සිසු දරුවන්ගේ අනාගතය උලාකන දේශපාලන විගඩම්!
ගණිතය විෂය ධාරාව යටතේ මොණරාගල දිස්ත්‍රික්කයෙන්
පෙනී සිටි මුළු සිසුන් සංඛ්‍යාව 251 ක් වුවද
එම දිස්ත්‍රික්කයෙන් එම විෂය ධාරාව යටතේ පෙනී සිටි සිසුවෙකුගේ දිස්ත්‍රික්
කුසලතාව 272 විය.
ජිව විද්‍යා අංශයෙන් විභාගයට පෙනී සිටි කොළඹ රාජකීය විද්‍යාලයේ සිසු දරුවෙකුට කලා විෂයන් සහිත ප්‍රතිඵල ලේඛනයක් නිකුත් කර තිබිණි.මෙලෙස විභාග කොමසාරිස්වරයාට "අමු කැවී" නිකුත් කළ විභාග ප්‍රතිඵල රැසක් දිවයිනේ නන්දෙසින් වාර්තා වන්නට පටන් ගත්විට උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා මාධ්‍යයට කියා සිටියේ "ජ්‍යාමිතික සුත්‍රය" භාවිතා කර ප්‍රතිඵල නිකුත් කරන්නට ගොස් මෙම වරද සිදුවූ බව හා මෙය "සුළු වරදක්" බවත්ය. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකුව සිටියදී මාධ්‍යවේදින්ගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස "මගෙ බල්ලවත් ආණ්ඩුවට යන්නෙ නෑ..." කියා තෙමසක් යන්නටත් පෙර පිල් මාරු කර පාරිශුද්ධ වූ දේශපාලන සදාචාරයක් නැති එවැනි ඇමැතිවරුන්ට නම් මෙය සුළු වරදක් වන්නට පුළුවන.
ජිව විද්‍යා අංශයෙන් විභාගයට පෙනී සිටි කොළඹ රාජකීය විද්‍යාලයේ සිසු දරුවෙකුට කලා විෂයන් සහිත ප්‍රතිඵල ලේඛනයක් නිකුත් කර තිබිණි.මෙලෙස විභාග කොමසාරිස්වරයාට "අමු කැවී" නිකුත් කළ විභාග ප්‍රතිඵල රැසක් දිවයිනේ නන්දෙසින් වාර්තා වන්නට පටන් ගත්විට උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා මාධ්‍යයට කියා සිටියේ "ජ්‍යාමිතික සුත්‍රය" භාවිතා කර ප්‍රතිඵල නිකුත් කරන්නට ගොස් මෙම වරද සිදුවූ බව හා මෙය "සුළු වරදක්" බවත්ය. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකුව සිටියදී මාධ්‍යවේදින්ගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස "මගෙ බල්ලවත් ආණ්ඩුවට යන්නෙ නෑ..." කියා තෙමසක් යන්නටත් පෙර පිල් මාරු කර පාරිශුද්ධ වූ දේශපාලන සදාචාරයක් නැති එවැනි ඇමැතිවරුන්ට නම් මෙය සුළු වරදක් වන්නට පුළුවන.
දුප්පත්කම කඳු ගැසෙන
වටපිටාවක, ජීවිතය ජීවත් කරවීමට දහදිය කඳුළු වගුරුවන සෑම මවකගේ හා සෑම පියකුගේ
මෙන්ම ඉසුරු විමානයක සුර සැප විඳින සෑම මවකගේ හා සෑම පියකුගේම තම දරුවන් කෙරෙහි
උත්තම බලාපොරොත්තුවක් ඇත. ඒ තම දරුවන් අධ්‍යාපනයෙන් සාර්ථක වනු දැකීමයි. ශ්‍රී
ලංකාවේ සිසු දරුවන්ගේ අධ්‍යාපනයේ සාර්ථකත්වය මැන බලන ප්‍රධාන මිනුම් දඬු බවට පත්ව
ඇත්තේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. (සා.පෙළ) විභාගය හා අ.පො.ස. (උසස් පෙළ)විභාගයයි. මෙම විභාග තුනම පවත්වන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව බැවින් රටක
පුරවැසියන් වඩාත් වැදගත් කොට සැලකිය යුතු අධිකරණයට හා පාර්ලිමේන්තුවට වඩා විභාග
දෙපාර්තමේන්තුව ඔවුහු වැදගත් කොට සලකති. සරසවියෙන් පිරිනැමෙන උපාධිය සඳහා පවත්වන
විභාගයද දරුවන් සමාජගත කරන බෙහෙවින් වැදගත් විභාගයක් වුවද දීර්ඝ කාලයක පටන්
වඩාත්ම අවධානයට ලක්වූ හා වඩාත් ගෞරවයට පාත්‍ර වූ විභාගය ලෙස සලකන්නේ අ.පො.ස.(උසස් පෙළ) විභාගයයි. ඊට හේතුව දරුවන්ගේ හා සිවිල් සමාජයේ අභිවෘද්ධියට අදාළ ඉරණම
තීන්දු කරන්නේ අ.පො.ස. (උසස් පෙළ) විභාගය බැවිනි.
