙළ හලන්නේත් මෙකී පැණිහැලියට රහවැටී බව සිහිකල්පනාව ඇති කිසිවකුට තේරුම් ගැනීම අපහසු නොවේ. නිදහස් අධ්‍යාපනය වසර 60කට අධික කාලයක් තිස්සේ ක‍්‍රියාත්මක වූ රටක, ඒ සහා වන ජනතාවගේ බැ`දීම හා විශ්වාසය නිසා ද, ශිෂ්‍ය ව්‍යාපාරය හා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් වදින අනෙකුත් ප‍්‍රගතිශීලි බලවේගවල බලපෑම නිසා ද එය කිසිසේත් ම සිතූ තරම්ම පහසු කටයුත්තක් ද නොවුණි. ඒ නිසා අපේක්ෂා කළ මට්ටමින් පෞද්ගලික විශ්වවිද්‍යාල සහා දෙස් විදෙස් ආයෝජකයන් යොමු නොවීම ද, අඩුම තරමේ දැනට පවතින විශ්වවිද්‍යාලවලට හෝ දෙස් විදෙස් සිසුන් ඇතුළත් වීම ද සිදුනොවුණි. ඒ නිසා ආණ්ඩුව අපේක්ෂා කළ ඩොලර් හා කොමිස් කුට්ටි අහිමි වී ඇත.එයට බලපා ඇත්තේ දැනට නිදහස් අධ්‍යාපනය යටතේ ක‍්‍රියාත්මක වන පාසල් හා විශ්වවිද්‍යාල පිළිබව ජනතාව තුළ වන පිළිගැනීම හා විශ්වාසයයි. පසුගිය කාලය තුළ ආණ්ඩුව දිගින් දිගට ම පෙළපොත්, විභාග ප‍්‍රශ්න පත‍්‍ර හා විභාග ප‍්‍රතිඵල වරද්දමින් ද, ‘‘නවක වදය හා ගැටුම්’’ පිළිබව අතිශයෝක්තියන් මතුකරමින් ද, සැලසුම් සහගත ලෙස විශ්වවිද්‍යාල සිසුන්ට පමණක් නොව ආචාර්ය මහාචාර්යවරුන්ට පවා මඩ අවලාද නගමින්ද, උත්සාහ කරන ලද්දේ මෙකී ජනතා විශ්වාසය බිඳ දැමීමට බව තේරුම් ගැනීම අපහසු නොවේ. එහි අරමුණ වී ඇත්තේ මුලින් රාජ්‍ය අධ්‍යාපනය පිළිබව අපකිර්තියක් ජනිත කිරීමත්, පසුව එකී අපකීර්තිමත් පාසල් හා විශ්වවිද්‍යාල වසාදැමීම හා පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමත් ය.එහෙත් එය අපේක්ෂා කළ මට්ටමින් ම සාර්ථක නොවූ තැන ආණ්ඩුව සිය න්‍යාය පත‍්‍රයේ ඊළග අදියරට පැමිණ ඇත. පෞද්ගලික විශ්වවිද්‍යාල අරඹා කළ නොහැකි වූ දේ අද රාජ්‍ය විශ්වවිද්‍යාල තුළදීම කිසිදු හිරිකිතයකින් තොරව කිරීමට සැරසෙමින් සිටී.
මේ අනුව විශ්වවිද්‍යාල ප‍්‍රවේශයේ දී මෙතෙක් බවාගත් 0.5% තරම් වූ විදෙස් සිසුන් ප‍්‍රමාණය 5% දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත. මෙවර විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම විසින් නිකුත්කර ඇති පොතේ සහන් වන ප‍්‍රමාණයෙන් 0.5%ක් ද ඊට අමතරව තවත් 4.5% ද බවාගැනීමට නියමිත ය. මේ අනුව සිසුන් 21,495 න් 5% ක් ලෙස විදෙස් සිසුන් 1074 ක් බවාගනු ලැබේ. ආණ්ඩුව මේසා විශාල ප‍්‍රමාණයක් විදෙස් සිසුන්ගෙන් විශ්වවිද්‍යාල පුරවන්නට උත්සාහ කරනුයේ දේශීය සිසුන් ලක්ෂයකට විශ්වවිද්‍යාල ප‍්‍රවේශ අවස්ථා අහිමිකර තිබීය දීය.බළලා මල්ල ලිහන්නටත් පෙර එළියට පැන ඇත්තේ මල්ල ද ඉරාගෙන ය. ආණ්ඩුව ඩොලර්වලට තියෙන පෙරේතකම නිසා ම රාජ්‍ය උපාධිය විකුණන්නට සැරසෙන්නේ ය. එහි දී රටට හෙණ ගැහුව ද ආණ්ඩුවට ප‍්‍රශ්නයක් නැත. කෙසේ හෝ මේ ජල්ලිය අල්ලනු ඇත. මෙහි දී වෛද්‍ය උපාධිය සඳහා අය කරන මුදල ඇ.ඩො. 