වෙන් වෙන්ව සටන් වැදුනු සියලූ බලවේග එකට පෙළගැහෙන වේදිකාවක් අපි නිර්මාණය කළා...
නිදහස් අධ්‍යාපනයේ සුරක්ෂිත තාවය වෙනුවෙන් ‘‘අධ්‍යාපන අයිතීන් සුරැකීමේ ජනතා මධ්‍යස්ථානය’’නමින් තම තමන්නේ මතවාද තුළ හිටගෙන වෙන් වෙන්ව සටන් වැදුනු සියලූ බලවේග එකට පෙළගැහෙන වේදිකාවක් අපි නිර්මාණය කළ බව ‘‘අධ්‍යාපනයේ නිදහස හා පාලකයන්ගේ උදහස’’යන මැයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෘත්තීය සමිති නායකයින්, දේශපාල පක්ෂ නියෝජිතයින්, ආගමික නායකයින්, නීතිවේදීන්,මාධ්‍යවේදීන් හාශිෂ්ය සංගම් නායකයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය දින (26)මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයේ දී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැ`දවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ සංජීව බණ්ඩාර සහෝදරයා,
2005 දි බලයට එද්දී නිදහස් අධ්‍යාපනය රකිමි කියලා දැන් නිදහස් අධ්‍යාපනය විනාශ කරනවා.එදා සුභ අනාගතයක්,තාරුණ්‍යයට හෙටක් කියලා තරුණයාට පොරොන්දු දුන්නා.අද ඒ තරුණයා සුභ අනාගයක් ඉල්ලා තාරුණ්‍යයට හෙටක් ඉල්ලා මහපාරේ සටන් වදිද්දී පාලකයෝ ඒ තරුණයාව මර්දනය කරනවා.
අපි අයිතීන් ඉල්ලද්දී පාලකයෝ කියනවා රට අස්ථාවර කරන්න හදනවා කියලා. අපි අහනවා මේ අස්ථාවර රටේ අස්ථාවර කරන්න දෙයක් තියෙනවාද කියලා.
පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ආණ්ඩුව හකුල ගත්තා.දණ ගැහුවා.හැබැයි අපි දන්නවා නැවත වටයකින් නිදහස් අධ්‍යාපනය විකුණන්න උත්සහ කරනවා.අපි දන්නවා එයට එරෙහිව පෙළගැහෙන බලවේගයට එරෙහිව මිලටිරි බලය යොදනවා.විශ්වයට ඉහළින් ලෝකය දකින දරුවෙක් බිහිකරනවා කියමින් දරුවන්ගේ ජීවිත විනාශ කරන්න මිලිටරි බලය යොදා ගන්නවා.
මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු නිලාන් ප්‍රනාන්දු සහෝදරයා,
වසර 1, 1/2 කට 2 කට පෙර සමාජය තුළ නොසලකා හැර තිබූ අධ්‍යාපනය සම්බන්ධ මාතෘකාවට මේ වනවිට මාධ්‍ය හරහා දැඩි අවධානයක්, කැළඹිල්ලක් නිර්මාණය වී තිබෙනවා. එය වඩාත් සංවාදයට භාජනය විය යුතු මොහොතක අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් එක්ව සටන් වැදිය යුතු මොහොතක මෙවන් වේදිකාවක් නිර්මාණය වීම අප සංවිධානයක් විදියට වඩාත් අගය කරනවා. අධ්‍යාපනයේ අයිතිය රැුකගැනීම සඳහා සටන් කරන බලවේග මර්දනය කිරීමට පාලකයන් පැකිලෙන්නේ නැහැ. ඒ නිසා විවිධ සංවිධාන ලෙස, විවිධ වෘත්තීන් ලෙස අප එක්ව සිටීම අනාගතයේදී ඇති වන පාලකයන්ගේ මර්දන යන්ත්‍රයට යම් පිළිතුරක් වේවි.
