සරසවි මිලිටරිකරණයට එරෙහිව රුහුණ සරසවි ආචාර්යවරුන්, අන්‍යධයන සේවකයන් හා සිසුන් වීදි බසී..
රට පුරා ක්‍රියාත්මක වන මිලිටරිකරණයේ පියවරක් ලෙස සරසවි අභ්‍යන්තර කාර්යන් ආරක්ෂක අමාත්‍යංශය යටතට ඈදා ගැනීමට ආණ්ඩුව මේ වන විට පිබුරුපත් සකස් කරමින් සිටි.
ඒ අනුව 2011 අධ්‍යන වර්ෂයට සරසවියට ඇතුලත් වීමට නියමිත නවක ශිෂ්‍ය කණ්ඩායම සහ හමුදාව එක්ව 2011/10/22 දින ශ්‍රමදානයක් සරසවි භුමිය තුල සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇත.තවද සරසවි ආරක්ෂක අංශය රක්න ලංකා නැමැති ආරක්ෂක අමාත්‍යංශයට අනුබද්දිත පෞද්ගලික ආරක්ෂක අංශයකට මේවන විටත් ලබාදීමට කටයුතු කර ඇත.මෙම ප්‍රදාන කරන දෙක මුල් කර ගනිමින් අද දින (2011/10/19) රුහුණ විශ්වවිද්‍යාලයේ අචාර්යවරු,අනද්‍යන සේවක මණ්ඩලය සහ සිසුන් එක්ව අති දැවැන්ත උද්ගෝෂණ ව්‍යාපාරයක් සංවිදානය කර තිබුණි.මේ සදහා 2500 කට අසන්න පිරිසක් සහභාගිවිය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින්,
අචාර්ය සංගමය නියෝජනය කරමින් අදහස් දැක්වූ විද්‍යා පිඨයේ ආචාර්ය ජිනසේන හේවගේ ඇදුරුතුමන් පවසා සිටියේ රුපියල් කෝටිගණන් වියදම් කරමින් සරසවියේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමට උත්සහ දරන ආණ්ඩුවේ මෙම ක්‍රියාවලියට කිසිසේත් ඉඩ නොතබන බවත්,මෙම ඒකරාශී වීම මුළු සමාජයටම ලබා දුන් හොද පණිවිඩයක් බවත්ය.
අනද්‍යන සේවක මණ්ඩලය නියෝජනය කරමින් අදහස් දැක්වූ සරත් චන්ද්‍රසිරි මහතා පවසා සිටියේ සරසවි ස්වාධීනත්වයට බලපෑම් එල්ලවන ඕනෑම මොහොතක මෙලෙස ඒකරාශී වී කටයුතු කිරීමට තම සංගමය සුදානම් බවයි.
මහා ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නන්දික ගුණසේකර සහෝදරයා ප්‍රකාශ කර සිටියේ බුද්ධිමය පදනමක සිට මෙම මිලිටරිකරණ වැඩපිළිවෙලට සියලු දෙනා විරුද්ධ වන බවත්, මෙම ක්‍රියාපිළිවෙත හකුලා ගන්නා තුරු සටන අත් නොහරින බවත් ය.
මෙම උද්ගෝෂණය හේතුවෙන් පසුව නවක සිසුන් හා හමුදාව ඒකාබද්දව සිදුකිරීමට නියමිතව තිබු ශ්‍රමදානය නැවත්වීමට කටයුතු කල බව පාලනාධිකාරය විසින් දැනුම් දී තිබුනි.