යාපනයේ සරසවි සිසුන්ට පහරදීමට එරෙහිව රුහුණ සරසවි සිසුන් උද්ඝෝෂණයක....


යාපනය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයා මෙන්ම ශාස්ත‍්‍ර පීඨයේ කවිරාජ සහෝදරයාට එල්ලකළ මැර ප‍්‍රහාරවලින් ගම්‍ය වන්නා වූ යාපන ප‍්‍රදේශයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ වු ප‍්‍රශ්නාර්ථය සමාජය යලිත් බුද්ධිමත්ව විමර්ශනය කළ යුතු කාලයක් උදාවී ඇත. යාපනය සරසවි සිසුවන්ට එල්ල කරන ලද පහරදීම සම්බන්ධයෙන් උද්ඝෝෂණය කළ සිසුන් පවසා සිටියේ එසේය.
ඒ රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් යාපනයේ සරසවි සිසුන්ට එල්ලකරන මරු පහාර නවත්වන ලෙසත් සරසවි සහෝදරයන් දෙදෙනාට පහරදුන් මැරයන් අත්අඩංගුවට ගෙන නිතීය කි‍්‍රයාත්මකකර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන ලෙස බල කරමින් සංවිධානය කළ උද්ඝෝෂණයේ දීය.
අති විශාල ආරක්‍ෂක අංශ සාමාජිකයන් සංඛ්‍යාවක් රාජකාරි කරන යාපන ප‍්‍රදේශයේ මෙවැනි ගැටුම් ඇති වීම සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශයන් ඇති දුර්වලතාවය පෙන්නුම් කරන්නක් වන බවත් රටේ බහුතරයක් ක්ෂේත‍්‍රවල අසාර්ථක වු වර්ථමාන ආණ්ඩුව ශිෂ්‍ය මර්ධනය කිරීමට මෙවැනි තත්ත්වයන් යොදාගන්නා බවත් මෙහිිදි සිසුන් පෙන්වා දුන්නේය.
දිගින් දිගටම වන මෙවැනි මර්ධනයන් ඉදිරියේ ශිෂ්‍ය ව්‍යාපාරය දණ නොගසන බවත් කිසිදු බේදයකින් තොරව යාපනයේ සරසවි සිසුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බවත් සටන් කරන බවත් ඔවුන් එහිදි ප‍්‍රකාශකර සිටියේය.