පාලකයින් කියන අයුරින් අධ්‍යාපනය පෞද්ගලීකරණය සමාජයට යහපත් ලෙස බලපාන්නේ නම් ජනතාව ඉදිරියට ඇවිත් ඒ පිළිබඳව සංවාද කළ යුතුයි. එහෙම නැතිව ඊට එරෙහිව නැගී සිටින පිරිස මර්දනය කළ යුතු නැති බව අපි කියනවා. ඒ නිසා අධ්‍යාපන අයිතිය සු?කීම ස`දහා අප සියලූ දෙනාම එක්ව සටන් කළ යුතු බවත් මා අවධාරණය කරනවා.
මෙහිදී අදහස් දැක්වූ දේශපාලන විචාරක විදර්ශන කන්නන්ගර මහතා,
අධ්‍යාපනය සම්බන්ධව එක්ව කටයුතු කරන සියලූ ආයතනික සංවාද පිළිගන්නා අතරම ශිෂ්‍ය ව්‍යාපාරයක් ඇතුලේ සිට මහින්ද රෙජිමය කරගෙන යන බල ආධිපත්‍යය කියවා ගන්න ආකාරය විග්රහ කර ගන්න ඕනේ.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පිස්සු උපකුලපති කන්‍යාභාවය පිළිබ`ද ප්‍රශ්නයක් ඇද ගැනීමේ දී ශිෂ්‍ය ව්‍යාපාරය එයට එරෙහිව හ`ඩ නැගිය යුතුව තිබුණේ කන්‍යාභාවය නැමැති පසුගාමී මතවාදයත් ප්‍රතික්ෂේප කරමිනුයි.
අධ්‍යාපනය කුමක්ද? එහි අරුත කුමක්ද යන කාරණය පිළිබඳව ශිෂ්‍යයන් අතර ආකල්ප සංස්කෘතිය වෙනස් කළ යුතු අතර ඔවුන් තුළ ඇති සමාජ ආකල්ප සංස්කෘතිය පවා ඔවුන් තුළ වෙනසක් ඇති කළ යුතුයි. සමාජය විසින් විශ්වවිද්‍යාලයට එන පසුගාමී අදහස් ඇති ශිෂ්‍යයන්ගේ මානසිකත්වය වෙනස් කළ යුතුයි.
මෙහිදී අදහස් දැක්වූ මාවෝවාදී පක්ෂයේ සුරේන්ද්‍ර අජිත් මහතා,
අධ්‍යාපනයේ අර්බුදය වෙනම එකක් ලෙස ගත යුතු නෑ. ඒක සියලූ ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික කාරනා සමග විග්රහ කර ගත යුතුයි. අධ්‍යාපනයේ අර්බුදය අර්ධ ලෙස පසුගාමී ධනේෂ්වර රටක සමාජ තත්ත්වයක්. ඒ නිසා අපි පොඞ්ඩක් කෑ ගහපු පමණින් මෙම අයිතීන් රැකෙන්නේ නෑ. ඒ සඳහා සමාජ ක්රමයම උදුරලා දාන්න ඕනේ. සල්ලි බලය තියෙන අයගේ දරුවන්ට ඉගෙන ගන්න සුපිරි පාසල් තියෙනවා. දුප්පත් පංතියට සදහටම අධ්‍යාපනයට තියෙන සම අයිතිය උදුරලා දාලා තියෙනවා.
මේ තියෙන අධිපතිවාදී මතවාදය නිර්මාණය කරන්න පුළුවන්, ඒක රකින්න පුළුවන් එකක් තමයි අධ්‍යාපනය මගින් කරන්නේ. දැනටමත් පාසල් 2500ක් විතර වහලා දාන්න හදනවා. සමහර පාසල් වල පුස්තකාල, පංති කාමර පවා නැහැ. නමුත් ධනවතුන්ගේ දරුවන්ට යන්න පුළුවන් සුපිරි පාසල් ඉතිරි කරනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පහළ නිලධාරීන්ගේ සිට ඉහළටත්, ඇමතිවරුත් කාලකන්නි ජරාම නිලධාරීවාදී ක්‍රමයක් අනුගමනය කරන්නේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විතරක් නෙමෙයි, ආචාර්යවරු, මේ මහ පොළොවට ආදරය කරන ඇත්ත තේරෙන සියලූ මානව ක්‍රියාකාරිකයින් මේ ප්‍රශ්නෙදි එකට හිටගන්න ඕන. එකට ඉන්නවා.රක්නා ලංකා කියලා ඝෝඨාභයගේ මැරයෝ දාගෙන ශිෂ්‍යයන්ව මිලිටරි පාලනයකට යටත් කරනවා. මොකද ලෝකයේ ඕනෑම රටක ශිෂ්‍යයෝ තමයි හැම ප්‍රශ්නෙකදිම මුලින්ම එලියට එන්නේ. ඒ නිසා පාලකයින්ට ඕන මිලිටරි බලය යොදලා අධ්‍යාපනය තව දුරටත් අර්බුදයට යවන්න.