60,000 ක් වන අතර ලංකාවේ මුදලින් එය රු. ලක්ෂ 64 කි. මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ද උපාධිය විකුණන්නේ ලක්ෂ 65 කට ය. ඒ අනුව මාළඹේ උපාධි කඩයේ දී පමණක් නොව කොළඹ, ජයවර්ධනපුර, පේරාදෙණිය, කැලණිය, හා අනෙකුත් විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලදී ද උපාධිය මිලියන ගණනකට විකිණීම ඇරඹේ.එසේම මෙම විදෙස් සිසුන් යන්න ද ආරම්භක පියවරක් පමණි. ඊළග පියවර වන්නේ දේශීය සිසුන් මෙම මිල ගණන් යටතේ ම බවා ගැනීම ය. ගොනා හැරෙන්නේ පොල් පැළය අනුභවයට බව තේරුම් ගැනීම අපහසු නොවේ. ඉදිරියේ දී රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ මුදලට ද සිසුන් බවාගනු ඇත. ඒ සහා ද කවුන්ටරයක් ඇරෙනු ඇත. එය එතනින් ද අවසන් නොවේ. ඊළග පියවර වනුයේ දැනටමත් පීඨයක දෙකක ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කරමින් තිබෙන අයුරින්ම අයකරන ගාස්තු සිය දහස් ගුණයකින් ඉහළ දැමීම ද, නේවාසිකාගාර, විදුලිය, ජලය හා ලබාදෙන සෑම පහසුකමක් සහාම මුදල් අයකිරීමද ආරම්භ කරනු ඇත.එසේ ම බවා ගන්නා අභ්‍ය්‍යන්තර සිසුන් ප‍්‍රමාණය කප්පාදු කරමින් මුදලට බඳවාගන්නා ප‍්‍රමාණය ඉහළ දැමීම ද නොඅනුමානය. මීට පෙර බාහිර උපාධිය කප්පාදු කරන ලද්දේ ද ඒ සඳහාය.ඒ අනුව අධ්‍යාපනය, විශේෂයෙන් උසස් අධ්‍යාපනය තවදුරටත් සමාජ අයිතියක් නොවනු ඇත. අධ්‍යාපනය තුළ තිබූ සමාන අයිතිය මේ සමග අතුරුදහන් වන්නේ ය. විද්‍යා හා ගණිත විෂය ධාරාවන් තුළ දී මෙය දැනටමත් සිදුවී හමාර ය. මීට වසර කිහිපයකට උඩ දී පහළම ආදායම් ලබන ස්ථරවල දරුවන් ද වෛද්‍ය පීඨ වලට හා ඉංජිනේරු පීඨවලට තේරී පත්ව ආහ. එහෙත් පාසල් ගණනාවක උසස් පෙළ විද්‍යා හා ගණිත අංශයන් කප්පාදු කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස හා ටියුෂන් සහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන තත්ත්වය යටතේ අද පහළ ආදායම් සහිත ගොවි, කම්කරු, ධීවර හා වතු කම්කරුවන්ගේ දරුවන් උක්ත පීඨ සහා පැමිණෙන්නේ කලාතුරකිනි.
රාජ්‍ය උපාධිය විකිණීම සඳහා වන නව වැඩ පිළිවෙළත් සමග අනෙකුත් විෂය ධාරාවන් කරා ද මෙය ව්‍යාප්ත වීම හා සාතිශය බහුතරයක් දරුවන්ට අවස්ථා අහිමිවීම ස්වාභාවිකය. මුළුමනින් ම ඉහළ ධනපති අතළොස්සට පමණක් උසස් අධ්‍යාපන වරම් හිමිවනු ඇත.මනාප තුනම දී මදි වූ තැන වැටුප හා ආදායම ලෙස ලද හා දරුවන්ට පොතක් පෑනක් රැුගෙන දීමට හෝ තිබූ සොච්චමින් ද කටවුට් ගසා රජෙකු බිහිකර ගත් රටවැසියාට දැන් සිදුව ඇත්තේ මහරජුගේත්, ඔහු වටා සිටින ඇමතියන්ගේත් මහජන මුදලින් ඉඳිවන මැදුරුවල කඹුරන්නටය. ඉඳුල් රස බලන්නටය.නොඑසේ නම් උදුරා ගැනීමට සැරසෙන ජාතියේ දරුවාගේ ඉගෙනීමටත්, කොන්ද කෙළින් තබාගෙන ජීවත්වීමටත් ඇති අයිතිය දිවි හිමියෙන් සටන් වැද රැුකගන්නටත්, වන විකල්ප දෙකින් එකක් ය. එහි දී සටන් මාවත අප දැනටමත් තෝරාගෙන ඇති අතර, ඒ සඳහා නිදහසට කැමති සකලවිධ ජනයාට ද අපි ඇරයුම් කර සිටිමු.