බලාපොරොත්තුවට පණ දෙමු,නිදහස් අධ්‍යාපන අයිතිය රැකගමු.
ජිවිතයට අලූත් බලාපොරොත්තු ඇතිකර ගෙන ඒ බලාපොරොත්තු ඔස්සේ ඉදිරියට ගමන් කර සාර්ථක ජිවන මාවතකට යොමුවෙන්න, පුහුදුන් මිනිසුන් වශ්‍යයෙන් අපි ගොඩක් කැමැතියි. ගොඩක් ආසයි. ඇත්තටම බලාපොරොත්තු අපේ ජීවිත ජිවත් කරවනවා.
දුක් මහන්සියෙන් පාඩම් කරලා උසස් පෙළ විභාගය ඉහළින් සමත් වෙලා සරසවි වරම් ලබපු දවසෙ හිතට දැනුණු සතුට නම් වචනයෙන් විස්තර කළ නොහැකි තරම්. ඒ දවස ජිවිතයට තවත් අලූත් බලාපොරොත්තු රැසක් ගොඩ නගපු දවසක්. අවුරුදු දහ අටක් තිස්සෙ දෙමාපියන් දුක් මහන්සියෙන් හරිහම්බ කරපු මුදල් වියදම් කරලා ලබාගත්ත නිදහස් අධ්‍යාපනයට වටිනාකමක් දුන්නා කියලා හිතට දැනුණ දවසක්. සරසවි වරම් ලබපු දවසෙ දෙමාපියන්ගෙ සිත් කොතරම් සතුටින් පිරි ඉතිරී ගියාද කිවහොත් ඔවුන්ගෙ නෙත් කෙවෙනි අගින් වැටුණු සතුටු කදුළු එයට කදිම සාක්ෂියකි.
ඒ දහසකුත් බලාපොරොත්තු කර පින්නගෙනම සතුටු සිතින් සරසවියට පියමැන්නේ ඒ හීනවලට පාට දෙන අදහසිනි. එනමුදු ඒ සතුට දුකක් බවට පරිවර්ථනය වන්නට එතරම් වැඩි කාලයක් ගතවුණේ නෑ. හිත තුළ රජ කරන ලද ඒ දහසකුත් බලාපොරොත්තු එකින් එක ඇස් පනා පිටම සුණු විසුණු වී හදවත මහ හයියෙන් කෑ ගහලා ඇඩුවා. මේ දියවෙලා යන්නේ නිදහස් අධ්‍යාපනය ඔස්සෙ අපට ලැබුණ අයිතිවාසිකම් නේද? කියලා හිතට දැනෙන කොට සරසවිය දලා ගෙදර යන්න හිතුන වාරනම් අනන්තයි. කෑ ගහලා ඒ අයිතිවාසිකම් රැුකගන්න හදනකොට ඒ හීන, බලාපොරොත්තු පලිහක්කර ගෙන සරසවි සිසු සිසුවියන්ට පහරපිට පහර දෙන්නට සිසු නායකයින්ව මර්ධනය කරන තරමට මේ ආණ්ඩුව මේ වන විට නිවට වෙලා.
විශ්වවිද්‍යාල තුළ සිසු සිසුවියන් අතර පවතින සහෝදරත්වයේ බැදීම සුණු විසුණුකර දැමීමට ඊනියා දේශපාලාඥයන්ට වුවමනා වී ඇත. මේ වන විට ඇතැම් විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංගම් තහනම්කර ඇත. එමෙන්ම කිසිදු වග විභාගයකින් තොරව ශිෂ්‍ය ශිෂ්යයාවන්ගෙ ශිෂ්‍යභාවය ද අහෝසි කොට ඇත. මේ හරහා අපේක්ෂා කරනු ලබන්නේ සරසවි සිසු සිසුවියන් අතර පවතින එකමුතුකම බිදදැමීම නම් එය කෙලෙසකවත් සිදු නොවන අතර එමගින් පවතින බැදීම් තව තවත් වැඩි වන බව නම් ඔවුන්ට පවසා සිටිය යුතුමය.
ජනමාධ්‍යය උපයෝගිකර ගනිමින් බොරු බේගල් ඇදබාමීන් මේ රටේ ජනතාවගේ සිත් සතන් තුළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා පිළිබ`ද වැරුදි මතයක් ගොඩනැගීමට උත්සහ දරන්නේ ද මේ එකමුතුකම සැබැවින්ම ඔවුන්ට තර්ජනයක් වී ඇති බැවිණි. ශිෂ්‍ය සංගම් දියාරුවට පත්කරමින්, ශිෂ්යභාවයන් අහෝසි කරමින් රටේ ජනතාව ඉදිරියේ වැරුදි ප්‍රතිමූර්තියක් මවා පාමින් මේ ආණ්ඩුව කි්රයාකරන්නෙ වෙන කුමකටවත් නොව පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමේ පනත සම්මත කර ගැනීමටය. නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් උසස් අධ්‍යාපනයට පිවිස විශ්වවිද්‍යාල සිසුන් ලෙස නිදහස් අධ්‍යාපනයේ වටීනාකම මැනවින් අවබෝධකරගත් අප නම් කෙලෙසකවත් මේ ඊනියා දේශපාලන අරමුණු ඉටුකර ගන්නට නම් ඉඩ නොදෙන්නේය. ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය යනු ලෙයින්,යකඩින්,උණ්ඩෙන් මර්ධනය කළ හැකි ව්‍යාපාරයක් නොව එකා පිට එකා මරා දැමුවද,පගා දැමුවද ශිෂ්‍ය ව්‍යාපාරයේ කි‍්‍රයාමාර්ගයන් අඩපණ කිරීමට උත්සහ ගනු ලැබුව ද එය සැබැවින්ම නිරර්ථක උත්සහයක් වනු නොඅනුමානය. දහසකුත් දරු දැරියන්ගෙ නිදහස් අධ්‍යාපන අයිතිවාසිකම් කප්පාදුකර දමමින් පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට කටයුතු කරන්නට උත්සහ දරන්නේ තමන් සංවේදී යැයි කියාගන්නා නායකයින්ය. ඉතින් අපට අහන්නට වෙන්නෙ ඒ සංවේදිකම කොහේද? කියාය.
ඒ කෙසෙ නමුදු නිදහස් අධ්‍යාපනය රැුකගැනීම අප උරමත පැටවුණ සැබෑ වගකීමක් වන්නේය. ඒ වගකීම මුදුන්පත් කිරිමේ චෙතනාවෙන් ඉදිරියට නොනැසී, නොබියව ගමන්කරන ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය කාට කවදා කෙසේ නම් මර්ධනය කළ හැකි ද?
සමස්ථ සරසවි සොයුර සොයුරියනි එන්න එක්වන්න ශිෂ්‍ය ව්‍යාපාරය වෙත, ලබාදෙන්න ඔබේ සවිශක්තිය නිදහස් අධ්‍යාපන මාතාව රැකගැනීමට.
නිදහස් අධ්‍යාපන මෑණියනි ඔබට ජය!
ශාස්ත්‍ර පීඨ බිත්ති පුවත්පතිනි.
ශාස්ත්‍ර පීඨ බිත්ති පුවත්පතිනි.