මෙහිදී අදහස් දැක්වූ සමාජවාදී පක්ෂයේ නායක මහින්ද දේවගේ මහතා
ලාංකීය සමාජය තුළ මතුවන දරුණු අර්බුදයක් මේක. අධ්‍යාපනය වලපල්ලට යවන්න පාලකයෝ තීන්දු කරලා තියෙනවා. මේ වෙලාවේ ශිෂ්‍යයෝ අන්තර් ජාතික වශයෙනුත් අධ්‍යාපනය වෙනුවෙන් හ`ඩ නගනවා. ලෝක ධනවතුන් වසර ගණනක් පැන නැගිලා තියෙන ලෝක ආර්ථික අර්බුදයට විසඳුම් නැතිව අධ්‍යාපනයත් විකුණමින් ලාභ ලැබීමට උත්සාහ කරනවා. ඒක ලෝකේ පුරාම තියෙන ගැටලූවක්. ලෝකේ බොහෝ රටවල සුබසාධන වියදම් අඩු කරන්නේ අර්බුදයට මුහුණ දෙන්න බැරුව. ඒක තමයි රාජපක්ෂටත් වෙලා තියෙන්නේ.
අධ්‍යාපනය විකුණන්න හදද්දි, ශිෂ්‍යයෝ ඒකට එරෙහිව හඩ නගද්දි ඔවුන් මර්දනය කරන්න ආණ්ඩුව හදනවා. නමුත් ලෙයින් යකඩින් කඳුළින් මඩින්නට බැරිවූ ශිෂ්‍ය ව්‍යාපාරය උතුර දකුණ යා කරමින් ශිෂ්‍යයෝ මහපාරේ තමන්ගේ අයිතිය ඉල්ලලා හඬ නගනවා.
ශිෂ්‍යයෝ සාමකාමීව මහ පාරට ආවේ හැමදාම. හැබැයි ආණ්ඩුව බයිනෙත්තු වලින් මර්දනය කරන්න හැදුවා. නමුත් හැමදාමත් තමන්ගේ අයිතිවාසිකම් රැකගන්න ශිෂ්‍යයෝ පාරට ආවා. පාරට එනවා. ඒක නවත්වන්න බෑ. ඒ වගේම අද මේ ආරම්භ කළ කථිකාව ඉදිරියට ගෙනියන්න ශිෂ්‍ය ව්‍යාපාරයට ධෛර්යය හා ශක්තිය ප්‍රාර්ථනා කරනවා.
මෙහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා සුවසේවා සංගමයේ ලේකම් ආර්. රණසිංහ මහතා
මේ මොහොතේ ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියට, ඉතිහාසයේ පැමිණි වඩාත්ම අර්බුදකාරී තත්ත්වය ඇවිත් තියෙනවා. ලෝක බැංකුවේ උවමනාවට අධ්‍යාපනය විකුණන්න පාලකයෝ දඟලනවා. ඒක පරාජය කරන්න පුළුවන් ශිෂ්‍ය ව්‍යාපාරයට විතරයි. 1978 න් පස්සේ ධවල පත්‍රිකාව ගෙනාපු වෙලාවෙත් අපි වෛද්‍ය ශිෂ්‍යයෝ වෙලා ඉද්දි ජේ.ආර්. ට ඕනවෙලා තිබුණු අධ්‍යාපනය විකිණීමේ කොන්ත්‍රාත්තුව පරාජය කරන්න අපිට විශාල සටනක් කරන්න සිද්ද වුණා.
