ජයග‍්‍රහණය තෙක් පෙරට...

මේ මොහොත අපට දෙයාකාරයකින් වැදගත් වෙනවා. එක පැත්තකින් සමරන්න ජයග‍්‍රහණයකුත්, අනෙක් පැත්තෙන් සූදානම් වෙන්න අභියෝගයකුත් අපි ඉස්සරහ පිට තියෙනවා.
ජයග‍්‍රහණය තමයි ඉතිහාසයේ නැවත වතාවක් සුපිරි බලයක් සහිත ආණ්ඩුවක් ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියේ දණ ගැහුවා. SB ඇමතිතුමා මුලින්ම කිව්වේ කවුරු විරුද්ධ වුණත් පෞද්ගලික විශ්වවිද්‍යාල දානවා, ඒක තමයි ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය කියලා. පනත ගෙනෙද්දිත් කිව්වේ ඒකම තමයි. හැබැයි දැන් මේ මහත්තුරු අහනවා අපෙන්, කවුද පනත් ගේනවා කිවුවේ කියලා. හොරෙන් හරි ගේනවා කියල කියනවානම් ඒකත් නොගෙනවිත් ඉන්නම් කියලා කියනවා. මේක හතරබීරි කතාවක් තමයි. ඒත්, අද ශිෂ්‍ය ව්‍යාපාරයෙ සටන්කාමීත්වය හමුවේ ආණ්ඩුවට එහෙම කියන්න සිද්ද වෙලා තියෙනවා. ඔබ දන්නවා පසුගිය අවුරුදු දෙකේම ආණ්ඩුව වලිකෑවේ ඔන්න ඔය අවසාන අරමුණ ඉටු කර ගන්න. රට පුරා උපාධි කඩ ඇරලා අන්තිමේදි ඒවා නීතිගත කර ගන්න පනතකුත් සම්මත කර ගන්න ඒකට ආණ්ඩුව නොගත්ත උත්සාහයක් නෑ. වෛද්‍ය පීඨ හා ඉංජිනේරු පීඨ සිසුන්ගේ පාගමනට සාහසික අයුරින් පහර දීලා, සිසුන් සිය ගණනක් තුවාල කළා. එක සහෝදරයෙක් පපුවට තුවක්කුව තියාගෙන අභියෝග කරලා කිව්වා පුළුවන්නම් වෙඩි තියපල්ලා, උඹලගේ වෙඩි උණ්ඩයට අනාගතය වනසන්න පුළුවන්කමක් නෑ කියල සිංහ වෙස් අරන් ආපු ආණ්ඩුවටත් අභියෝග ඉස්සරහ දණ ගහන්න වුනා. පසු බහින්න වුණා. ඒ පරාජයේ වියරුව තමයි අද ශිෂ්‍ය නායකයෝ පස්සේ පන්නන්න පටන් අරගෙන තියෙන්නේ. ගෙයක් ගෙයක් ගානේ හමුදාව රින්ගන්නේ. ශිෂ්‍ය නායකයෝ පස්සේ ඔත්තුකාරයෝ පන්නන්නේ අන්න ඒ නිසා. නිෂ්මිලා, බාලෙලා, ත‍්‍රිමාලා, වෙණුරලා වගේ දහස් ගනනක් ශිෂ්‍ය වීරයෝ දිවිහිමියෙන් ගොඩනගපු මේ ව්‍යාපාරය මෙවැනි තර්ජන වලට පසුබස්සන්න පුළුවන්කමක් නෑ. වානේ ගින්දරින් පන්නරය ලබනවා. ඒ වගේ තමයි ශිෂ්‍ය ව්‍යාපාරයත් මර්දනය හමුවේ තව තවත් ශක්තිමත් වෙනවා. ජයග‍්‍රහණය තෙක් පෙරට... අපි දන්නවා ආණ්ඩුව අඩියක් පස්සට ගත්තට මොකද ආයෙත් වෙන නමකින් මේ පනත ගේනවා. එහෙම නොකර ඉන්න පුළුවන්කමක් මේ ආණ්ඩුවට නෑ. ජේ ආර් ජයවර්ධන ගෙනා නව ලිබරල්වාදයේ දෙවන ඉනිම මහින්ද පටන් අරගෙන තියෙන්නේ. ඒ නිසා අපට අද ලොකු වගකීමක් තියෙනවා මේ මොන අභියෝග ආවත්, ඒ ඉස්සරහ නොසැලී සටන් වැදිල ඒවා පරාජය කරන එක. සටන් කරන්න ධෛර්යය නැතිවුන් එක්කෝ පලා ගිහිල්ල, නැත්නම් සතුරු ක`දවුරට බැ`දිලා එක එක සංවිධාන අටවගෙන හදනවා මේ සටන ප‍්‍රතිගාමී දිසාවකට තල්ලූ කරන්න. අපිට අද මේ හැම අභියෝගයක් ඉස්සරහ තමයි සටන් කරන්න වෙලා තියෙන්නේ. විරු සිසුවන්ගේ ආදර්ශය, ශක්තිය ධෛර්යය අපට තියෙනවා. හෘද සාක්ෂිය තියෙන හැම සහෝදරයෙක්ම, සහෝදරියක්ම සටනේ ඉන්නවා. සටන් නොකරපු කොළඹ වගේ සරසවි පවා සටනට මේ වෙද්දි ඇවිල්ලා තියෙනවා. අනෙකුත් සරසවි සියල්ලත් වේගයෙන් නැගිටිනවා. මේ පනත සම්මත වෙන්න දෙන්න බෑ. සම්මත වුණොත් 99% කට සරසවියට පස් පාගන්න ලැබෙන්නේ නෑ. පනත විතරක් නෙමෙයි, දැනටමත් ආරම්භ කරල තියෙන සියලූම උපාධිකඩත් අහෝසි කළ යුතුයි. ඒ ස`දහා පෙරමුණ ගමු. සියලූ බලවේග මේ සටන වටා පෙළගස්සවමු. ලැබූ ජයග‍්‍රහණය රැගෙන පුර්ණ ජයග‍්‍රහණය කරා පෙරට යමු.

නිදහස් අධ්‍යාපනය දිවිහිමියෙන් සුරකිමු. ජනතා අයිතීන් පැහැර ගැනීමට ඉඩ නොදෙමු.