මෙවර උසස් පෙළ විභාගයෙන් උසස් ප්‍රතිඵල අත්කරගත් දරුවාට මෙන්ම
සාමාන්‍ය සාමාර්ථ ලත් දරුවාටද මේ වන විට තම ප්‍රතිඵලය ගැන විශ්වාසයක් නැත. තම
විභාග ප්‍රතිඵලය නෙත ගැටුණු බොහෝ සිසුන්ට තම ප්‍රතිඵලය "අපභ්රංසයක්"
වී තිබිණි. මෙම ලියුම්කරුට මුණගැසුන එකම විෂය ධාරාවක් යටතේ විභාගයට පෙනී සිටි
අසල්වාසී නිවෙස් දෙකක සිසුවියන් දෙදෙනකුගේ විභාග ප්‍රතිඵල මෙසේ විය. අංක 7044372 යටතේ
විභාගයට පෙනී සිටි සිසුවියට "බී" සාමාර්ථ දෙකක් හා "සී"
සාමාර්ථයක් ලැබ Z ලකුණු ප්‍රමාණය 1.3295 ක් ලෙසත් දිස්ත්‍රික් කුසලතාව 969 ක් ලෙසත් ප්‍රතිඵල නිකුත්
වී තිබිණි. අංක 7028008 යටතේ විභාගයට පෙනී සිටි දියණියට බී සාමාර්ථ එකක් හා සී සාමාර්ථ
දෙකක් ලැබ Z ලකුණු ප්‍රමාණය 1.2578 ක් වෙද්දි, දිස්ත්‍රික් කුසලතාව 65 ක්ද විය. Z ලකුණු ප්‍රමාණය 1.3295 ක් වන විට දිස්ත්‍රික්
කුසලතාව 969 ක් නම්, Z ලකුණු ප්‍රමාණය 1.2578 ක් වන විට දිස්ත්‍රික් කුසලතාවය 65 ක් වීම කිසිසේත්ම විය
නොහැකි බව බැලු බැල්මටම පෙනෙන වරදකි.
ගණිතය විෂය ධාරාව යටතේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් පෙනී සිටි මුළු
සිසුන් සංඛ්‍යාව 251 ක් වුවද එම දිස්ත්‍රික්කයෙන් එම විෂය ධාරාව යටතේ පෙනී සිටි
සිසුවෙකුගේ දිස්ත්‍රික් කුසලතාව 272 විය. ජිව විද්‍යා අංශයෙන් විභාගයට පෙනී සිටි කොළඹ
රාජකීය විද්‍යාලයේ සිසු දරුවෙකුට කලා විෂයන් සහිත ප්‍රතිඵල ලේඛනයක් නිකුත් කර
තිබිණි. මෙලෙස විභාග කොමසාරිස්වරයාට "අමු කැවී" නිකුත් කළ විභාග ප්‍රතිඵල
රැසක් දිවයිනේ නන්දෙසින් වාර්තා වන්නට පටන් ගත්විට උසස් අධ්‍යාපන ඇමැති එස්.
බී. දිසානායක මහතා මාධ්‍යයට කියා සිටියේ "ජ්‍යාමිතික සුත්‍රය" භාවිතා කර
ප්‍රතිඵල නිකුත් කරන්නට ගොස් මෙම වරද සිදුවූ බව හා මෙය "සුළු වරදක්"
බවත්ය. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකුව සිටියදී මාධ්‍යවේදින්ගේ ප්‍රශ්නයකට
පිළිතුරු ලෙස "මගෙ බල්ලවත් ආණ්ඩුවට යන්නෙ නෑ..." කියා තෙමසක් යන්නටත්
පෙර පිල් මාරු කර පාරිශුද්ධ වූ දේශපාලන සදාචාරයක් නැති එවැනි ඇමැතිවරුන්ට නම් මෙය
සුළු වරදක් වන්නට පුළුවන. මන්ද මේ රටේ දේශපාලනඥයන්ගේ දරුවන් විභාග සමත් වුවත්
නැතත් රටේ පවතින ජරාජීර්ණ වූ දේශපාලනයට පිං සිදුවන්නට ඇමැතිකමක් ලබා ගන්නට පවා
බාධාවක් නොමැති බැවිනි. එහෙත් දහසකුත් එකක් දුක් කම්කටොලු මැද ජිවිතය හා
පොරබදමින් අකුරු කළ දරුවන්ට හා ඔවුන්ගේ මව්පියන්ට නම් මේ "විකාර රූපී" ප්‍රතිඵලය
බරපතල කරුණකි. වේදනාවකි.