එදත් අපි නීතිඥයෝ, මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාකාරිකයින්, දේශපාලන පක්ෂ නියෝතයින් සමග අපි ශිෂ්‍යයෝ විදියට ගියා. ඒ එකතුවෙන් ගොඩනැගුණු ජනරැුල්ල විසින් එදා අපි 1978 ජේආර් ගෙනාපු ධවල පත්‍රිකාව පරාජය කළා. අද ශිෂ්‍ය ව්‍යාපාරය ඒක හ`දුනාගෙන ක්‍රියාත්මක වීම පිළිබ`ද අපි මේ රටේ පුරවැසියන් ලෙස වඩාත් සතුටට පත් වෙනවා.
කම්කරු පංතියට ජීවත් වීම ස`දහා බරපතල ගැටලූවක් නිර්මාණය වෙලා තියෙන මොහොතක කම්කරුවෝ විදියට අපිට සිද්ධ වෙලා තියෙනවා ශිෂ්‍යයො රැුකගැනීමට හා නිදහස් අධ්‍යාපනය රැුක ගැනීමට. ඒ වෙනුවෙන් අපි අපිට පුළුවන් උපරිමයෙන් ක්‍රියාත්මක වන බව කියනවා.
මෙහිදී අදහස් දැක්වූ සත්යවේලි පියතුමා
පවතින දේශපාලනික වාතාවරණය හ`දුනා ගනිමින් රජයට එරෙහිව නැගී සිටින ඔබ සියලූදෙනාට මගේ ප්‍රණාමය පුද කරනවා. මේ අධ්‍යාපන සංහාරය පටන් ගත්තේ 70 දශකයේ. එදා ප්රමිතිකරණයෙන් පටන් ගෙන අද විවෘත ආර්ථිකය සමග පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ගෙන එනවා.
මේ සමාජය තුළ ප්‍රජාත්‍රන්තවාදී අයිතීන් උදුරාගෙන ඒකාධිපති පාලනයක් ගෙන යන අතර අධ්‍යාපනය මුදල් කරන්නට ඔවුන් මිලිටරි බලයත් පාවිච්චි කරනවා. මේවා කරන්නේ පාලක පංතිය තරුණයාට බය නිසයි. ඒ නිසා උතුරේ පහළ පාංතික තරුණයන් දකුණේ පහළ පාංතික තරුණයන් එක්ව එකට ඉ`දන් සටන් කළොත් පමණයි අපට ජයග්‍රහණය කරන්න පුළුවන්.
මෙහිදී අදහස් දැක්වූ නව වාමාංශික පෙරමුණේ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතා
ලෝක බැංකුවට, අධිරාජ්‍යවාදයට ඕන විදියට ආණ්ඩුව අධ්‍යාපනය කප්පාදු කරනවා. රාජපක්ෂ ආණ්ඩුව හිතන් ඉන්නේ මිනිස්සු, ශිෂ්‍යයෝ, ආචාර්යවරු මෝඩයෝ කියලා. මේ ගොල්ලෝ රට පාලනය කරන්නේ මිනිසුන්ට බොරු කියලා. සෙප්පඩ විජ්ජා පෙන්වලා.
රාජ්‍ය ත්‍රස්තවාදය මිනිසුන්ගේ දොරට තට්ටු කරලා, මිනිස්සු බය කරලා පාලනය කරනවා. ආචාර්යවරුන්ට පඩි වැඩිකරනවා කියලා විහිළු කළා. විශ්විද්‍යාල ශිෂ්‍යයන්ගේ ජීවිත විනාශ කළා. සියල්ල කරලා පාලකයෝ අද මුකුත් නොදන්න බබාල වගේ ඉන්නවා. මේ කාලකන්නි බොරු පාලකයන්ට විරුද්ධව නගරෙන් නගරෙට, ගමෙන් ගමට ගිහින් මිනිසුන්ට කියමු. අපි එක්ව ගමන් කරමු.
