ශිෂ්‍ය මර්ධනයට එරෙහිව රුහුණ සරසවියේ සිසුන් සටන් අරබයි....


රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් පස් දෙනෙකුට හා ශිෂ්‍යාවකට පැනවු පන්ති තහනම් හරහා නැවත වටයකින් ශිෂ්‍ය මර්ධනය ආරම්භ කර ඇත. මේ වෙනවිට රුහුණ සරසවියේ ඉතා සාමකමීව සිසුන් සිය අධ්‍යයන කටයුතු සිදුකරන එමෙන්ම අනෙකුත් කලා කි‍්‍රඩා කටයුතු ඉතා උනන්දුවෙන් සිදුකරන අතරතුර
උසස් අධ්‍යාපන ඇමැතිවරයා නවක සිසුන්ට නවක වදය ලබා දෙනවා යැයි සඳහන් කරමින් රුහුණ සරසවියේ කටයුතු වලට අනවශ්‍ය ලෙස අත පෙවීමට පටන් ගෙන තිබේන බවත් පසුගිය කාලයේ මෙන් ආචාර්යවරුන්ට හා පරිපාලන නිලධාරීන්ට මෙම තත්ත්වය පිළිබඳව උනන්දුවක් නොමැතිබව සඳහන් කරමින් ඔවුන්ට අපහස කිරීමට පටන් ගෙන ඇති බවත් නොමැති නවක වදයක් මාධ්‍ය හරහා මවා පාමීන් සියලූ සරසවි ප‍්‍රජාව අපහසුතාවයට පත් කරන බවත් ඒ හරහා සිදු කරන්නේ රුහුණ සරසවිය පිළිබඳවත් ජාතික සරසවි පද්ධතිය පිළිබඳවත් අපකීර්තීයක් ජන මනස තුළ නිර්මාණය කිරීම බව එහිදි සිසුන් සඳහන්කර සිටියේය.
මේ තත්ත්වයන් ඇති කිරීම සඳහා පෞද්ගලික ප‍්‍රතිලාභ තකා ආණ්ඩුවට සේවය කරන සිසුන් කිහිප දෙනෙකුගේ සේවය මෙන්ම රක්නා ලංකා හී සේවයද ලබා ගෙන මේ හරහා සරසවි පාලනයට අනිසි බලපෑම් කරන තත්ත්වයක් පෙනෙන්ට ඇති බවත් ඒම නිසා අහිංසක සිසුන්ට දඩුවම් ලබාදීමට කටයුතු කරන බවත් ඒම නිසා ඉටු වන්නේ ආණ්ඩුවේ අධ්‍යාපන පෞද්ගලීකරන උවමනාව බවත් සිසුන් තරයේ කියා සිටියෙය්.
මෙහි දී අදහස් දැක්වු මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයා ප‍්‍රකාශකර සිටියේ සිසුන්ට පනවා ඇති පන්ති තහනම් හරහා ආණ්ඩුවේ කැමැත්ත ඉටුවන බවත් උසස් අධ්‍යාපන ඇමැතිවරයා රුහුණ සරසවියේ නවක වදයක් ඇති බවට කරන චෝදනා එක් අයුරකින් ඔප්පු කිරීමට සමත්වන බවත්ය.ඒම නිසා වහාම කි‍්‍රයාත්මකවන පරිදි මෙම අත්තනොමතික පන්ති තහනම වහාම ඉවත්කරන ලෙස සැල කර සිටියේය.