මෙම තත්ත්වයට හේතුව,
ජනාධිපතිතුමාගේ උපදෙස් මත ඉක්මනින්ම ප්‍රතිඵල නිකුත් කිරීම පිණිස
"ජ්‍යාමිතික සුත්‍රය" භාවිතා කිරීමට සිදුවීම බව එස්. බී. දිසානායක
අමාත්‍යවරයා කළ ප්‍රකාශයට අනුව මෙවැනි ගැටලු සඳහා භාවිතා කළ හැකි සූත්‍රයක් ජ්‍යාමිතිය
විෂයෙහි අසා නැති නමුත් ඒ ගැන ප්‍රශ්න නොකරමු. ඒ මහතා කියන පරිදි, ජනාධිපතිතුමා
කියන තුරු ප්‍රතිඵල නිකුත් කිරීම පමා කිරීමත්, ජනාධිපතිතුමා නියෝග කළ සැණින් ප්‍රතිඵල නිකුතුවත්
දඬුවම් ලැබිය යුතු වරදකි. මන්ද රාජ්‍ය නායකයා සතුටු කිරීමට විභාග ප්‍රතිඵල නිකුත්
කිරීම, උත්තර පත්‍ර ඇගයීම වේගවත් කිරීම, වැඩි ප්‍රතිශතයක් සමත් කිරීම වැනි ක්‍රියාමාර්ග
විභාග දෙපාර්තමේන්තුවේ ගෞරවයට හානිකර බැවිනි.
මෙවර උසස් පෙළ විභාගයේදී විෂය නිර්දේශ දෙකක් යටතේ විභාග පවත්වන්නට
සිදුවීම නිසා ගැටලු සහගත තත්ත්වයක් මතුවී ඇති බවත්, ඒ නිසාම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන
කොමිසමෙන් හා නීතිපතිගෙන් උපදෙස් ලබාගෙන ප්‍රතිඵල නිකුත් කරන්නට සිදුවීම නිසා ප්‍රතිඵල
පමා කරන්නට සිදුවී ඇති බව දෙසැම්බර්Êමාසය ආරම්භයේ පටන් වරින් වර විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කරනු
ලැබීය. විභාගය සඳහා අයෑදුම්පත් කැඳවද්දීම විෂය නිර්දේශ දෙකක් යටතේ විභාග
පවත්වන්නට සිදුවන බව සිසුන් පවා දැන සිටි කරුණකි. එහෙත් විභාග කොමසාරිස්වරයා එය
දැන සිට නැත. ප්‍රශ්න පත්‍ර ඇගයීමට ලක්කර අවසන් වී ප්‍රතිඵල නිකුත් කරන්නට ආසන්න
වන තුරු ඒ ගැන වැටහීමක් තිබී නැත. චන්ද්‍රිකා කුමාරතුංග රජය මෙසේ නීති විද්‍යාලයට
ප්‍රවේශ වීමට අවශ්‍ය අවම සුදුසුකම් ලැබෙන සේ චන්දන කත්‍රිආරච්චි මහතාට අ.පො.ස.
උසස් පෙළ ප්‍රතිඵල ඔහුට වාසිදායක වන අයුරින් වෙනස් කරදුන් බවට චෝදනා නැඟුණේ මෙම
විභාග කොමසාරිස්වරයාටය. මෙම විෂය නිර්දේශ දෙකේ ගැටලුව හදිසියේ "සුනාමි
රළ" පැමිණි ආකාරයේ සිදුවීමක් නොවන බැවින් දරුවන්ගේ අනාගතය තීන්දු කරන මෙවැනි
විභාගයක් ගැන දක්වා ඇති නොසැලකිල්ල පිළිබඳව නීතිමය පියවර ගැනීමට රජය ක්‍රියා
කරනු ඇතැයි විශ්වාස කළ නොහැක.