මේහිදී අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා
අද උසස් අධ්‍යාපනය පමණක් නොවෙයි පොදුවේ අධ්‍යාපන ක්ෂේත්රයම අර්බුදයට ලක්වී තිබෙනවා. එයින් එකක් විතරයි පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හෙවත් අධ්‍යාපනය වෙළ`දපොළ කරණය කිරීමේ ගැටලූව.
අප ඉදිරිපස ඇති ගැටලූව පිළිබ`ද උද්ඝෝෂණකාරී මැදිහත්මක් පමණක් නොව ශිෂ්‍යයෝ ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, අනෙකුත් අධ්‍යාපනයට සම්බන්ධ පිරිස අතර සංවාදයකට යා යුතුයි. මන්ද අධ්‍යාපන ක්ෂේත්රයේ වැඩකරන පිරිස අතර මොකක්ද මේ වෙන්නෙ යන්නේ කියන දේ ගැන තේරුමක් නෑ. ඒ නිසා මේවා පිළිබ`ද උසස් අධ්‍යාපනය වෙළ`දපොළකරණය කිරීමේ අරගලය පිළිබ`ද ගැඹුරු ලෙස සංවාදයට භාජනය කළ යුතුයි.
මෙහිදී අදහස් දැක්වූ ජනතා නීතීඥ සංගමයේ විධායක කමිටු සාමාජික නීතීඥ නාමල් රාජපක්ෂ මහතා
මේ රටේ නිදහස් අධ්‍යාපනය පිළිබ`ද ප්රශ්නයේදී නීතීඥයෝ ලෙස අපි ඔක්කොම ඉන්නවා. ශිෂ්‍යයන්ව අපි තනිකරන්නේ නෑ. මිනිස්සු සිය දහස් ගණන් එක්ව සටන් කරද්දී මේ ඒකාධිපති ආණ්ඩුවට කරන්න දෙයක් නෑ. ඒ නිසා අපි මේ සටනේ දී ඔබත් එක්ක ඉන්නවා.
මෙහිදී අදහස් දැක්වූ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සංවිධායිකා ධම්මිකා මහත්මිය,
මේ අධ්‍යාපන කප්පාදු කිරීම උසස්පෙළ ශිෂ්‍යයන්ට විතරක් නෙමෙයි. මේක පාතාල රජයක්. ඒ නිසා ශිෂ්‍යයන්ට ගේන්න පුළුවන් උපරිම දුර ගෙනත් තියෙනවා. ඒ නිසා මේ ගැටලූවට උතුරු නැගෙනහිර එක්කරන්න ඕන. කම්කරුවෝ එක් වෙන්න ඕන. ඒ නිසා මේක අධ්‍යාපන කප්පාදුවේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. අපි සියලූදෙනා එක්ව සටන් කරන්න ඕන.
මෙහිදී අදහස් දැක්වූ ජනතා නීතීඥ සංගමයේ නියෝජිත නිතීඥ රෙක්සි පියදාස මහතා,
එදා නිදහස් අධ්‍යාපනයෙන් සරසවියට ආපු පරිපාලන නිලධාරීන් අතින් අද නිදහස් අධ්‍යාපනය විනාශ වීම සිද්ධ වෙනවා.එදා අන්තරේ සහෝදරවරු තමන්ගේ ජීවිත පරිත්‍යාග කරලා රැකගත්තු නිදහස් අධ්‍යාපනය නිසා අද ඔබ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නවා.එදා ඒ වෙනුවෙන් සටන්කරපු සහෝදරවරුන් නෙමෙයි අද ඔබයි මේ දේවල් බුක්ති වි`දින්නේ.ඒ නිසා මේ අභියෝගය ඉදිරියේ ඔබ නොනැමී සටන් කළ යුතුයි. ඉදිරියේදී ඔබ ඉදිරියේ ඇති බරපතල අභියෝගයට අපිත් ඔබ සමග එක්වෙනබව ප්‍රකාශ කරනවා.