නිකන් දෙන ලැප් ටොප්...
2011 අධ්‍යයන වර්ෂයට අදාලව සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලැබූ නවක සිසුන් 20,274 සඳහා ම නොමිලේ ලැප් ටොප් පරිගණකය බැඟින් ලබාදෙන බවට පම්පෝරි ගැසූ අමාත්‍යවරයා පසුව එය ගෙවීමේ පදනමකට හෝ රැකියාවකට යොමු වීමෙන් පසු ගෙවීමේ එකඟතාවය මත ලබා දෙන බවට පැවසුයේ කලින් කි සියලූ දෑ අමතක කරමිනි.
පසුව පරිගණක සැපයුම්කරුවන් සමඟ සාකච්ජා කල බවත්,අඩු මිලට පරිගණක ලබා දීමට හැකි බවත් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ද උජාරුවෙන් පැවසුහ.ඒ අනුව වෙළඳපොල වටිනාකම රුපියල් 120,000 ක් පමණ වන ලැප් ටොප් පරිගණකයක් රුපියල් 71,490ට ද, වෙළඳපොල වටිනාකම රුපියල් 90,000 ක් පමණ වන ලැප් ටොප් පරිගණකයක් රුපියල් 59,490 කට ද ලබාදීමට සැපයුම්කරුවන් එකඟ වී ඇති බව දිනමිණ පුවත්පතේද පහත පරිදි පළකර තිබුණි.
මෙම ලැප් ටොප් පරිගණකය ලබා ගැනීමට කැමති සිසුන්ගෙන් තොරතුරු පත්‍රිකාවක් ද සම්පුර්ණ කර ලබා ගැනීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විටත් කටයුතු කර හමාරය.
රුපියල් 71,490 ට ලබා දීමට නියමිත HP Pavilion G6 ලැප් ටොප් පරිගණකය.
Intel®
Core™ i5 2.0 GHZ 2MB cache
2GB
DDR3 Ram
320
GB SATA Hard Disk Drive
DVD±R/RW
34.6
cm (14.1") Display
රුපියල් 59,490 ට ලබා දීමට නියමිත Core 2 Duo ලැප් ටොප් පරිගණකය.
Core
2 duo 2.0 ghz,
2 GB Ddr2 Ram,
320 GB SATA HDD,
DVD RW
320 GB SATA HDD,
DVD RW
34.6 cm (14.1") Display
S.B. ඇමතිතුමා පවසන ආකාරයට මෙම පරිගණක දෙක වෙළඳපොල වටිනාකම රුපියල් 120,000 ක් සහ 90,000 ක් වන්නේනම් නැත.HP Pavilion G6 ලැප් ටොප් පරිගණකය වටිනාකම රුපියල් 67,000 ක් පමණ වන අතර,Core
2 Duo වර්ගයේ පරිගණකයක් 55,000 ක් වැනි මුදලකට පහසුවෙන් ලබා ගත හැකිය.තව ද බැංකු කිහිපයක් මෙම ණය මුදල 12% අවම පොලියකට ලබා දීමට කැමැත්ත පල කල ඇති අතර, එය සහන දායී ගෙවීමක් දැයි ප්‍රශ්නයක් මතුවේ.ඒ මන්දයත් මෙම ගෙවීම් ක්‍රමයට HP
Pavilion G6 ලැප් ටොප් පරිගණකයක් ලබා ගන්නා ශිෂ්‍යයෙකුට එම ණය මුදල වසර දෙකක් තුල ගෙවා නිම කල යුතුය.
71490 × 112% = 80,068.80
71490 × 112% = 80,068.80
80,068.80
– 71,490 = 8,578.80
80,068.80 / 24 = 3,336.20
ඒ අනුව පොලියද සමඟ මසකට රුපියල් 3,336.20 ක් බැඟින් වසර දෙකක් ගෙවීම් කල යුතුය.
එසේත් නොමැතිනම් රැකියාවක් කරන අතරතුර මෙම ණය මුදල ගෙවීමට නම් වසර 4 ක් සහ මස 6 ක කාලයක් තුල ගෙවා නිම කල යුතුය.එම සහන කාලය තුල පොලියක් ලෙස මසකට රුපියල් 764 ක් ගෙවිය යුතු අතර කාලය අවසන් වූ පසු රුපියල් 71,490 ණය මුදල ගෙවිය යුතු වේ.
764
× 12 × 4.5 = 41,256
71,490
112,746
එනම්, පොලියද සමඟ රුපියල් 112,746 ක් අවසාන වන විට ගෙවීම් කිරීමට සිදුවේ.
මෙවන් සහනදායි පදනමකට ලැප් ටොප් ලබා ගැනිමට කවර පුද්ගලයෙකුට නම් අවශ්‍ය වන්නේද?..