ප්‍රතිඵල නිකුත් කිරීම පමාවීම මත "විහිළුකාරයන්" බවට පත්වූ
මැති ඇමැතිවරුද සිටිති. Z ලකුණු ක්‍රමය තමා "නොදන්නා බව" බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා
ප්‍රකාශ කරනු ලැබීය. එසේ නම් දරුවන්ගේ අධ්‍යාපනය ගැන වගකිව යුතු අධ්‍යාපන ඇමැති
ධුරය දරන්නේ මන්දැයි මෙන්ම නොදන්නා Z ලකුණු ක්‍රමයක් වෙනුවෙන් මාධ්‍ය හමුවේ පෙනී සිsටින්නේ මන්දැයි විමසිය
යුතුය. එමෙන්ම සරසවි වරම් ලද සිසුන් නොඉල්ලූ "නායකත්ව පුහුණුවක්" හමුදා
කඳවුරු තුළදී ලබා දෙන්නට ලක්ෂ 200 ක් වැයකර "මරාගෙන මැරෙන" මෙහෙයුමක් කළ උසස් අධ්‍යාපන
ඇමැති එස්. බී. දිසානායක මහතාට සිසු දරුවන්ගේ ජීවිත ඉරණම තීන්දු කරන උසස් පෙළ
නිවැරැදිව හා කඩිනම්ව නිකුත් කරවන්නට අවශ්‍යතාවක් තිබුණ බවක් නිරීක්ෂණය වන්නේ
නැත. එවැනි වුවමනාවක් තිබුණේ නම් විභාග කොමසාරිස්වරයාගේ නොසැලකිලිමත් කමට එරෙහිව
පියවර ගන්නවා විනා ඔහු රකින්නට මාධ්‍ය හමුවේ පෙනී සිටිය නොහැක.
විභාග කොමසාරිස්වරයාට වසරකට විභාග 128 ක් පැවැත්වීමට සිදුවන බව
වාර්තා වේ. එය ඉතා බැරෑරුම් කාර්යයකි. එහෙත් මෙතෙක් සිටි විභාග කොමසාරිස්වරු ඒ
සියලුම විභාග පවත්වා විභාග දෙපාර්තමේන්තුවේ ගෞරවයද රැක විශ්‍රාම ගියහ.
මේ විභාග අවුල ලිහීමට කමිටුවක් පත්කර ඇත. විශ්වවිද්‍යාල මහාචාර්යවරු
පත්කර කමිටුව "අලංකාර කර" ඇතත්, විභාග කොමසාරිස් ධුරය දරා විශ්‍රාම ගිය කීර්තිමත්
විභාග කොමසාරිස්වරු කිසිවෙක් මේ කමිටුවට ඇතුළත් කර නැත. ඒ නිසාම කමිටු නිර්දේශද
සැනසිලිදායක වනු ඇතැයි සිතිය නොහැක.
අධ්‍යාපනයට වගකිවයුතු ඇමැතිවරු දෙදෙනෙක්ද, උප
ඇමැතිවරු දෙදෙනෙක්ද "අලි මදිවට හරක් කීවා සේ" පිල්මාරු කළ
"වික්රමයට" ත්‍යාගයක් ලෙස මෑතදී පිදුම්ලද අධීක්ෂණ ඇමැතිවරයෙක්ද
යෙහෙන් වැජඹෙති. එහෙත් මේ කිසිවෙකුටත් දරුවන්ගේ ඉරණම තීන්දු වන "උසස් පෙළ ප්‍රතිඵල
විගඩම" ගැන කම්පනයක් නැත. ඒ ගැන දුක හා වේදනාව ඇත්තේ දරුවන්ටත්
දෙමාපියන්ටත්ය. දරුවන් ගැන කැක්කුමක් ඇති පුරවැසියන්ටය. මෙම තත්ත්වය සමනය කරන්නට
ගරු ජනාධිපතිතුමා කමිටුවක් පත්කර ඇතත්, අනාගතය වෙනුවෙන් ගත යුතු තීරණයක්ද එතුමා අභියස
පවතී. එනම් අධ්‍යාපන ක්ෂේත්රය "අධ්‍යාපනයක් ලත්" බලධාරීන් හා
නිලධාරීන් යටතට පත්කිරීමය. එය එසේ නොවන්නේ නම් සිසු දරුවන්ගේ අනාගතය උලාකන
බලධාරීන්ට හා නිලධාරීන්ට එරෙහිව තම දරුවන් සමග මහ පාරට බැසීම හැර මව්පියන්ට වෙනත්
විකල්පයක් ආසන්නයකවත් නැත.
ගුණවර්ධන ගල්ගමුවගේ