යාපනය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගම් ලේකම්ට මැර ප්‍රහාරයක්.

යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨ ශිෂ්‍ය සංගමයේ ලේකම් ධර්ෂ නන්දන්  සහෝදරයට අප පෙරවරුවේ යාපනය, කොක්කුවිල්, කලටි හංදිය ප්‍රදේශයේදී නාදුනන පිරිසක් විසින් පහරදී තිබේ.
පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ නන්දන්  සහෝදරයා  යාපනය රෝහලට ඇතුළත් කොට තිබේ. ඔහුගේ හිසට සහ පාදවලට බරපතල තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.ධර්ෂ නන්දන් සහෝදරයා  එදින පස්වරුවේ පැවැත්වීමට නියමිත රැස්වීමකදී උතුරේ සිදුවූ මානව හිමිකම් උල්ලංගනයවීම් සම්බන්ධයෙන් කතාවක් පැවැත්වීමට නියමිතව සිටි බව පැවසේන අතර එය වැලක්වීමට මෙසේ පහර දී ඇති බව යාපනය විශ්වවිද්‍යාලයීය සිසුන් පවසයි.